පසළොස්වක පොහොය වප් පොහොය

 

වර්ෂයක් තුළ යෙදී ඇති පසළොස්වක පොහොය දොළොස අතරින් දස වැනි පසළොස්වක පොහොය වප් පොහොය ලෙස හැඳින්වේ. බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ උදෙසා වදාළ වස් විසීම ඇරඹෙන්නේ අද දිනයේය. වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ අද දිනයයි. පෙර වස්විසූ උපසපන් භික්ෂූන් වහන්සේලා වස්පවාරණ විනය කර්මය සිදු කරන්නේ අද දිනයේය. බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්ය රාජයාට අභිධර්මය දේශනා කිරීමට තව්තිසා දිව්යන ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස්කාලය ගත කොට නැවත දඹදිව සංකස් පුරයට වැඩම කර යමා මහ පෙළහර පාමින් වැඩ සිටීම අද වැනි වප්පුර පසළොස්වක පොහෝ දිනයක සිදුවියමෙලෙස ශාසණික වශයෙන් අතිශය වැදගත් සිදු වීම් රැසක් අද දිනට යෙදී ඇත. අගසව් සැරියුත් හිමියන් ප්රඥාලාභි භික්ෂූන් අතර අග්රස්ථානය ලැබීම, කල්ප ලක්ෂයකින් මතු බුදු වීමට සිටින මෛත්රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම සිදු වූයේ අද වන් වප් පුර පසළොස්වක් පොහෝ දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සඟමිත් තෙරණිය ප්රමුඛ භික්ෂුණී සංඝයාත්, ජය ශ්රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිඳු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑ තිස් රජුගේ සංදේශය හා තුටු පඬුරු රැගත් අරිට්ඨ කුමරු ප්රධාන රාජකීය දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක චක්රවර්තීන් හමුවට පිටත් කර යැවීම, මහා අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංගායනා කිරීම වැනි ඉතා වැදගත් සිදුවීම් රැසක්ද අද වන් දිනක සිදුව ඇති බව සාශනික ඉතිහාසයේ සඳහන් වේ. අද දිනයේලෝකවාසී බෞද්ධයන් මෙම සාශනික වැදගත්කම මෙනෙහි කරමින් ආමිස  සහ ප්රතිපත්ති පූජාවල නිරත වේ.

Written By: –

 

 

 

 

Rtr. Rusiru Dhananjaya
(Blog Team Member 2024-25)

Editted By:

 

 

 

 

Rtr. Umesh Eranda Pannilavithana
(Junior Blog Member 2024-25)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments