ඇත්තටම අපි කවුද ?

ඔයා, ඔයා ගැන ගවේෂණය කරන්න කැමතිද ආ එහෙනම් අන්තිමට අපි කවුද කියන එකත් ඔයා දැන ගනීවි. ඇත්තටම අද මම කතා කරන මාතෘකාව ගත්තම ඒක ටිකක් වෙනස් නන්නාදුනන එකක් වෙන්න පුළුවන් මොකද මේක ලියන මමවත් මම කවුද කියලවත් සමහර වෙලාවට ඔයාවත් ඔයා කවුද කියලවත් දන්නේ නැතුව ඇතියි. ලෝකය කාලයත් එක්ක හරි වේගයෙන් වෙනස් වෙනවා. ඉතින් ඔයාට මීට අවුරුදු ගාණකට කලින් හිටපු ඔයාට වඩා දැන් ඉන්න ඔයා තුළින් ලොකු වෙනස්වීමක් දකින්න පුළුවන් ඇතියි. අන්න ඒ දකින වෙනස්වීම කාලයට අනුරූපීව කාලයත් එක්ක හොද ධනාත්මක දිශාවකට අරන් ගියොත් ඒ වෙනස්වීම ඔයාගෙ ජීවිතය තුළ විශාල සන්ධිස්ථානයක් වෙන්න පුළුවන්.හරි හරි ඔයා කණ්ණාඩිය ඉදිරියට ගිහින් බලන්නේ ඔයාගෙ ඒ වෙනස්වීම ගැනද හැබැයි ඒකෙන් පේන්නේ ඔයාගෙ කායික වෙනස්වීම විතරයි කාලයත් එක්ක අපි මානසිකවත් වෙනස් වෙනවා. සමහර වෙලාවට ඔයාට පොඩි පරිණත look එකකුත් ඇවිත් ඇතියි. පරිණභාවය ඇතිවන්නේ අත්දැකීම්, දැනුමින් ආදියෙන් මුහුකුරා ගියාම නේ. ඉතින් ගොඩක් අය කියන්නේ ඒක ඇතිවන්නේ වයසට ගියහම කියලා. ඒත් ඇත්තටම ඕනෙම තරාතිරමක කෙනෙක්ට තමන්ටම ආවේණික වුණ පරිණත තත්ත්වයක් ගොඩනගා ගන්න පුළුවන්.හරි අපි ආයෙමත් අපේ topic එකට ආවොත් ඇත්තටම මිනිස් සිත් ගැන තෙවන ඇසකින් දකින්න පුළුවන් කලාවක් නේ මනෝවිද්‍යාව කියන්නේ. ඇත්තටම අපි කවුද කියන එක සොයාගෙන යන ගමන රැදිලා තියෙන්නේ අපේ මනස තුළ නිසා අපේ මාතෘකාව මනෝවිද්‍යාව පැත්තට නෑකම් නැතුවාම නොවේ. 

ඉතින් ඇත්තටම මටවත් තවම මම ගැන නිර්වචනයක් දෙන්න අමාරුයි. සමහර වෙලාවට ඔයාටත් ඔයා නොදකින දක්ශතාවයන් හැකියාවන් ඇතියි. අනෙක් අතට ඔයා දන්නේ නැති දුර්වලතා, නරක ගතිගුණ එහෙමත් ඇතියි. පුද්ගලිකව මටත් යම් යම් අවස්ථා වලදි මං ගැනම යම් සතුටක් ඒ වගේම මං ගැනම කලකිරීම් ඇති වෙලා තියෙනවා.නාවිකයෙක් හරියට තමන්ගෙ ගමන් දිශාව හදුනාගෙන සිය ගමනාන්තය වෙනුවෙන් ගැඹුරු මහ මුහුද තරණය කරනවානම්, ඇත්තටම අපිටත් අපි කවුද යන්න දේ සොයාගත් පසුව ඕනෑම දෙයක් ජයගන්න පුළුවන්. අපි අනෙක් අය ගැන දක්වන උනන්දුව අපි ගැන දක්වන්නේ නැති එකයි මෙතන තියෙන මූලිකම ගැටලුව. මෙච්චර කාලයක් ඔයාට ඔයාව මගහැරුණා. ඉතින් අන්න ඒ මගහැරුණු ඔයා වෙනුවෙන් ඔයා ඔයාව ගවේෂණය කරන්න. ඔබ විසින් ඔබ වෙනුවෙන් සිදු කරන ලද ගවේෂණයේ ප්‍රතිඵල මත අවසානයට අපි කවුද යන වග මුළු ලෝකයක් තීරණය කරාවි.

Written By: –

 

 

 

 

Rtr. Janali Uthpala
(Junior Blog Team Member 2024-25)

Editted By:

 

 

 

 

Rtr. Umesh Eranda Pannilavithana
(Junior Blog Member 2024-25)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments