Hero in You ව්‍යාපෘතිය

ජීවිතේ සමහර තැන් තියනවා අපි අකමැත්තෙන් උනත් යන්නම හිතන..

එහෙම ගමනක් ගිහින් ගියපු විදිහටම අයිමත් එන්න සංවේදී හිත් තියන බොහෝ මිනිසුන්ට අපහසුම කාර්යක් වේවි..

කොළඹ විශ්වවිද්‍යාලීය කළමනාකරණ හා මූල්‍ය පීඨ Rotaract සමාජය, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන, ජීවත් වෙන්න හේතු හොයන පුංචි හිත්, හොයාගෙන ගියපු Hero in You ව්‍යාපෘතිය ගැනයි මේ දිගහැරුම.

දිනය : 10. 08. 2019

ස්ථානය: මහරගම අපේක්ෂා රෝහල, ළමා ඒකකය

මල් වගේ මුහුණු, සිගිති කිරි සිනහවන්, හයක් හතරක් නොතේරෙන අහිංසක සිත්, හිතට දැනෙන වේදනාව වචනයට පෙරලගන්න තරමටවත් නොහැකි අව්‍යාජ  සිනහවෙන් ඒ හැමදෙයක්ම  හංගාගෙන ඉන්න පොඩි එවුන්.

පාසල, ගුරුවර ගුරුවරියන්, සොයුරු සොයුරියන් හා යහළු යෙහෙලියන් ආදී තමන්ට ලෙන්ගතු හිත් වලින් ඈත් වී මව හෝ පියා සමග ජීවත් වීමේ අවසාන බලාපොරොත්තුව දක්වාම හුස්ම ගන්න සටන් කරන මේ පුංචි එවුන් සැබවින්ම වීරයන්ය.

මෙය ලියන මටත් කියවන ඔබටත් වඩා ඔවුන්ගේ හිත දහස් වාරයක් ශක්තිමත්ය.

ළමයෙක් විදිහට ජීවිත කාලය තුල ඔබත් මමත් නොවිදපු වේදනාත්මක අත්දැකීම් ගණනාවක් දිනපතා ඔවුන් පසු කරන බවට සාක්ෂි අවශ්‍ය නැත. ඒ සෑම වේදනාවක්ම ඔවුන්ගේ ජිවිතයට නව පන්නරයක් එක් කරමින් ජීවිතය නමැති සටනේ ළමා සොල්දාදුවන් ලෙස ජයබිම සොයා ගමන් කරන ඔවුන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා විනා අප කුමක් කරන්නද?

මන්ද යත් ඔවුන් කුඩා කල සිටම ජීවිතය යන්න කුමක්ද යන වග අපටත් වඩා හොඳින් පසක් කරගෙන ඇති බැවිනි. ඔවුන්ගේ ගමනට අත්වැලක් වන්නට අපට හැකි සෑම විටම ඔවුන් වෙනුවෙන් කල හැකි ඉහලම උපකාරය ඉෂ්ඨ සිද්ධ කරන්නට පෙළගැසුණු අප Hero in You තුලින් ඔවුන් වෙත ගියේ ඔවුන් හා ගත කරන කාලය ජීවිතයේ සුන්දරතම හෝරා කිහිපයක් වන බව හොඳින්ම දැනගෙනය. ඒ හා අත්වැල් බැදගත් කොළඹ විශ්වවිද්‍යාලීය කළමනාකරණ හා මූල්‍ය පීඨ Rotaract සමාජයේ සියලු සාමාජික සාමාජිකාවන්ටත් ව්‍යාපෘතිය සංවිධානය කළ ව්‍යාපෘති ප්‍රධානීන්ටත් තුති පුද කරන අතර අවසානයේදී කිව යුතු දෙයක් ඇත.

ජිවත් වෙන්න වෙර දරන අහිංසක මල් කැකුළුවල වීරත්වය පිරි දෑස් වලිනුත් දුක් හංගා මතුවෙන අව්‍යාජ සිනහවෙනුත් ඔවුන් සැබෑ වීරයන් බව අපි හැඳිනගත්තෙමු.

[smartslider3 slider=46]

 

For the English Article click on the link below: https://rcuocfmf.com/2019/10/hero-in-you.html

[siteorigin_widget class=”WP_Widget_Media_Image”][/siteorigin_widget]

Written By:

Rtr. Laleshi Weerasinghe
( Member – 2019/20 )

Spread the love

1 thought on “Hero in You ව්‍යාපෘතිය”

  1. Pingback: Rotaract Club of University of Colombo Faculty of Management and Finance | Hero in You

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top