ආදරණීය ශාරධා

 

ආදරණීයම ඔයාට,

මං දන්නව අදටත් ඔයා මගෙ ළගම ඉදන් මාව අහගෙන ඉන්නවා කියලා…ඒ හන්දා මං

මේ ලියන්නෙ ඔයාට…ඔයා දන්නවා මං ලියන්න පටන් ගත්තෙ ඔයා නිසා..මං ලියපු හැම

කවියකම හිටියෙ ඔයා..ඒත් ඔයා මාව දාලා ගිය දවසෙ ඉදන් මං ආයෙ මුකුත්ම ලිව්වෙ

නෑ…මොකද මට ලියන්න කිසිම හේතුවක් තිබ්බෙ නෑ…ඒත් මාස ගානකින් පස්සෙ මට

ආයෙ ලියන්න හිතුනා…ඒ මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ උන නිසා…ඒත් මට

දැනෙනව ඉස්සර වගේ නෙමෙයි මට දැන් බෑ ඒ හැගීම පද හතරකට පහකට විතරක්

ගොනු කරගන්න…මට ඒ කාලෙ වගෙ පිලිවෙලට කෙටියෙන් ලියාගන්න බෑ…මට

දැනෙනවා මං මගෙ හිත ඇතුලෙම හිර වෙලා වගෙ..ඉතින් මට ඔයාට කියන්න ඕනෙ

හැමදේම ලියලා ඉවර කරගන්න බැරි වේවී…ඒත් මං දන්නවා ඔයා ඒ හැමදේම තේරුම්

ගන්නව…මොකද ඔයා මං ළග ඉද්දිත් මං කියන දේට වඩා නොකියපු දේ තේරුම්

ගත්තා…

 

මං දන්නෑ මට ජීවිතේට කිසිම විශේෂයක් නැතුව තිබුන පෙබරවාරි 14 මෙච්චර

දැනෙන්නෙ ඇයි කියලා…ඔයා මගෙ ළග හැමදාම හිටියා ඉතින් කවදාවත් අපිට

වැලන්ටයින් දවසට විතරක් ජීවිතේ බෙදාගන්න අමුතු දේවල් තිබුනේ නෑ…අපි හැමදාම

ජීවිතේ බෙදාගත්තා…අපි හිතාගෙන හිටියෙ අපේ ආදරේ සෑහෙන්න පරිනතයි

කියලා…වැලන්ටයින් දවසට කියලා ඉදිකටුවක දෙයක්වත් අපි හුවමාරු කරගෙන නැති

තරම්…ඒ වෙනුවෙට අපි කලේ දවස් තුන්සිය හැට පහේම ජීවිතේ ප්‍රශ්න බෙදාගත්ත

එක..දරාගන්න බැරිම දවස්වල අපි අපිව අල්ලගෙන් හිටපු විදිහ…මේ ලෝකෙ බය නැතුව

ඇඩුවෙ මං ඔයා ළග විතරයි…මේ ලෝකෙ මාව වැඩිපුරම තේරුම් ගත්තෙ විශ්වාස කලේ

ඔයා…ඉතින් අමුතුවෙන් දින නොතිබ්බට ළග නොහිටියත් දුර ඉදන් අපේ ආත්මයෙන්ම

අපි අපිවම වැළදගත්ත වාර අනන්තයි…ඒත් එක දවසක් තිබ්බා..එදායින් පස්සෙ ඔයා ආවෙ නෑ..එදා ඉදන් අද වෙනකන් අපි

දෙන්නා එකට ඇවිදගෙන ගිය පාරවල් වල මං තනියම යනව..ඔයා දන්නවද මගෙ හිත

ඇත්තටම ගලක්…ඔයා නැති උනොත් ජීවත් වෙන්න බැරි වෙයි කියපු මං තාමත්

පනපිටින්..

 

ඒත් මට අද දවසෙ ඔයාව ගොඩක් මතක් වෙනවා…අනිත් අයගෙ ආදර කතා වැඩිපුරම

ඇහෙන නිසාමද මන්දා මට හිතෙනව ඔයා මං ළග හිටියනම් අපේ කතාව කොච්චර

ලස්සනට කියන්න තිබ්බද කියලා..මං දන්නවා ඔයා මං ළග හිටියනම් අද අනිවාර්යයෙන්

 

එනව..මගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නව…මට මතක් වෙනව ඔයා මාව

හොයාගෙන ආපු විදිහ..මං එක්ක හිනා උන විදිහ…මගෙ ජීවිතේට හයියක් වෙච්ව විදිහ..

 

එක පාරකවත් එදා වගෙ ඇවිත් මගෙ අතින් අල්ලගන්න බැරිද…

එක පාරකට මගෙ ඇස් දෙක දිහා ආදරෙන් හිනා වෙලා බලන්න බැරිද..

එක පාරක් ආයෙත් එක වතාවක් මට ආදරෙයි කියන්න බැරිද…

එක පාරක් මං ළගට ඇවිත් හයියෙන් මාව බදාගන්න බැරිද….මං දන්නව ඔයත් ඉන්න තැනක ඉදන් මාව හොයනව ඇති…මට තරමටම ඔයාටත් මාව

මතක් වෙනවා ඇති…එදා ඔයා මගෙ ළගින් ඇවිත් හිටගත්තාම මට දැනුන හයිය අදටත්

මට දැනෙනවා..මට ඇහෙනවා ඔයා ඇවිත් මට කියනව මං ඔයා ළඟම ඉන්නවා කියලා…

 

කොච්චර දේවල් සිද්ධ උනත් මං අදටත් අහන්නෙ නෑ ඇයි අපිට මෙහෙම උනේ

කියලා…මට පොඩ්ඩක්වත් හයියක් නෑ ඔයාව මුණ ගැහුනෙ නැත්නම් මට අද කිසිම

දුකක් නෑනෙ කියලා හිතන්න…මං දන්නෙ නෑ මේක දුකක්ද කියලා ඒත් මං මේ විදින

හැගීම දුකක් නෙමෙයි…මං තාමත් ලෝබයි ඔයා ඒ ඇවිත් ගිය ටිකට…මං තාමත් ඔයාගෙ

මතක එක්ක හිනා වෙනවා…ආදරේ මෙච්චර සුන්දරයි කියලා මං දැනගත්තෙ ඔයා

නිසා…ගඟක් මුහුදකටත් වඩා ඇස් වල කදුළු තියෙනවා කියල දැනගත්තේ මං ඔයා

නිසා…ඔයා දන්නවා මගෙ හිත පොඩ්ඩක්වත් හයිය නෑ කියලා ඒත් ඔයා ගිය දවසෙ

ඉදන් මං කවදාවත් කවුරුත් ඉස්සරහ ඇඩුවෙ නෑ…ඒත් සමහර දාට හීනෙන් හරි ඇවිත්

ඔයා මාව අඩවලා යනවා…කමක් නෑ එහෙමහරි ඔයා එන්න මං ළගට…මං දන්නවා අපිට ආයෙ ඉස්සර වගෙ දවස් එන්නෙ නෑ කියලා..ඒත් මං තාම එදා වගේම

ඔයාට ආදරෙයි..මට අදටත් ඕනෙ ඔයාව හයියෙන් බදාගෙන හයියෙන් කෑගහලා

අඩන්න..අපි අන්තිමට හම්බවෙච්ච දවසෙ ඔයා නිකමටවත් කිව්වනම් අපිට ආයෙ

කවදාවත් එහෙම දවසක් එන්නෙ නෑ කියලා මං ඔයාට මේ විදිහට යන්න දෙන්නෙ

නෑ…අඩුම මට කියන්න තිබ්බා ඔයාට මං කොච්චර ආදරෙයිද කියලා..ඔයා ඉන්නකල්

මං වෙනුවෙන් හැමදේම කළා…ඉතින් එක පාරක් හීනෙන් හරි මං ළගට ඇවිත් යන්න…

 

ඇත්තටම ඔයා මේ ලෝකෙන් සදහටම යන්නෙ මං මැරුන දවසට…ඒ වෙනකන් ඔයා

ජීවත් වෙනවා මාත් එක්ක මං දන්නෙ එච්චරයි…

 

ආදරණීය ශාරධා….

Written By: –

 

 

 

 

Kokila Liyanage
(Wayamba University Sri Lanka )

Edited By:

 

 

 

 

Rtr. Thisara Kuruppuarachchi
(Senior Blog Team Member 2024-25)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments