ආදරය කියන්නෙ හරි අහඹු දෙයක්. අපි නොහිතන වෙලාවක කෙනෙක්ගෙ ආදරයක් අපිට ලැබෙන්නත් පුලුවන්, තව කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්නත් පුලුවන්.
ඒත් ඇත්ත ආදරය හරිම බලවත්.
අනිත් කෙනාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, කරුණාවන්ත වෙන එකම ආදරයක්. ඒ තමන්ගෙ පෙම්වතා/ පෙම්වතිය විතරක් නෙවෙයි තමන්ගෙ හොඳම යහලුවෙක්/ යෙහෙලියක් වෙන්නත් පුලුවන්.
ඇත්ත ආදරයට ඇත්තටම හේතු ඕනෙද? නැහැ.

හේතුවක් ඇතුව ඇති වෙන හැම දෙයක්ම ඒ හේතුවත් එක්ක නැති වෙලා යනවා. ඉතින් ඇත්ත ආදරයට ඇත්තටම හේතු ඕනෙ නැහැ.
ආදරය සමහර විට වේදනාකාරී වෙන්නේ අන්න ඒ නිසයි. ආදරය කියන්නෙ කෙනෙක්ව අයිතිකරගන්න විදියේ දේශපාලනික හැගීමක් නෙවෙයි. ඇත්තටම ආදරය කරන කෙනාව හැම කෙනෙක්ටම හිමි නොවෙන්නත් පුලුවන්. ඒත්, අනිත් කෙනාගේ සතුටට ඉඩ දෙන්න පුලුවන් නම්, ඒක තමයි ඇත්තම ආදරය කියන්නෙ.
ඇත්ත ආදරය කියන්නෙ කිසිම හේතුවක් නැතුව, අනිත් කෙනාව තේරුම්, අරගෙන දරාගන්න පුලුවන් විදියේ ලස්සන හැඟීමක්.
අයිති උනොත්, තමන්ට තමන් වෙන්න පුළුවන් හරියට ගෙදරක් වගේ තැනක්.
ඉතින් ඔයාටත් ඒ වගේ ආදරයක් හම්බවුනොත් පරිස්සමෙන් බලාගන්න…!
Written By: –

Rtr. Chamodya Anushani
(Junior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

