කලකට පසු
ඔබෙන් ලද සිනහව ,
සිනහවක් පමණක් නොවීය.
එය වේදනාත්මක බවෙන් හද සලිත කරවනා මතකයක් පමණක් ම විය
සුළං කපා පැමිණෙන
එක් මුහුද රළකට
අපේ හැඟුම් කීවා මතකද,
එ මතකයන් හද සලිත කරවනා මතකයන් පමණක් ම විය
ඔබට දුන් ආදරය
අදත් බහටත් මින් මතුවටත් නොවෙනස් වන බව
දැන හෝ නොදැන ඔබ තීරණය කළ ඔබේ නික්ම යෑමේ ඒ තීරණය
හද සලිත කරවනා මතකයන් පමණක් ම විය
නුඹට මා දුන් ඒ උත්තරීතර සෙනහස
නුඹෙන් පසු තව කෙනෙක් හට ලබා දිය නොහැකිය.
ඔබට කොතරම් කොන්දේසි විරහිතව සෙනහස ලබා දුන්නත්
එය හුදෙක් හද සලිත කරවනා මතකයන් පමණක් ම විය…!

Written By: –

Rtr. Kavindu Jayawardhana
(Senior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Chamodya Anushani
(Junior Blog Team Member 2025-26)

