අමතක නොවෙන මතක…

 

මනුස්සයෙක් ගෙ උපතෙන් පස්සෙ ටිකෙන් ටික දවසින් දවස වැඩෙන කොට එයා මනසින් අල්ලගන්න දේවල් අනුව අලුත් අත්දැකීම් අලුත් මතක ජීවිතේට එකතු වෙනවා. මම දන්න අඳුනන ගොඩක් අය මීට අවුරුද්දකට කලින් ඉඳියට වඩා දැන් ගොඩක් වෙනස්. එයාලා අලුතෙන් දේවල් ඉගනගෙන හොද හෝ නරක පැත්තට වෙනස් වෙලා. මතක මැජික් එකක් වගේ. අතීතයේ අපි මුහුණ දුන් දේකට අපි හිතෙන් යනවා එනවා. මතක් කර කර හිනාවෙන්න වගේම මතක් වෙන හැම වෙලාවකම ඇස්වලට කඳුළු එන මතක මිනිස්සුන්ට තියෙනවා. සමහරුන්ගෙ ලොකුම දුර්වලකම මතකයක්. හොඳම motivation එකත් මතකයක්.සමහර මතක කොහොමටවත් අමතක වෙන්නෙ නෑ. ඉතින් අමතක වෙන්නෙ නැති උනත් මතක් වෙන වෙලාවට හිතෙන් කඩාගෙන වැටෙන්නෙ නැතිව ඉන්න හිත ශක්තිමත් කරගන්නයි ඕන. ඕනම දේකට අසීමිත වටිනාකමක් දෙනඑක දුර්වලකමක් කියල මම හිතනවා. ඔළුවට වද දෙන නරක මතක පුරවගත්ත රෝගී මනසක් එක්ක කෙනෙක්ට ඉස්සරහට යන්න අමාරුයි. සීමාවක් ඇතුව ආශ්‍රය නොකරොත් අනිවාර්යෙන්ම නරක මතක ගොඩක් ඉතුරු කරලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා තව කෙනෙක්ගෙ හිතේ හොඳ මතක විතරක් ඉතුරු කරන්න මම පුළුවන් විදිහට උත්සාහ කරනවා. ඒ උනාට අපි කව්රුත් අකමැති නරක මතක අපිට උගන්නන දේවල් නම් මිලකරන්න බෑ. ජීවිතේ ධනාත්මක පැත්තට වෙනස් කරගෙන ඉදිරියට යන්න හොඳ මතක වගේම නරක මතකත් හේතු වෙනවා.මිනිස්සුත් එක්ක ගනුදෙනු වලදි ලස්සන මතක එකතු කරගත්ත අය, සහෝදරයෙක්, යාලුවෙක් , වැඩිහිටියෙක්, ගුරුවරයෙක් හෝ ආදරණීය ලස්සන මනුස්සයෙක් විදිහට අනිත් අයගෙ හිතේ හැමදාම ජීවත් වෙයි. අනිත් මොනදේ නැතිවුනත් තේරුම් ගැනීමත් විශ්වාසයත් මදි නොවෙන්න තියෙන තැන්වල සැහැල්ලු වෙන් හැම තත්පරයකම ලස්සන මතක ගොඩක් එකතුකරගන්න පුළුවන්, අනුන්ගෙත් යහපත ප්‍රාර්ථනා කරන හොඳ මනුස්සයෙක් විදිහට. අද මොන දේ කලත් ඒක හොඳ හෝ නරක මතකයක් විදිහට අපේ හිත් වල ඉතුරු වෙනවා. මගේ ආගමට අනුව අවසාන මොහොතේ මතකයට එන සිදුවීම ඊලඟ භවයේ උපත සුගතිගාමී හෝ දුගතිගාමී ද යන්න තීරණය කිරීමට තරම් ප්‍රභලයි.

Written By:

 

 

 

 

W.S.T.S. Fonseka
University of Colombo – Faculty of Management and Finance

Edited By:

 

 

 

 

Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Sanjana Hirushi
(General Member 2023-24)

Spread the love
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Mandini Gabadage

සමහර මතක කොහොමටවත් අමතක වෙන්නෙ නෑ ❤️