හොඳම යහළුවෙක් එක්ක පොඩි කයියක් දාන නිදහස් හවස් වරුවකට, ඉර බහින හැන්දෑවක මුහුදු රැල්ල පාගන්න, නිදහස් පරිසරයක ඉදන් ඔහේ සින්දුවක් මුමුණන්න, ජනේලයක් ළඟට වෙලා කැමතිම සින්දුවක් අහන්න, පොද වැස්ස දිහා බලන් කවි ලියන්න ඔයත් කැමතිද.
ඔව් අපි හුඟ දෙනෙක් කැමතියි.
ඇයි අපි මේ පුංචි දේවල් වලට කැමති. කොයි වයස් සීමාවක හිටියත් අපි හැමෝටම එක එක විදියේ වගකීම් තියනවා. දවස පුරාම අරමුණු වෙනුවෙන් මහන්සි වෙනවා. හීන පස්සේ දුවනව.
හීන පස්සෙ දුවන ගමන රසවත් වෙන්න නම් අපිට විවේකයත් අත්‍යවශ්‍යයි. අරමුණු වෙනුවෙන් කැපවෙන ගමන අතරමගදි ඒ ගමන නීරස වෙන්න ඉඩ නොදී සුන්දර මතකයන්ටත් ඉඩක් දෙන්න පුළුවන් වගේම විඩාබර මනස රීචාර්ජ් කරන්න ක්‍රම කිහිපයක් තමයි මම ඔයාලාට කිව්වෙ.

ඔයා Introvert කෙනෙක් නම් මේක ගොඩක් වැදගත් වෙයි. Introvert කෙනෙක් කියන්නෙ ටිකක් ලැජ්ජාශීලී හුදෙකලාවට වැඩිපුර කැමති කෙනෙක්. එහෙම කෙනෙක්ට recharge වෙන්න මම කලින් කියපු ක්‍රම ගොඩක් වැදගත්.
ඉතින් අපි කැමති මෙ වගෙ සුන්දර දේවල් එකිනෙකාට වෙනස් වෙනවා. ඒ පුංචි දේවල් වැදගත් වෙන්නෙ විඩාබර ගතට වගේම මනසට විවේකයක් දෙන්න. සරලව කිව්වොත් තමන්ට විවේකයක් දීලා බැටරි එක charge කරන්න හොඳ ක්‍රමයක්. අපිව හදුනගන්න හොඳ අවස්ථාවක්.
ඉතින් හුගක් වැඩ කරලා මහන්සි දවසක මම කලින් කිව්ව වගේ ඔයා ආස දෙයක් වෙනුවෙන් පුංචි ඉඩක් වෙන් කරන්න බය වෙන්න එපා.
Written By: –

Rtr. Chamodya Anushani
(Junior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Hirushi Ranathunga
(Junior Blog Team Member 2025-26)

