කම්පා නොවන් මහමායා….

“කුවේණියේ මා, කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා, රූබරියේ මම
ආලේ සොයා එනවා….”

මේ පද පේළි දෙක අපි ඕනේ තරම් අහලා ඇති. අපිට ඕනේ තරම් ඇහිලා ඇති. අදටත් කාගෙත් හිත් අතරේ තියෙන ගීතයක් මේක. සමහර අයට චන්ද්‍රසේන තලංගම කියන නම ටිකක් හුරුපුරුදු නැතිවෙන්නත් පුලුවන්. මොකද වැඩිය පේන්න එළියට ආවේ නැති වුනාට ඇතුළේ ඉඳන් වැඩ පෙන්නපු සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයෙක් විදියටයි හැමෝම ඔහු හැඳිනගන්නේ. 1944 දී තලංගමදී උපත ලැබූ චන්ද්‍රසේන තලංගම වෘ‍ර්තීය දිවියට මුලින්ම පය තබන්නේ 1980 දශකයේ ජනමාධ්‍යවේදීයෙක් ලෙසටයි.

නමුත් හැමෝම ඔහුව දැන හැඳිනගත්තේ ගේය පද රචකයෙක් ලෙසටයි. ඔහුගේ ඒ පද තුළින් සංගීතය වෙනම තලයකට රැගෙන යන්න ඔහුට හැකි වෙනවා වගේම කුවේණි,නාඩගම් ගීය,සංසාරයේ මා,රාධාවණී වැනි ගීත ඔහුගේ තෙලිතුඩින් ලියවුණු ප්‍රේක්ෂකයන් තුළ වඩාත් ප්‍රසිද්ධයට පත් වූ ගීතයි. ඔහුගේ සමීපතමයන් පවසන්නේ ප්‍රසිද්ධයට පත් නොවූ මෙවැනිම නිර්මාණ බොහෝ ප්‍රමාණයක් ඔහු සතුව පැවති බවයි.

කෙසේ වුවත් චන්ද්‍රසේන තලංගම යනු ලාංකීය සංගීත ක්ෂේත්‍රයට ඉතා විශාල මිල කළ නොහැකි සේවයක් ඉටු කළ නිර්මාණ ශිල්පියෙකි. ඒ බව ඔහු ඔහුගේ නිර්මාණ තුළින් දැනටමත් සනාත කර හමාරය. මිනිස් හදවතට බලපාන සියුම් දේ පවා රැගෙන එයට කා වදින ලෙස තම වචන හැසිරවීමට ඔහු තුළ තිබුණ ඒ දක්ෂතාවය මිල කළ නොහැකි එකකි. ඒ සෑම ගී පදයක්ම පාසා කනට ප්‍රිය කරයි. සංගීත ක්ෂේත්‍රය තුළ රුපියල් කාසි වලට සෑමදේම සිදුකරන වර්තමාන කාලයේ එයට පමණක් සීමා නොවී තම ප්‍රේක්ෂකයන්ට උපරිම වින්දනය ලබාදීම ඔහුගේ හිතේ කිඳා බැස තිබූ එකම බලාපොරොත්තුව බව කිව යුතුය. සංගීත ක්ෂේත්‍රයේ නොමැකන නාමයක් ඉතිරි කළ චන්ද්‍රසේන තලංගම විශිෂ්ඨයාණෙනි ඔබට සදා සුව මොක්සුව පතනෙමු…! සාමයේ සැතපේවා…

Written By: –

 

 

 

 

Rtr. Kavindu Jayawardhana
(Senior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top