බක් පුර පසලොස්වක පොහෝ දිනය

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවුනේ අදවන් බක් පුර පසලොස්වක පොහෝ දිනකයි. ඒ උන්වහන්සේගේ බුද්ධත්වයෙන් පසු පස්වන වසරේදියි.  මහාවංශයේ සදහන් වන පරිදි එකල චූලෝධර හා මහෝධර යන නා රජුන් දෙදෙනා අතර මණිපලග නම් වූ මැණික් ඔබ්බවන ලද සිංහාසනයක් ගැන ආරවුලක් සමතයකට පත් කිරීම සදහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට  වැඩම කර ඇත.

පසුව බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ගැටුම සමතයකට පත් කර ඇත. ඉන්පසු නා රජවරුන් විසින් බුදුරජාණන් වහන්සේට මැණික් ඔබ්බවන ලද සිංහාසනය පූජා කලද, උන්වහන්සේ එය ප්‍රතික්ශේප කරන ලදී. පසුව ඔවුන් විසින් එය තැන්පත් කර රාජායතන චෛත්‍ය නාගදීප රජමහා විහාරයේ කරවන ලදී.

එබැවින්, බක් පොහොය, බුදුන් වහන්සේගේ දයානුකම්පිත මැදිහත්වීම, ප්‍රඥාව සහ එකමුතුකම පිළිබඳ උන්වහන්සේගේ ඉගැන්වීම් සහ සංහිඳියාවෙන් යුත් ප්‍රජාවක දීර්ඝකාලීන පැවැත්ම පිළිබඳ සාක්ෂියක් ලෙස පවතී. මෙය අදටත් නාගදීප රජමහා විහාරයේ පූජනීය ශාලා හරහා දෝංකාර දෙමින්, සාමය සහ බුද්ධත්වය පිළිබඳ කාලානුරූපී පණිවිඩය අපට ලබා දේ.

තවද බුදුරජාණන් වහන්සේට කැලණියට වැඩම කරන ලෙස මණිඅක්ඛිත නා රජුන් විසින් ආරාධනා කර ඇත්තේද අද වැනි බක් පොහොය දිනකයි.

එසේම බුද්ධත්වයට පෙර සිදුහත් කුමරුන් උයන් සිරි නරඹමින් සිටින විට, සතර පෙර නිමිති අතරින් මහල්ලෙකු දැක ඇත්තේ ද බක් පොහොය දිනකයි.

එබැවින් මෙම උතුම් පොහොය දිනයේ, වෛරය දුරලා සියලු දෙනාත් සමගම සාමයෙන්, සමගියෙන් කටයුතු කිරීමට වග බලාගමු.

Written By: –

 

 

 

 

Rtr. Oshadi Ekanayake
(Junior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top