මොනරාගලින් මතු වූ පුංචි නුවරඑළිය

 

ශ්‍රී ලංකාව යනු අතිශය සුන්දර ස්ථාන බහුලව පිහිටි පුංචි රටක් ඒ වගේම රට හැම තැනම හැංගිච්ච ලස්සන ප්‍රදේශ පවතී. අද මාතෘකාවත් ඒ වගේම ගොඩක් දෙනෙක් ගේ ඇස නොගැටුනු සුන්දර ප්‍රදේශයක් ගැනයි. මොනරාගල පිහිටි පුංචි නුවරඑළිය නමින් මරගල කන්ද වේ. මෙය මොනරගල දිස්ත්‍රික්කයේ පවතින උසම කන්ද වන අතර මෙහි දිග 10km පමන වේ. ඒ වගේම මොනරගල වැනි වියළි කාලගුණයක් සහිත ප්‍රදේශයක මෙවැනිම වූ පුංචි නුවරඑළියක් තිබිය හැකිද?

මෙය සියඹලාණ්ඩුව මඩුල්ල ප්‍රාදේශීය කොට්ඨාස ආවරණය වන ලෙස පිහිටා ඇති හුදෙකලා කදු පන්තියකි. ඒ වගේම ලැක්සීස් , මොනරකැලේ , අලියා වත්ත හා ජී ලෝන් (G Lone) නමැති උප කදු වලින් සමන්විත වේ. මෙහි වඩාත් කතාබහට සංචාරක අකාර්ෂණයට ලක් වන්නේ ජී ලෝන් උප කදු වැටියයි. ඉංග්‍රීසි පාලන සමයේ මෙය ජී ලෝන් ලෙස නම් කර ඇති අතර වර්තමාය වන විටත් ඒ නම භාවිත වේ. මොනරාගල නගරයේ ඔරලෝසු කනුවෙන් දකුණට දිවෙන මාර්ගය ඔස්සේ ගමන් කරන අයෙකුට ජී ලෝන් වතු යායට දිවෙන මාර්ගය හමු වන අතර මෙය වර්තමානයේ දී ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වේ. එම පටු පාර හරහා වතු යායක් ඔස්සේ කදු මුදුනට ගමන් කල හැකි අතර එම මාර්ගය අතරින් පතර ලයින් හෙවත් කම්කරු නිවාස දක්නට ලැබේ. එම මාර්ගයේ 8km ගිය පසු කදු මුදුනට ළඟාවන අතර එම කදු මුදුනට ලගා වන අයෙකුට ඌවේ සුන්දම දසුන් දැක බලා ගත හැක.එකල ඉංග්‍රීසීන් තැනූ ජී ලෝන් සහ කුමාරවත්ත බංගලා යන බංගලා දෙකම මෙම කදු මුදුනට ආසන්නව පිහිටා ඇත. මොනරගල මරගල කන්ද පාමුල පවතින්නේ මොනරගල දිස්ත්‍රික්කයට පවතින වියළි කාලගුණයක් වුව ද මෙහි කදු මුදුනට නුවරඑළියට සමාන සිසිලසක් වගේම එවැනි පරිසරයකට අයත් ශාක විශේෂ දැකගත හැක. නුවරඑළියේ වැවෙන එළවළු, මල්, පලතුරු සමහරක් වර්තමානයේ මේ කුමාරවත්ත ප්‍රදේශයේ ඉතා සරු සාරව වැවෙනවා. ඒ අතර කානේශන්, රාබු, බීට්, ගෝවා, වැනි උඩරට එළවළුත් හොදින්ම වැවෙන අතර බුරුත, දඹ, ගොරක, ගල් සියඹලා වැන් විශාල ගස් වනාන්තරය පුරා ඇත. වනාන්තරයේ සුන්දරත්වය වැඩි කරමින් පයින් ගස් ද වනාන්තරය පුරාම දක්නට ලැබෙන අතර මෙහි ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිතිව ඇති අතර ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හා වන රක්ෂණ දෙපාර්තමේන්තුවට අනෙක් සමහරක් ඉඩම් අයිති වේ .

මොනරාගල සාමාන්‍ය වර්ෂාපතනය 600mm – 2000mm අතර වුවත් ජී ලෝන් උප කදු වැටිය පිහිටා ඇති මරගල කන්දට 2500mm ඉක්ම වූ වර්ෂාපතනක් ලැබේ. මොනරගල නගරයේ සියලුම ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කෙරෙන්නේ මෙම කදු වැටියේ ජල උල්පත් වලින් වේ. හුලංදා, හැඩ ඔය, මරගල ඔය යන ජල මාර්ග මරගල කන්දෙන් ආරම්භ වේ. මෙමගින් පවුල් 50000 කට අධික ප්‍රමාණයක් මෙමගින් පානීය ජල අවශ්‍යතාවය සපුරා ගනී. නිම්න, සානු, ද්‍රෝනී, බෑවුම්, තැනිතලා මේ සියල්ලෙන් පිරුණු මෙම කදු වැටියේ මුදුන ඉහත සදහන් කල අකාරයට ඌවේ සුන්දරම ස්ථාන නැරඹිය හැක. මෙහි සුවිශේෂත්වය වන්නේ මෙම කදු මුදුනේ සිට බලන අයෙකුට එක් පසෙකින් මධ්‍යම කදුකරයත් අනෙක් පසෙන් නැගෙනහිර මුහුදු තීරයත්, සියඹලාණ්ඩුව පෙදෙසින් ගෝවින්ද හෙළ කන්දත් එකවරම දර්ශනය වීමයි.මරගල කදු මුදුන අවට කර තිබෙන අධ්‍යයනයෙන් ආවේණික හූනන් විශේෂ 2ක්, ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ 66 ක් වාර්තා වී තිබෙනවා. මෙහි ආවේණික සතුන්ගෙන් සත්ත්ව විශේෂ 3 ක් දැඩි තර්ජනයටත්, 18 ක් සාමන්‍ය තර්ජනයටත්, වදවීමට ලක් වී ඇති සත්ත්ව විශේෂ ගණන 23 ක් වේ. මරගල දිය මාර්ග වල දන්කොළ පෙතියා, ගල් පාඩියා, තොට පෙතියා, මස් පෙතියා, මගුරා වැනි මත්ස්‍ය විශේෂයන් සහ ආවේණික පක්ෂීන් අතර වළි කුකුළා, හබන් කුකුළා, ලේ පිට මහකෑරලා, ශ්‍රී ලංකා කොට්ටෝරුවා සහ ශ්‍රී ලංකා කහ මුහුණත් කොට්ටෝරුවා වැනි සත්ත්ව විශේෂ රැසක් දැක ගත හැකි වේ. ඒ වගේම මෙම වනාන්තරයේ සිටින ආවේණික ක්ෂීරපායින් විදිහට රිලවා, රණ හෝතබුවා, ශ්‍රී ලංකා මී මින්නා යං සත්ත්වයින් ද නිරීක්ෂණය කල හැක.

ජී ලෝන් උප කදු වැටිය පිහිටි මරගල කදු වැටිය ඈත ඉතිහාසයක් පවතින කදු වැටියක් වන අතර පොළොන්නරු යුගයේ සුගලා දේවිය පිහිටවාගත් රෝහණයේ උදුම්බර රාජධානිය පිහිටලා තිබුනේ මරගල කදු පන්තිය පාමුලයි. අදටත් උදුම්බර නටඹුන් ගල්බැද්ද ප්‍රදේශයේ දී අපිට දැක ගත හැක. මේ නටඹුන් අතරින් අලංකාර පොකුණක් මේ වන විටත් සංරක්ෂණය කර තිබෙන අතර ගොඩනැගිලි සමූහයක නටඹුන් විශාල ප්‍රමාණයක් කැළයෙන් යට වී පවතින බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. අනුරාධපුර යුගය දක්වා දිවයන ඉතිහාසයක් සහිත මයුරගිරි ලෙන් විහාරය පිහිටලා තිබෙන්නෙත් මරගල කදු බෑවුමේ වේ.කොයිතරම් වටිනා කදු පන්තියක් වුවද මිනිසුන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් නිසා මේ වන විට මම මරගල කදු පන්තිය ආශ්‍රිත ජී ලෝන් කදු පන්තිය විනාශ වෙන්නට පටන් ගෙන ඇත. අනවසර කැළෑ එළි පෙහෙළි කිරීම්, ගිනි තැබීම් ඒ අතර වේ. සෑම වසරකම මෙම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙහි ජීවත් වන සත්ත්ව විශේෂ හා ජලාශ විනාශයට පත් වෙමින් පවති. එබැවින් මොනරාගල වැනි වියළි දේශගුණයක පවතින් අතිශය සුන්දරත්වයක් හොඹවන මරගල කදු වැටිය සංචාරක අකාර්ෂණයට යොදා අනාගතයට ඉතිරිකිරීම අප සතු වගකීමකි. මෙම පරිසරය රැකීමට අපිත් දායක වෙමු.

Written By:

 

 

 

 

Rtr. Nadeera Senani
(General Member 2023-24)

Spread the love
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
D.M.Hiththishi kunkuma

Wow 😍