ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය

වර්තමානයේ ශීඝ්‍ර තාක්ෂණික දියුණුව නිසා ලෝකය හුදෙක් භෞතික සීමාවලින් ඉවත් වී එකම විශ්ව ගම්මානයක් බවට පත්වී තිබේ. සන්නිවේදන උපකරණ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග මෙලෙස ලෝකය ඩිජිටල් පරිවර්තනයකට ලක් වී ඇති බව පෙනේ. 

මොකක්ද මේ ඩිජිටල් පරිවර්තනය?(Digital Transformation) අපේ එදිනෙදා කටයුතු ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් නවීකරණය කිරීම යි. එය සන්නිවේදන උපකරණ, අන්තර්ජාලය, මෘදුකාංග හා දත්ත පද්ධති භාවිතයෙන් සේවා හා ක්‍රියාවලින් කාර්යක්ෂම කිරීමක් ලෙස හැඳින්විය හැකිය. ඩිජිටල් පරිවර්තනය ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික සහ මූල්‍ය හා ව්‍යාපාරික ආදි වශයෙන් සෑම ක්ෂේත්‍රයකම කැපී පෙනෙන වෙනසක් ඇතිවීමට ප්‍රබල බලපෑමක් ඇති කර තිබේ.

1990 දශකය ආරම්භයේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හරහා ඩිජිටල්කරණය ශ්‍රී ලංකාවට මුල්වරට සම්බන්ධ විය. එහිදී ඩිජිටල්කරණය සීමිත ලෙස පැවතියද රජයේ ආයතන, බැංකු සහ විශාල පෞද්ගලික ආයතන තුළ දත්ත සකස් කිරීම, ලේඛන කළමනාකරණය සහ ගිණුම් පද්ධති පරිගණකගත කිරීම සඳහා පරිගණක තාක්ෂණය භාවිතා විය.

1995 පමණ වන විට අන්තර්ජාල සේවාවන් හඳුන්වා දීමෙන්, මෙරට ඩිජිටල් පරිවර්තනයට නව මාවතක් විවර විය. මුල් කාලයේදී උසස් අධ්‍යාපන ආයතන , පර්යේෂණ ආයතන සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්  අන්තර්ජාලය භාවිතා කළ අතර, පසුව එය ව්‍යාපාරික හා අධ්‍යාපනික ක්ෂේත්‍රවල ව්‍යාප්ත විය.

2000 දශකය ආරම්භයේදී රජය විසින් E-Sri lanka වැනි ජාතික වැඩසටහන් ආරම්භ කිරීමත් සමඟ ඩිජිටල්කරණය වඩාත් සංවිධානත්මක විය. මෙම් වැඩසටහන් මඟින් E-Government සේවා, ICT අධ්‍යාපනය සහ තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය සිදුවන ලදි. එහි ප්‍රතිපලයක් ලෙස රාජ්‍ය සේවාවන් සහ පෞද්ගලික අංශය තුළ ඩිජිටල් පරිවර්තනය ක්‍රමයෙන් වර්ධනය විය.

මෙම පරිවර්තන හරහා මෙරටට විශාල ප්‍රගතියක්  ලැබී ඇත. සේවාවන්හි කාර්‍යක්ෂමතාවය හා නිරවද්‍ය බව ඉහල යාම, තොරතුරු සපයා ගැනීම පහසු වීම, නව රැකියා අවස්ථා සහ ව්‍යාපාරික  නවෝත්පාදන බිහි වීම, ගෝලීය වෙළඳප්ළට සම්බන්ධ විය හැකි වීම ඒ හරහා අත් වූ වාසි දායක තත්වයන් වේ.

එහෙත් ඩිජිටල් පරිවර්තනය හරහා ඇති වූ අවධානම්ද තිබේ. සෑම පුද්ගලයෙකුටම සමාන තාක්ෂණික පහසුකම් හා පරිගණක සාක්ෂරතාවය නොමැති වීම (ඩිජිටල් විෂමතාවය), Cyber Security අවදානම්, ස්වයංක්‍රීයකරණය තුලින් රැකියා අහිමි වීමේ අවදානම් සහ ඩිජිටල් ඇබ්බැහිබාවය තුලින් ඇතිවන සමාජ හා මානසික ගැටලු එම ගැටලුකාරී තත්වයන් ලෙස දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් බව පැහැදිලි වේ.  එහි ප්‍රගතීන් හා අවදානම් පිලිබඳ සැලකිලිමත් වෙමින් ඩිජිටල් පරිවර්තනයේ නිසි ප්‍රයෝජන ලැබීමට මිනිසුන් වශයෙන් අප බුද්ධිමත් විය යුතු ය. නිසි අයුරින් නීති රීති සහ ආරක්ෂණ ක්‍රම පිලිබඳ ජනතාව දැනුවත් කිරීම තුලින් ඩිජිටල් පරිවර්තනය හරහා විශාල ප්‍රගතියක් අත් කර ගත හැකි වේ.

 

Written By: –

 

 

 

 

Rtr. Chamodya Anushani
(Junior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top