ජාත්‍යන්තර මානව හිමිකම් දිනය.

රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිලිගැනෙන සදාචාරත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් යනුවෙන් හැදින්විය හැකිය. සරලවම, මිනිසාට මිනිසෙකු ලෙස ජීවත්වීමය ඇති අයිතියයි.
මිනිසාගේ මානව අයිතිවාසිකම් රැක් ගැනීමෙහිලා අන්තර්ජාතික වශයෙන් ඊට ගෞරවයක් දැක්වීමට, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් 1948 වර්ෂයේදී ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන ලදි. එහිදී ජගත් මානව හිමිකම් දිනය ලෙස දෙසැම්බර් මස 10 දින යොදන ලදි. ඒ “සර්වජනීන මානව හිමිකම් ප්‍රකාශය” ප්‍රකාශයට පත් කිරීමෙනි.සර්වජනීන මානව හිමිකම් ප්‍රකාශයේ මූලික කරුණු:
1. ජීවිතයට අයිතිය: සෑම පුද්ගලයෙකුටම ජීවිතය සුරකින්නාක් ලෙස ආරක්ෂාවක් හිමිවිය යුතුය.
2. නිදහස සහ සමානතාව: සෑම පුද්ගලයෙකුටම වෙනස් නොවූවෙකු ලෙස සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුය.
3. ලේඛන හැරීමේ හා මත ප්‍රකාශන නිදහස: සැමටම තමන්ගේ අදහස් නිදහසේ පල කිරීමේ අයිතියක් තිබේ.
4. අධ්‍යාපනයේ අයිතිය: සියලු දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමේ අයිතියක් ඇත.
මානව හිමිකම් පිලිබදව කතා කිරීමේදී, ඒ හා සම්බන්ද අතීතය ද විමසා බැලීම වැදගත් වේ. මූලිකවම මානව හිමිකම් වලට පදනම සැකසෙනුයේ ජීවිතයට අයිතිය, නිදහස, සහ අවම ආරක්ෂාව මගිනි. මේවායින් තොර සමාජයක විසීම සිතන්නටවත් නොහැකිය. 1945 දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ලෝකයේ සිටින සියලුම ජනයාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ජාතීන්ගේ කැපවීමක තහවුරුවීමක් මතු විය. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව මානව අයිතිවාසිකම් බිහිවීමට ඒ වන විටත් ඇතැම් ජාතික රාජ්‍යයන් විසින් තමන්ගේ නිදහස හෝ මුලික අයිතිවාසිකම් නිදහස ලෙස පිළිගත් එම සිද්ධාන්තය එම රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතතුලත් කිරීම මෙන්ම, මානුෂික අයිතිවාසිකම් නීතිය ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සංවිධාන හා කලාපීය සංවිධාන වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැක්වු උනන්දුව එක එල්ලේම බලපාන ලදි.
මානව අයිතින් විශ්ව ප්‍රකාශනය බැදීමෙන් යුත් නෛතික සම්මුතියක් නොවේ. රාජ්‍ය විසින් එය ස්ථිර කලයුතු නැත. ඒ අණුව එහි සදහන් වන්නේ සමජයේ සෑම පුද්ගලයකු හා සෑම සංවිධානයක්ම විසින් නිරතුරුවම මෙම ප්‍රකාශනය සිහියේ තබාගෙන ඉගැන්විම සහ අධ්‍යපනය මගින් මෙය අයිතීන්වලට සහ නිදහසට ගරුකරනු ලැබීමත් දේශීය වශයෙන් හා ජාත්‍යන්තරව ගන්නා ක්‍රමික පියවර මගින් සාමාජික රටවල මෙන්ම ඔවුන්ගේ අධිකරණ බලය සහිතව දේශයන්හි ජනතාව අතර විශ්විය වශයෙන් ඒවා ඵලදායිව පිළිගැනීම හා තහවුරු කිරිමක් අරමුණුකොට සියලු ජනතාව හා ජාතීන් විසින් සාක්ෂාත් කරගතයුතු පොදු ප්‍රමිතියකි. මෙහි ප්‍රධානම අරමුණ වන්නේ, සෑම පුද්ගලයෙකුටම ආරක්ශාව හා අයිතිවාකිම රැක ගැණීමට අව්ශ්‍ය මූලික පියවර ගැනීමයි.2024 වසරේ මානව හිමිකම් දිනයේ විශේෂ කටයුතු
2024 වසරේ තේමාව “සමාන අයිතිවාසිකම්: ආරක්ෂිත ලෝකයක් උදෙසා” යනුවෙන් සකස් කර ඇත. ලෝකය පුරා කටයුතු අන්තර්ගතව:
1. මානව හිමිකම් කර්මාන්ත ශාලා (Workshops): විවිධ වයස් කාණ්ඩ සඳහා මානව හිමිකම් පිළිබඳ අධ්‍යාපනික වැඩමුළු.
2. මානව හිමිකම් පිළිබඳ සංවාද: විශේෂඥයින් සහ මහජන සාකච්ඡා මගින් මානව හිමිකම් පිළිබඳ ගැටලු ආලෝකනය කිරීම.
3. ගුප්ත සමාජයන්ගෙන් උපදෙස් ලබාගැනීම: උද්ඝෝෂණ හෝ වෙනත් නිහතමානී ක්‍රියාකාරකම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට උපකාරක වේ.ලෝකයේ අනාගතය සෞභාග්‍යශීලී කර ගැනීම සඳහා සෑම පුද්ගලයෙකුම සිය අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතු බව නව පරපුරට අවබෝධයක් ලබා දීමත් සමග මාගෙ අවසාන සිතුවිල්ල වනුයේ, සෑම මිනිසෙකුම අයිතිවාසිකම් පිළිබඳ සත්‍ය හා සාධාරණ මතකයක් තබාගැනීමත්, මෙම දිනය ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ තහවුරු කිරීමේ අවස්ථාවක් බව අවබෝධ කරගැනීමත් ය.

Written By: –

 

 

 

 

Rtr. Sawandi Thisarani
(Junior Blog Team Member 2024-25)

Edited By: –

 

 

 

 

Rtr. Naduni Premathilaka
(Senior Blog Team Member 2024-25)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments