ජීවිතයට පැනයක්

දිනූ කඩඉම්
එකම මඟ හොබවා
සතුටු කඳුලැලි
ඇස් වලින් පැන්නා

ජුනිද, ජූලිද
දින ඔහේ ගෙවිලා
කටොෆ් එක
නත්තලක දුන්නා

මැවූ සරසවි
පෙම් විසුනු කරවා
ඉසෙඩ් එක
හදවතට ඇන්නා

මතක අ⁣ස්සෙන්
හිත නොමර මරවා,
සතිය නැති,
දිවියකට පැනයක් දුන්නා

“ඔයා එයාව අමතක කරාද?”

කොහෙත්ම නෑ..
මාත් කැළණියට
ඇපිල් එකක් දැම්මා..!

විවරණය:-
අපි හමුවුනේ A/L ටියුෂන් පන්තියෙදි, අපි දෙන්නම කරේ Commerce. Commerce කරන හැමෝගෙම වගේම ඇගේත් මගේත් හීනය වුනේ ජපුර. කොහොමහරි අවුරුදු දෙකහමාරක් අවසානෙ අපි දෙන්නම, උසස් පෙළ ඉහලින්ම Pass වෙලා සරසවි කඩඉම ජයග්‍රහණය කරා.

හැබැයි ඒ සතුට වැඩි කාලයක් තිබ්බෙ නෑ, දෙන්නම ජපුර First Choice දාලා කැම්පස් පොත පිරෙව්වත්, දෙසැම්බර් මාසෙ Cuttoff ආවම මට ජපුර ආවත්, එයාට ආවෙ කැලණිය.

ඔව්.. අපි ජපුරෙ විඳින්න බලාපොරොත්තු වුන සරසවි ප්‍රේමයට, Z – Score එකේ දශම ස්ථාන දෙකක් හරස් වුනා.

බලාපොරොත්තු සුන් වුනාම, ආදරේ කරන අය ළඟ නෑ කියල මතක් වෙනකොට, ඕනම මිනිහෙකුට ට්‍රැක පැනලා සිහිය/සතිය නැති වෙනවා. එතකොට බෝට්ටු එයිද? කියලා මතක් වෙන්නෙවත්, බෝට්ටු එනකන් බලන් ඉන්නවත් හිතන්න වෙලාවක් නෑ. ඉතිං එවෙලෙ ගන්න තියෙන එකම තීරණේ සමාජීය දෘෂ්ටි කෝණයෙන් අනුවන තීරණයක් වුනත්, ඒ මනුස්සයා දෙපාරක් නොහිත ක්‍රියාත්මක කරනවා නිරායාසෙන්ම.

මට එයාව අමතක කරන්න බෑ.. ඉතිං ජපුර බල්ලට ගියාවෙ කියලා, මම දැම්මා කැලණියට Appeal එකක්!

(සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන පදවැල් පබඳින ලදි!)

 

Written By: –

 

 

 

 

Heshan Dissanayake
(Faculty of Management and Finance )
(University of Colombo )

Design By: –

 

 

 

 

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top