ලෝක සෞඛ්‍ය දිනය

1948 දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ආරම්භ කිරීමේ සංවත්සරය සනිටුහන් කරමින්, සෑම වර්ෂයකම අප්‍රේල් මස 7 වෙනි දින ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය 1948 අප්‍රේල් 7 වෙනි දින ආරම්භ කළද පලමු වරට නිල වශයෙන් සෞඛ්‍ය දිනය සමරනු ලැබුවේ 1950 වර්ෂයේදියි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ගෝලීය වැදගත්කමක් ඇති නිශ්චිත, ප්‍රමුඛතා මහජන සෞඛ්‍ය තේමාවක් පිළිබඳව දැනුවත් කිරීමයි.

 මෙවර සෞඛ්‍ය දින තේමාව වන්නේ, “Together for health. Stand with science.” යන්නයි. මෙම තේමාව මගින් ගෝලීය සෞඛ්‍ය අභියෝග විසඳීමේදී විද්‍යාත්මක සහයෝගීතාවය සහ සාක්ෂි මත පදනම් වූ ක්‍රියාමාර්ගවල තීරණාත්මක කාර්යභාරය අවධාරණය කරයි. 2026 සෞඛ්‍ය දිනය සදහා සංවිධානය කරන ලද ව්‍යාපාරය මූලික කරුණු කිහිපයක් කෙරෙහි මූලිකව අවධානය යොමු කරයි. එක් කරුණක් වන්නේ විද්‍යාත්මක මග පෙන්වීම කෙරෙහි මහජන විශ්වාසය නැවත ගොඩනැගීම සහ සෞඛ්‍යය පිලිබදව ඇති වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමයි.

දෙවන කරුණ වඩාත් වැදගත් වන්නේ එයින් මිනිසුන්ගේ පමණක් නොව, සතුන්ගේ, ශාකවල සහ පෘථිවියේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමටද අවධානය යොමුකර ඇති නිසායි. මෙහිදී සත්ව විද්‍යාත්මක රෝග සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය වැනි තර්ජනවලට මුහුණ දීම සඳහා මිනිසුන්ගේ, සතුන්ගේ, ශාකවල සහ පරිසරයේ අන්තර් සම්බන්ධිත සෞඛ්‍යය හඳුනා ගැනීම සිදු කරනවා. මෙය “One Health Approach” ලෙස ඔවුන් නම් කර තිබෙනවා. තවද පර්යේෂණ, ප්‍රායෝගික සෞඛ්‍ය ප්‍රතිපත්ති බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර විද්‍යාත්මක ජාල උපයෝගී කර ගැනීම වැනි බොහෝ කරුණු පිලිබදව අවධානය යොමු කර ඇත.

අන්තර්ජාතික වශයෙන්, ප්‍රංශ G7 සභාපතිත්වය යටතේ ප්‍රංශ රජය විසින් One Health Summit (අප්‍රේල් 7), සහ Inaugural Global Forum of WHO Collaborating Centers (අප්‍රේල් 7–9) විසින් රටවල් 80කට අධික සංඛ්‍යාවක විද්‍යාත්මක ආයතන 800කට ආසන්න ප්‍රමාණයකට පර්යේෂණ සහ මහජන සෞඛ්‍ය පුහුණුවක් සංවිධානය කර ඇත. මීට අමතරව ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ලොව පුරා විවිධ වැඩසටහන් පැවැත්වේ.

1926 වර්ශයේ කළුතර දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ පළමු සෞඛ්‍ය ඒකකයේ ශත සංවත්සරය සමරන බැවින්, 2026 වසර ශ්‍රී ලංකාවටද සන්ධිස්ථානීය වසරකි.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම වගේම වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළිපැදීම සහ අනවශ්‍ය තොරතුරු වලට නොව, විශ්වාසනීය මූලාශ්‍ර වලට පමණක් විශ්වාසය තැබීමද අපගේ වගකීමකි. අවසාන වශයෙන් සෞඛ්‍ය සම්පන්න ලෝකයක් ගොඩනැගීම සදහා අප සියලු දෙනා එක්ව කටයුතු කරමු.

Written By: –

 

 

 

 

Rtr. Oshadi Ekanayake
(Junior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Pasan Jithnuka
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top