අපි තීරණ ගද්දි කොච්චරනම් පටලැවිලි වලට මුහුණ දීලා තියෙනවද, ඒ තීරණ හරියයිද, වරදීද කියලා, ඇත්තටම ඒ පටලැවිලි ඇතිවුනේ මොළයෙන් කල්පනා කරන්න ගිහින්ද නැත්නම් හදවතින් හිතන්න ගිහින්ද ?
ඇත්තටම අපි තීරණ ගන්න ඕනී මොළයෙන්ද? හදවතින්ද?
එය අපි ගන්නා තීරණ සහ එම තීරණ ගන්නා පුද්ගලයාගේ ප්රශ්නය හෝ ජීවිතය මත රදා පවතිනවා. නමුත් සමහර ප්රශ්න වලට මොළයෙන් ගන්නා තීරණවලට වඩා හදවතින් ගන්නා තීරණ තමයි ගැළපෙන්නෙම……මන් ඒකට පුංචි උදාහරණයක් කියන්නම් , ඔයාලා හිතන්නකො පවුල ඇතුලෙ එහෙම නැත්නම් ආදරවන්තයින් අතරෙ රණ්ඩුවක් ඇතිවුනා කියලා…එතකොට මොලයෙන් තීරනයක් ගත්තොත් ඇත්තටම ඒක ගැලපෙන්න පුලුවන්, සුදුසුම තීරණය වෙන්නත් පුලුවන්…..හැබැයි ඒ තීරණේ නිසා අපි ආදරය කරන අනිත් කෙනාගෙ හදවත රිදෙනවද, නැද්ද කියලා මොලයට කල්පනා වෙනවද ? මට හිතෙන විදිහටනම් කොහෙත්ම නැ. හැබැයි මන් වැරදි වෙන්න පුලුවන් මොකද සමහර වෙලාවට ඇත්තටම හදවතින් ගන්න තීරණ නිසා අපි ජීවිතෙ අසරණ වෙන්න පුලුවන් අවස්ථා එමටයි. ඒ වගෙ වෙලාවකදි මොළයෙන් ගන්න තීරණ තමයි හොදම තීරණ කියලා විවාදයක් නැතුවම මාත් පිලිගන්නවා.

ඒ නිසා තීරණයක් ගනිද්දී මොළයෙන් කල්පනා කරලා තීරණ ගන්නාවද නැත්නම් හදවතින් හිතල තීරණ ගන්නවාද කියලා ඇතිවෙන පටලැවිල්ලට හොඳම උත්තරේ තමයි, මොළයෙන් කල්පනා කරන්න ඉස්සෙල්ලාම…..ඊට පස්සෙ තීරණය ගන්න කලින් එකපාරක් නෙමෙයි දෙපාරක් එහෙමත් නැත්නම් දහපාරක් හිතන්න ඒ කෙනාගෙ තැන ඉදලා …..ගත්ත තීරණය අනිත් කෙනාට කොහොම දැනෙවිද කියලා.
හදවතයි මොළයයි අතර තියෙන දුර වියතක් දෙකක් වෙන්න පුලුවන් , හැබැයි අපිට ඇතිවෙන පටලැවිලි නිසා වැරදි තීරණ නිසා හරි දෙය සහ වැරදි දෙය අතර ඇතිවන දුර ගව්ගානක් වෙන්න පුලුවන්. ඒක පහසුවෙන් හරිගස්සන්නනම් කොහෙත්ම හැකියවක් නැ. ඉතින් හොඳට හිතන්න…. හොඳට කල්පනා කරන්න එකම එක තීරණයක් නිසා ඔයාලගෙ ජීවිතෙ ඔයාලා හිතන්නෙ නැති විදිහට වෙනසක් වුනාද කියලා…..ඒක නිසා පසුතැවෙනවද නැත්නම් අදටත් සතුටු වෙනවද කියලා…..පසුතැවෙනවනම් ඒ මොළයෙන් කල්පනා කරපු නිසාද හදවතින් හිතුව නිසාද කියලත් කල්පනා කරලා බලන්න.
Written By: –

Rtr. Shamila Junaid
(Senior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

