21 වන සියවසේ ජීවත් වන අපි මේ පසු කරමින් සිටින්නේ තොරතුරු, තාක්ෂණය සමඟ වේගයෙන් වෙනස් වන සමාජයකි. ලෝකයේ සාර්ථකව ජීවත් වීමට හැකි වන්නේ ශාරීරික ශක්තියට වඩා බුද්ධිමය හැකියාවන්ගෙන් බව මේ කාලය අපට ඔප්පු කරමින් පවතී. ඒ හැකියාවන් අතරින් අත්‍යවශ්‍යම හැකියාවක් වන්නේ සාක්ෂරතාවයයි. සාක්ෂරතාවය යනු අකුරු කියවීමට, ලිවීමට පමණක් නොව, ලෝකය තේරුම් ගැනීමට, තොරතුරු විශ්ලේෂණය කිරීමට සහ නිවැරදි තීරණ ගැනීමට මඟපෙන්වන හැකියාවකි. එය පුද්ගලයෙකුගේ ජීවිතය හැඩ ගන්වන මූලිකම බලවේගයක් ලෙස වර්තමාන ලෝකයේ පිළිගැනීමයි.
අධ්‍යාපනයට පිවිසෙන ප්‍රධානම දොරටුව සාක්ෂරතාවයයි යැයි මා කිවහොත් මා සිතන්නේ මා නිවැරදියි. කියවීමටත් ලිවීමටත් හැකි පුද්ගලයෙකුට දැනුම සොයාගැනීමට, නව අදහස් ඉගෙනගැනීමට සහ තම හැකියාවන් වර්ධනය කරගැනීමට ද මෙමඟින් හැකියාව ලැබේ. පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනයටත්, එතනින් පසු වෘත්තීය පුහුණුවටත්, රැකියාවටත් යාමට පුද්ගලයෙකුට මඟ පෙන්වන්නේ මෙම සාක්ෂර හැකියාවයි.

අද දින ලෝකය ඩිජිටල් යුගයකට පත් වී ඇති අතර අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් පද්ධති ජීවිතයේ අත්‍යවශ්‍ය මෙවලම් වී ඇත. එවැනි පරිසරයක ඩිජිටල් සාක්ෂරතාවයත් අත්‍යවශ්‍ය අංගයක් වී හමාරය. නිවැරදි තොරතුරු හඳුනාගැනීම, වැරදි තොරතුරු වලට නොරැවටීම සහ තාක්ෂණය වගකීමෙන් භාවිතා කිරීම සාක්ෂර පුද්ගලයෙකුට පමණක් කළ හැකි කාර්යයන් වේ.
එමෙන්ම සාක්ෂරතාවය ආර්ථික දියුණුවටත් දැඩි බලපෑමක් සිදුකරයි. සාක්ෂර පුද්ගලයෙකුට රැකියා අවස්ථා ලැබීමේ හැකියාව වැඩි වන අතර, ඔහුට හෝ ඇයට ගිවිසුම්, නීති, ආර්ථික සැලසුම් සහ ව්‍යාපාරික අවස්ථා තේරුම් ගැනීමට හැකිවේ. මෙය පුද්ගලයාගේ ආදායම වැඩි කිරීමටත්, දුප්පත්භාවය අඩු කිරීමටත් සෘජුව මෙන්ම වක්රාකාරවත් උපකාරී වේ.එමෙන්ම සමාජීය වශයෙන්ද සාක්ෂර පුද්ගලයෙකුට තම අයිතිවාසිකම් හඳුනාගැනීමට, වගකීම් තේරුම් ගැනීමට සහ සමාජයේ සක්‍රීය පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමට සාක්ෂරතාවය මඟෙපෙන්වයි.එමඟින් සාධාරණ, සාමකාමී සහ දියුණු සමාජයක් ගොඩනැගෙයි.
වර්තමාන ලෝකයේ සාක්ෂරතාවය පුද්ගලයෙකුගේ සාර්ථකත්වයට පමණක් නොව, රටක හා ලෝකයක ප්‍රගතියටත් අත්‍යවශ්‍යම පදනමක් බවට පත් වී ඇති බව මේ අනුව අපට කිව හැකිය. සාක්ෂරතාවයෙන් සවිමත් පුද්ගලයන්ගෙන් යුත් සමාජයක් තුළින් අභියෝග ජයගැනීමට, නව සංකල්ප බිහිකිරීමට සහ අනාගතය ආලෝකවත් කිරීමට හැකිවන අතර සාක්ෂරතාවය දියුණු කිරීම අද ලෝකයේ අත්‍යවශ්‍යම වගකීමක් ලෙස අප සැලකිය යුතු වන්නේද එම නිසාය.

Written By: –

Rtr. Kavindu Jayawardhana
(Senior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Sawandi Thisarani
(Senior Blog Team Member 2025-26)

