වාර්ෂිකව සැප්තැම්බර් මාසයේ 20 වැනිදා ලෝක පිරිසිදු කිරීමේ දිනය ලොව පුරා සමරනු ලබයි. අපද්‍රව්‍ය නිසා වන පරිසර දූෂණය පාලනය කිරීම සහ පාරිසරික තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. 2008 දී Let’s Do It පදනම විසින් දියත් කරන ලද මෙම මුලපිරීම ලොව පුරා මිලියන ගණනක් ස්වේච්ඡා සේවකයන් බලමුලු ගන්වමින් රටවල් 180 කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇත. වසර ගණනාවක් පුරා මීට සමගාමීව බොහෝ ජාතික ප්‍රජාවන් ගෝලීය වශයෙන් පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් සිදු කරමින් සිටී. ලෝක පිරිසිදු කිරීමේ දිනය ඔවුන්ගේ ජයග්‍රහණ පිළිබිඹු කරයි. තිරසාර අපද්‍රව්‍ය හා සම්පත් කළමනාකරණයක් සංරක්ෂණය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා අප බෙදාහදා ගන්නා සාමූහික වගකීම සිහිගැන්වීමක් ලෙස මෙම පිරිසිදු කිරීම් කටයුතු කරයි. මෙම දිනයේ දී, වීදි, උද්‍යාන, ගංගා, වෙරළ සහ වෙනත් පොදු ස්ථානවල කුණු පිරිසිදු කිරීමට ප්‍රජාවන් එකට එකතු වේ. ලෝක පිරිසිදු කිරීමේ දිනය පරිසර දූෂණය පිළිබඳ දැවෙන ප්‍රශ්නයට පමණක් නොව කසළ කළමනාකරණය සහ පාරිසරික වගකීම පිළිබඳව දැනුවත් කිරීම ද සිදු කරන අතරම එකමුතුකම සහ පොදු අරමුණ පිළිබඳ හැඟීමක් ඇති කිරීමත්, පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට මිනිසුන්ව පෙළඹවීමත් මෙහිදී සිදු කරයි. ලෝක පිරිසිදු කිරීමේ දිනය ලොව පුරා පරිසරය සහ ප්‍රජාවන් යන දෙකටම කල්පවත්නා ධනාත්මක බලපෑම් ඇති කරමින්, ගෝලීය වෙනසක් ඇති කිරීමට බිම් මට්ටමේ ව්‍යාපාරවලට හැකි ආකාරය පිළිබඳ ප්‍රබල දැනුම්දීම් සිදුකරනු ලබයි. එසේම මෙම ගෝලීය ප්රයත්නය ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමේ වැදගත්කම ඉස්මතු කරන අතර සැමට තිරසාර අනාගතයක් ගොඩනැගීමට දායක වේ.
Written By:
Rtr. Sandamalie Nawarathna
(Blog Team Member 2024-25)
Edited By:
Rtr. Thisara Kuruppuarachchi
(Blog Team Member 2024-25)