ඔයා දන්නවද?
මේ ලෝකෙ ජිවත් වෙන එකිනෙකා ආදරය කරන විදිහ එකිනෙකාට වෙනස් කියලා
ඒක හරියට , එක මනුෂයෙක් තව මනුෂයෙක්ට වඩා වෙනස් වගේ
ආදරයේදී හොයලා බලන එක එක් කෙනෙකුට Overprotective වදයක් සැකයක් වගේ පෙනුනට , තව කෙනෙකුට ඒක මහා ආදරණීය ක්රියාවක් කියලා
ආදරණීය වචනවලින් කතා කරද්දී බොළඳයි කියලා හිතුනට , තව කෙනෙකුට හරිම ලස්සන ආදරණීය ආමන්ත්රණයක් කියලා
මේ වගේ කොච්චර දේවල් තියනවද ඉතින් ආදරේදි අපිට නොගැළපෙනවා වගේ පෙනුනට, ඒ ඒ අයට ගැළපෙන ඔයාට ඇහිලා තියෙනවද?

ආදරය කරන්නේ ඔහොමද, අපි නම් ඔහොම හැසිරෙන්නෙ නෑ , තාම ඉතින් මුල් කාලෙ නිසානෙ ඔහොම , වගේ කතා
ඉතින් හරියට ආදරය කරන්න පරිණත වෙන්නම ඕනද?
ඇයි… පරිණත අයට ආදරය කරන්න බැරිද?
ආදරය , මෙහෙමයි කියන්න නිර්වචනයක් නැති , ඕනම කෙනෙකුට තමන්ට දැනෙන හැගෙන විදිහට විදින්න පුළුවන් හරිම ලස්සන හැඟීමක්
ඉතින් අපිට බැරිද , අපේ විදිහ ගැළපෙන කෙනෙක්ට අපේ විදිහට ආදරය කරන්න
නමුත් …. අනිත් අයගෙ ආදරය විවෙචනය නොකර , ඒ ආදරයට නිර්වචන නොදී…
ඉතින් ළමයෝ… මුළු ලෝකෙටම ඔයාව Red Flag වගේ පෙනුනට මට ඔයා Green Forest එකක් වෙන්නම බැරි නැ නේද?

Written By: –

Dimali Bhagya
(Junior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Chamodi Sathsarani
(Senior Blog Team Member 2025-26)

