සිංහල හා හින්දු විශ්වාසයන්ට සහ තාරකා විද්‍යාව අනුව සූර්යා මීන රාශියේ සිට මේෂ රාශිය වෙත ගමන් කිරීම සිංහල දින දර්ශනයේ නව වසරක ආරම්භය ලෙස සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරනු ලබයි. මෙරට සංස්කෘතික හා ජාතික වශයෙන් ඉතා වැදගත් කමක් උසුලනු ලබන මෙම උත්සවය රට වැසියන් විසින් ඉමහත් උත්සව ශ්‍රීයෙන් සමරනු ලබයි. නව වසර සුභවාදීව ආරම්භ කිරීමේ අරමුණින් බොහෝ දෙනා නිවෙස් පිලිසකර කිරීම, නව ගෘහභාණ්ඩ, ඇඳුම් මිලදී ගැනීම් යනාදිය සිදුකරයි.
නව වසර පිලිගැනීමට නිමිත්තෙන් රසකැවිලි පිලියෙළ කිරීමද සුවිශේෂී කටයුත්තකි. නව වසර පිළිගැනීම සඳහා පෙර සූදානම් වීමෙන් අනතුරුව ජ්‍යොතීෂ්‍ය වේදීන් විසින් සකස් කළ සුබ මුහුර්ත අනුව සියලු දෙනා එක්ව ශුභ කට යුතු වල නියැලීම සිදු වෙයි.
ප්‍රථමයෙන්ම යෙදී තිබෙන්නේ පුණ්‍ය කාලය හෙවත් නොනගතය ආරම්භයයි. බොහෝ විට සිංහල අවුරුදු දිනට පෙර දින හෝ එදින අළුයම මෙම වේලාව යෙදෙයි. කාර්‍යබහුල ජීවිතයට විවේකයක් ලබා දී සියලු කටයුතු අත්හැර ආගමික කටයුතු වල නියැලීමට මෙම කාලය වෙන් කෙරෙයි. සූර්‍යා මේශ රාශියට සංක්‍රමණය සිදු වන කාලය ලෙසද තාරකා විද්‍යාව අනුව හදුන්වා දෙයි.

පසුව අලුත් අවුරුදු උදාව සිදුවෙයි. සිංහල දමිළ ජනයා එකම ශුභ වේලාවකට ලිප් බැඳ ගිනි මොලවා කිරි ඉතිරවීමෙන් සතුට, සෞභාග්‍ය සාමය ප්‍රාර්ථනා කරති. වැඩ ඇල්ලීම, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම යන නැකැත් ඉන් ානතුරුව යෙදෙයි.
මෙලෙස ආරම්භ වූ නව වසර අසල්වැසියන්, නෑදෑ හිත මිතුරන්ට සුබ පැතුම් එක් කිරිමත් තෑගි බෝග හුවමාරු කිරීමත්, ප්‍රිය සාද පැවැත්වීමත් සමඟ තවත් අලංකාර වේ.
සෑම ප්‍රදේශයකම නව වසර පිලිගැනීමට අවුරුදු උත්සව, සංගීත සංදර්ශන පැවැත් වෙයි. සියලු දෙනා සතුටින් සිටින මෙම කාලයේදී නොසැලකිලිමත් බව නිසා අනතුරු, ගැටුම් ද ඇති වන අවස්ථා ද තිබේ. නමුත් විනෝදය සමඟ ආරක්ශාව සලසා ගැනීමට මිනිසුන් සැලකිලිමත් විය යුතුය.
ජන ක්‍රීඩා, සිරිත් විරිත්, අවුරුදු උත්සව සමගින් සෘණාත්මක බවින් මිදී, සුබවාදීව සතුටින්, සාමයෙන්, සමගියෙන් යුතු ආරම්භයක පණිවිඩය නව වසර උදාවත් සමග අපට කියා දේ..
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!…..

Written By: –

Rtr. Chamodya Anushani
(Junior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

