“සීසීකඩ විසිරුණු සිතුවිලි
දිය බුබුලේ නලියන පෙණකැටි වාගේ…”
මේ පද පේළි දෙක අපි ඕනේ තරම් අහලා ඇති, අපිට ඕනේ තරම් ඇහිලා ඇති. අදටත් කාගෙත් හිත් අතරේ තියෙන ගීතයක් මේක. “අපි කවුරුද” කියන මේ ගීතය ගායනා කරන්නේ ලංකාවේ acoustic සංගීත කණ්ඩායම් අතර උඩින්ම ඉන්න වායෝ සංගීත කණ්ඩායම. හැමෝම ඒක දන්නේ ඒ විදියට. හැබැයි ඒක වැරදියි කියලා මම කීවොත් ඔබ පිළිගන්නවද? ඒ වගේ හිතට වදින විදියට සින්දු ලියලා ඒ සින්දුවම කියන්න හැම මනුස්සයටම බෑ. එහෙම කරපු කෙනෙක් තමා සේනක බටගොඩ කියන්නේ. මේ සින්දුව වායෝට දෙන්නේ ඔහු. වායෝ කණ්ඩායමට කලින් මේ ගීතයේ සැබෑම හිමිකරු තමයි සේනක බටගොඩ. සමහර අයට මේ නම ටිකක් හුරුපුරුදු නැතිවෙන්නත් පුලුවන්. මොකද වැඩිය පේන්න එළියට ආවේ නැති වුනාට ඇතුළේ ඉඳන් වැඩ පෙන්නපු සංගීත ක්ෂේත්රයේ පතාක යෝධයෙක් සේනක බටගොඩ. ඒ විදියට ඔහුව හැදින්වුවොත් මන් හිතන්නේ මන් හරි. 1958 ජූනි 25 දින සීදුවේදී උපත ලැබූ සේනක බටගොඩ සංගීත ක්ෂේත්රයට මුලින්ම පය තබන්නේ 1994 දී තමන්ගේ මුල්ම ගීතය නිකුත්කරමින්. 2010 මැද භාගයේදී “Pace” නමින් තමන්ගෙම සංගීත කණ්ඩායමක් හදාගන්න ඔහුට හැකි වෙනවා. ගායකයෙක්, පද රචකයෙක්, සංගීත නිර්මාපකයෙක්, ගිටාර් වාදන ශිල්පියෙක් වැනි සියලු ගෞරව නාම වැඩි කලක් යන්නට මත්තෙන් ඔහු ඔහුගේ නම ඉස්සරහින් ලියාගන්නට සමත් වෙනවා. Rock , Pop rock , Soft rock , folk වැනි ශානර වලින් තමන්ගේ සංගීත දිවිය හැඩවැඩ කරගන්නට සමත්කම් කියූ ඔහූ එම ශානරයෙන් සුවහසක් වූ ලාංකීය සංගීත ප්‍රේක්ෂකයාව පිනවන්නට ඇපකැප වී වැඩ කළේය. ඒ කොයිතරම්ද යැයි කීවහොත් පසුගිය වසර ගණන තුළ ඔහුට නොයෙක් ගෘහස්ත සහ එළිමහන් සංගීත ප්‍රසංග වලට ඇරයුම් ලැබීමයි. ඒ ඔහු ඔහුගේ ජීවිතයේ සැදෑ සමය ගත කරන වයසේදී වීමත් විශේෂයි. සේනක බටගොඩ යනු තමන්ටත් වඩා තමන්ගේ ප්‍රේක්ෂකයන්ව පිනවන්න තම උපරිමය ලබාදුන් ගායකයෙකි.එය ඔහු වටා සිටින ප්රේක්ෂකයන්ගෙන් විමසුවහොත් ඔබට සනාත කරගන්න හැකියි. ක්ලැරන්ස් විජේවර්ධනගෙන් පසුව ශ්‍රීලංකාව තුළ පෙරදිග සංගීතය (western music) වෙනම තලයකට රැගෙන යන්න ඔහුට හැකි වෙනවා වගේම “සිහින විමන්”, “සැනසෙන්නම් මා”, “ජවයෙන් පිරි”, “හීන වලට පණක් තියෙනවා”, “නිදි නැති රැය”, “තනිවූ සිහිනේ”, “අපි සැනසිල්ලේ” වැනි ගීත ඔහුගේ සංගීත දිවිය තුළ වඩාත් ප්‍රසිද්ධයට පත් වූ ගීතයි. ඔහුගේ සමීපතමයන් පවසන්නේ ප්‍රසිද්ධයට පත් නොවූ එහෙත් මෙවැනිම නිර්මාණ බොහෝ ප්‍රමාණයක් තව තිබෙන බවයි. කෙසේ වුවත් සේනක බටගොඩ යනු ලාංකීය සංගීත ක්ෂේත්රයට ඉතා විශාල මිල කළ නොහැකි සේවයක් ඉටු කළ නිර්මාණ ශිල්පියෙකි. ඒ බව ඔහු ඔහුගේ නිර්මාණ තුළින් දැනටමත් සනාත කර හමාරය. ඔහුගේ හීන වලට පණක් වැනි ගීත තුළ 100% ක පිරිසිදු අභිප්‍රේරණයකින් යුක්තව අපි සැමටම කියාදෙන දේ සැබැවින්ම අතිමහත් ය. මිනිස් ජීවිතයට බලපාන සියුම් දේ පවා රැගෙන එයට කා වදින ලෙස නිර්මාණය කර තිබීම ඔහුගේ ගීත වල තිබෙන සුවිශේෂි ලක්ෂණයක් වාගේම ඒ සෑම ගී පදයක්ම පාසා කනට ප්‍රිය කරයි. සංගීත ක්ෂේත්රය තුළ රුපියල් කාසි වලට සෑමදේම සිදුකරන වර්තමාන කාලයේ එයට පමණක් සීමා නොවී තම ප්‍රේක්ෂකයන්ට උපරිම වින්දනය ලබාදීම ඔහුගේ හිතේ කිඳා බැස තිබූ එකම බලාපොරොත්තුව බව කිව යුතුය. සැබැවින්ම සේනක බටගොඩ යනු සංගීතයට විශිෂ්ඨයෙකි. අවාසනාවකට එම ක්ෂේත්රයට ඔහුව අහිමි වූවා. ඒ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි. නමුත් ඔහුගේ නාමය ලාංකික ප්‍රේක්ෂකයා තුළ සදා වැජඹෙන බව නම් නොඅනුමානය.
“සෑම දෙයම නිම විය හැක නිමේෂයක
එහෙම වුනෝතින් මොනව හිතන්නද
සිහින විමන් වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම… “
සැම දෙනාටම තේරුම් ගත නොහැකි එහෙත් එදා සිටම එතුමා දැන සිටි ජීවිතයේ සත්‍යය මෙයයි.
Written By: –
Rtr. Kavindu Jayawadena
(Junior Blog Team Member 2024-25)
Edited By: –
Rtr. Pamodi Hewawasam
(Senior Blog Team Member 2024-25)