අමතක කරන්නම්

ඔයාටත් ආදර කතාවක් තියෙනවද? ගොඩක් අයට ආදර කතා තියෙනවා. සමහර කතා අවුරුදු ගණන් දිගයි. තවත් සමහර කතා පටන් අරන් විතරයි. මේ ආදර කතා අතර ඇත්තම ආදර කතා තියෙන්නේ අතලොස්සයි. එහෙම හදවතේ ආදරයක් නැතුව වෙන වෙන හේතු එක්ක ඇදිලා යන ආදර කතා ගැන කතා කිරීම ඇත්ත ආදර කතා වලට කරන අපහාසයක්.

මේ ඇත්ත ආදර කතා ඉවර වෙන්නේ නැත්තෙ නෑ. සමහර වෙලාවට ගොඩක් නරක විදිහට අවසන් වෙනවා. එක පාර්ශවයකට මේ ඇත්ත ආදර කතාවකට නරක අවසානයක් ගෙනත් දෙන්න පුළුවන්. වෙනස් වෙන හිත් තියෙන  මිනිසුන්ට ඇඟිල්ල දික් කරලා වැරදි කාරයෙක් කරන එක සාධාරණ නෑ. ඒත් මිනිස්සු දැන ගන්න ඕනෙ මේ ලෝකේ ජීවත් වන හැම  මනුස්සයෙකුට ම වටිනාකමක් දෙන්න. තමන්ට ප්‍රතිපත්තියක් තියන් ජීවත් වෙන්න. එහෙම නැති මිනිස්සු ආදරයට වටිනාකමක් නොදී වංචා කිරීම නවත්තන්න කාටවත්ම බෑ.

ආදරේ කියලා මුමුණන හැම වෙලාවකම මට මතක් වෙන්නේ ඔයාව.ඔයාගේ ලස්සන හිනාව, අඩු කතාව එක්ක දිලිසෙන ඇස්. ඒත් දැන් ඔයාට බැඳිලා ආව දුර හොඳට ම වැඩියි. දැන් නවතින කාලය කියලා මට දැනෙනවා. මං කැමතියි ඔයාට ඔයාගේ පාඩුවේ ඉන්න දෙන්න. මං ආයේ ඔයා දිහා බලන් ඉන්න එකක්  නෑ. කරදරයක් වෙවී ඔයත් එක්ක කතා කරන්න උත්සාහ කරන්නෙත් නෑ. අපේ අපේ ගමන් වෙන වෙනම යමු. කොහොමත් ඔයාටත් ඕනෙ එහෙම වෙන්න කියලා මම දන්නවා.

මං ඇත්තම ආදරය ගැන විග්‍රහ කරන්න ගිහින් ඇත්තටම කලේ ඔයාව අතෑරලා දාන එක කියලා ඔයා කියන්න පුළුවන්. ඒත් මං මාව අඳුරනවා. මං මිනිස්සුන්ට ගරු කරනවා කියලා මං දන්නවා. ඒක නිසායි මං ඔයාව දැන්ම අමතක කරන්නෙත්. ඔයාට දැන් පුලුවන් තව කෙනෙකුට ඔයා ළඟට එන්න ඉඩ දෙන්න. දැනටමත් එහෙම කෙනෙක් ඉන්න වද කියලා මං දන්නේ නෑ. හිටියත් මට කමක් නෑ. මං ඔයාව හිතෙන් අත ඇරලා ඉවරයි.

ඒත් හිතින් බැඳුණ ආදරයක් අමතක කරන්න පුළුවන් කියල හිතන වද? ඒක කරන්න අමාරු දෙයක්. ජීවිත කාලයට ම මතකයන්  මතක් වෙවී තියෙන එක නවත්තන්න කාටවත්ම බෑ. ඒ මතක දරා ගෙන ජීවත් වෙන්න විතරයි මිනිස්සුන්ට පුළුවන්. එහෙනම් නුඹව අමතක කිරීම බොරුවක් ද? මං මට වංචා කරනවාද? මං දන්නෙ නෑ.

 

Written By: –

 

 

 

 

Rtr. Hirushi Rajapaksha
(Senior Blog Team Member 2025-26)

Editted By:

 

 

 

 

Rtr. Sawandi Thisarani
(Senior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top