විශ්ව විද්‍යාලයට ඇවිත් ඉන්න අපි අවුරුදු විස්සකට වඩා අපේ ජීවිතයෙන් ගෙවලා තියෙනවා. අපි ගොඩක් දේවල් කරල තියෙනවා කියලා සමහර වෙලාවට හිතුනට අවුරුදු 20ක ළමයෙක් කියන්නේ සම්පූර්ණයෙන්ම ජීවිතය වෙනස් කරන්න පුළුවන් අත්දැකීම් වලට තාම මුහුණ දීපු නැති කෙනෙක්. මාත් තාම ඒ හොඳ නරක විවිධාකාරයේ අත්දැකීම් වලට මුහුණ දීලා නැති නිසා ජීවිතය කියන්නේ මොකක්ද කියලා ඇත්තටම තේරුම් අරන් නෑ. ඉතින් අපි ජීවිතය කියන්නේ කුමක් ද, ජීවිතය වඩා සාර්ථක කරගන්නේ කෙසේ ද කියා දැන ගන්නේ කොහොමද ?
කිසිම දශකයක නො තිබුණු විදිහට තාක්ෂණය දියුණු වෙලා රටවල් සීමාවක් නැතුව මිනිසුන්ගේ අදහස්, එදිනෙදා සිදුවීම් සහ ආකල්ප සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන යුගයකට අපි ඇවිත් තියෙනවා. ඔයා ජීවිතය හොයන කෙනෙක් නම් ජීවිතේ කියන්නේ මොකක්ද අපි කොහොමද ජීවිතේ සාර්ථක කරගන්න කියලා දැන ගන්න වක්‍රාකාරයෙන් හෝ සමාජ මාධ්‍ය භාවිතා කරනවා ඇති. ඒත් ප්‍රසිද්ධිය, මුදල් වැනි තාවකාලික ප්රතිලාභ හඹා යන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් සෑම විට ම සත්‍ය හෙළි කරමින් අදහස් බෙදා ගන්නවා විය හැකි ද, විවිධාකාරයේ තොරතුර බෙදා හරින්නන්ගේ මූලික අරමුණ සත්‍ය තොරතුරු සමාජගත කිරීම විය හැකි ද, බුද්ධිමත් තරුණයින් විදිහට අපි ඒ ගැන සිතිය යුතුයි.

ජංගම දුරකථනයෙන් ජීවිතය ඉගෙන ගැනීම විශ්වාසදායක මාධ්‍යයක් නොවේ නම් අපි කොහොමද ජීවිතය කියන්නේ මොකක්ද කියලා ඇත්තටම දැන ගන්නේ? එහෙම හිතන විට ඉක්මනින් මතකයට එන දෙයක් තමයි පොත්පත් කියන්නේ. පොත්පත්වල ඇති කරුණු සමාජ මාධ්‍යයේ දක්නට ලැබෙන ක්ෂණික තොරතුරු සමඟ සැසදීමේදී වඩා විශ්වාසදායී බවක් හා ලේඛකයකුගේ සිතීමේ ක්‍රියාවලියට භාජනය වී, බොහෝ නිවැරදි කිරීම්වලට පසු එළිදක්වන කරුණු ලෙස සැලකිය හැකියි. එබැවින් අපි ජීවිතේ ඉගෙනීමට පොත් කියවිය යුතු ද? පොත් කියවන්න යනු වැඩිහිටියන් දරුවන් හොඳ දරුවන් කිරීමට යෝග්‍ය යැයි සම්මත වූ එක් ක්රමයකි. ඔබට ඔබේ ප්‍රාථමික අවධියට යා හැකි නම්, පොත් කියවීම හොඳ පුරුද්දක් ලෙස දෙමාපියන් සහ ගුරුවරුන් ඔබට ඉගැන්වූ අයුරු මතකයට නැගෙනු ඇත.
ඒ හා සමානව අපිට ජීවිතය ඉගෙනීමට ඇති තවත් සම්මත වූ ක්‍රියාවක් ලෙස වැඩිහිටියන් ඇසුරු කිරීම දැක්විය හැක. අපට වඩා වයසින් වැඩි බොහෝ අත්දැකීම ඒකරාශී කර ගත් ඔවුන් සතු ව අවුරුදු විස්සක් ජීවත් වූ අපට වඩා පුළුල් ලෙස දැකීමට හැකියාවක් ඇත. වැඩිහිටියන්ට පමණක් සීමා නොවී මිනිසුන් ආශ්‍රය කිරීම කොහොමත් අපේ අත්දැකීම් අපි නො ලත් අත්දැකීම් පවා අපිට දැන ගැනීමට ලැබීමෙන් පුළුල් බවට පත් කරයි. එසේම මෝඩයින් ද වයසට යන බව පවසන පිරුළ මතකයේ තබා ගැනීම වරදක් නොවේ.
කුමන ආකාරයෙන් තම මනසට අදහස් ලබා ගත්තත් ජීවිතයට බලපාන තීරණ ගැනීමේ දී තමා විවිධාකාරයෙන් ලබා ගත් තොරතුරු සහ දැනුම සිතීමේ ක්‍රියාවලියකට භාජනය කර තීරණ ගත යුතුයි. එක් තීරණයක්, එක් ක්‍රියාවක්, එක් වචනයක් ජීවිතය දැන් තිබෙන තත්ත්වයෙන් හොඳටත් නරකටත් ඕනෑ අතකට පෙරළිය හැකියි. වැදගත් වන්නේ අප අසන හෝ දකින දෙය නොව, අපේ ඒ ගැන සිතන ආකාරයයි. ඉන් පසුව ප්‍රතිචාර දක්වන ආකාරයයි.

Written By: –

Rtr. Hirushi Rajapaksha
(Senior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Sawandi Thisarani
(Senior Blog Team Member 2025-26)

