ආලයේ මාසය, ප්‍රේමණීයම පෙබරවාරියට මතක සමග මගේ දැනුන ආදරය….
නව වසරක් උදා වෙලා පෙබරවාරිය ඇසෙත්ම බොහෝ දෙනාගෙ මතකයට නිදහස
පැමිණියද තුරුනු යෞවන හිත් තුළ සුවිශේෂීව සටහන් වනුයේ වැලන්ටයින් දිනයයි.මෙසේ දිනයක් වෙන්වන්නට හේතු වුණ කාරණය බොහෝ තැන් වලදී අසා දැක
තිබෙන හෙයින් එය නැවත සිහි කිරීමක් සිදුනොකරමි. පෙබරවාරිය යෞවනයට
තරුණ්‍යට සුවිශේෂී වන අතර සෑම සියළු දෙනාටම යම් කිසි හෝ විශේෂත්වයක්
පවති.ආදරය ප්‍රේමය මේ කිනම් වචනයකින් හෝ මනුස්ස වර්ගයා සතු හැගීම්
සමුදායක් එළියට ගනී. සරලව ආදරය සහ ප්‍රේමය නිර්වචනය කරමින් එකිනෙකට
වෙනස් වූ හැගීම් දෙකක මුසුවක් මෙහි තබන්නට මම උත්සහ ගන්නම්."ආදරය" වචනය කුඩා අවදියේ සිටම මුවග මිමිණෙන වචනයක්. මේ ලෝකෙ
පැවැත්ම පවතින්නේ ද ඒ මත බව හගවන්න මම කැමතියි. ඒ පිළිබද යම් තරමකට
හෝ හිතුවොත් අවබෝධයක් ලබාගත හැක යන්න මම විශ්වාස කරමි.දෙමාපියන්ට
ගුරුවරුන්ට සහෝදර සහෝදරියන්ට නෑදෑයන්ට අඩු වැඩි වශයෙන් ආදරය කරනවා
සම්බන්ධතා ගොඩනගා ගන්නවා. මේ සියල්ල තුළ යම් යම් ජීවන කාලපරිච්ඡේද ගත
කිරීමක් සිදුකරමින් අපි සියල්ලෝම ජීවිත ඉදිරියට ගමන් කරනවා. ඔය අතරතුර
යෞවනයට පිවිසීම සමඟ එක්තරා අවස්ථාවක ප්‍රේමය කියන හැඟීම ජීවිතයට සමීප
වෙනවා. එතැන් සිට ඉදිරියට ප්‍රේමය තුළ යම් යම් කාරණා සමග ජීවිතයේ සැඳෑ
සමය තෙක් ගමන් කරනවා. පෙබරවාරිය ප්‍රේමණිය මාසය තුළ වැඩි වශයෙන් කතා
බහ කරනුයේ ඉහත කියූ යෞවනයේ ප්‍රේමණීය හැගීමයි. ඒ යෞවනයන් එයට
ප්‍රමුඛත්වය ලබා දෙන නිසාවෙනි. ආදරය කිරීම නමැති හැඟීම දැනෙන්නට පටන් ගත්
කාලයේ දී වැලන්ටයිනය අමුතු මැජික් එකක් වුවත්, කල් යත්ම ආදරය පරිණත වීමත්
සමඟ, එය ආදරය කිරීමට ලැබෙන තවත් එක දවසක් පමණක් වේ. අමුතුවෙන්
එදිනටම මල් කලඹක්, ආදරනීය තෑගි ගෙන එන්නට තරම් අමුතු දෙයක් සැබෑ
ආදරවන්තයන්ට සිදු කිරීමට අවැසි නැත.
මේ හැගීමට මූලාරම්භය සපයනුයේ ආදරය සෙනෙහස හා බැදුනු රැකවරණයයි.
ඉතින් මං මුලින් පැවසු පරිදී මෙම අවස්ථාවේදී එකිනෙක වෙනස් හැගීම් වුණු ආදරය
සහ ප්‍රේමය එකිනෙකට සහසම්බන්ධ වේ. ආදරය සෙනෙහස රැකවරණය සමග
රාගය මුසුව ගොඩනැගෙන ප්‍රේමණීය හැගීම සුබවාදී මානයකින් දකින කල ඒ තුළ
පවතිනුයේ සැබෑම මිහිරක්ය,සතුටක්ය, ප්‍රේමණීය දරාගැනීමක්ය. ඉතින් ඔබටත් සැබෑ
ආදරයක හැඟීම ලැබෙන වැලන්ටයිනයක් හමු වේවි!
Written By: –
Rtr. Sawandi Thisarani
(Junior Blog Team Member 2024-25)
Edited By:
Rtr. Thisara Kuruppuarachchi
(Senior Blog Team Member 2024-25)