ආසියා නෙට්බෝල් ශූරතාව

හීන බලපොරොත්තු මියදුන ශ්‍රී ලංකා ජනයාගේ මුවගින් සිනහව අමතක වූ යුගයකි. මෙම වත්මන් වාතාවරනය තුල ජයග්‍රහනයක අස්වැසිල්ල සිත්සතන් තුලට ගෙන්විත් ප්‍රීතියෙන් අමන්දානන්දයට පත් කරන්නට පසුගියදා ශ්‍රී ලංකාව රනින් බැබලවූ ආසියානු සිංහයින් මෙන්ම දැල්පන්දු ශූරියන් සමත්විය. එකම රටකට එකම දිනයේ ආසියානු කුසලාන දෙකක් ලබාදෙමින් ඉතිහාසයට එක්වූ එම ඓතිහාසික දිනය 2022 සැප්තැම්බර් 11 වනදාය. නොයකුත් ප්‍රශ්න, බාධා හා පීඩා රාශියක දිවි ගෙවන රට වැසියාට මෙම ජයග්‍රහනය දැනුන හැටි කෙසේනම් අර්ථකතනය කරන්නද? එම හැගීම ඔබට මට එදා දැනෙන්නට විය. ඒ අතරිනුත් අපේ දැල්පන්දු ශූරියන්ගේ ජයග්‍රහණය ගැන කතා කළ යුතුමය. මන්ද ක්‍රිකට් ගැන සෑම තැනම කතා වුවද මේ පිළිබද කතාබහ අල්පයක් තරම්ය. ආසන්නතම ශූරියන් ලෙස 2018 කිරුලු පලන් අපේ කෙල්ලො මෙවරත් ඒම ස්ථානය රැකගෙන ආසියානු කුසලානය නැවතත් මව් රටට ගෙන ඒමට කොපමන මහන්සියක්, වෙහෙසක්, කැපවීමක් දරන්න ඇද්ද? ඒගැන වචන නැති තරම්ය. සැබවින්ම ඔවුන් අපෙගේ වීරවරියන්‍ ය.

1985 ඇරඹි ආසියානු දැල්පන්දු ශූරතවය 2022 අද දකවා පැමිනි ගමන්මග හැරී බැලුවොත් තරගාවලි දොලහක් පවත්වා අති අතර එයිනුත් හය වතාවක් ශූරියන් වන අතර හතර වතාවක් අනුශූරියන් ලෙස කිරුලු පලදා ඇත. ඉදින් තවත් උපැහැරන කුමටද? ආසියානු දැල්පන්දු රැජිනියන් ඔවුන්ම පමණය. ශ්‍රී ලක් මව් ප්‍රථමයෙන් නෙට්බෝල් ආසියානු ශූරතාවයක් ජයග්‍රහනය කළේ 1990 වසරේය. මෙවර ආසියානු කුසලානය සදහා ශ්‍රී ලංකා කන්ඩායම ගමන් ඇරබුවේ ජයග්‍රහනයක්ම අරමුණු කර ගනිමිනිය. දුක් කම් කටොලු වැඩිවන තරමට අධිශ්ඨානය ශක්තිමත් වනවා යැයි කතාවක් තිබේ. ශ්‍රී ලංකාව තරගාවලිය පුරාවට විශාල ලකුණු ප්‍රමානයක් කරා යාමට මෙන්ම ප්‍රතිවාදීන්ට වඩා හැම අවස්ථාවකම ඉදිරියෙන් සිටීමට වගබලා ගත්තේය. ඉතින් තරගාවලිය තුල පෙරලිකාර කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව මුල සිටම කැපී පෙනුනි. අවසන් තරගයේ සිංගප්පූරුව ඉදිරියෙන් සිටි නමුත් ඉතිරි කාර්තු තුන තුල සිය අණසක පතුරුවා තරගය තම අතට නතුකර ගැනීමට අපේ ක්‍රීඩිකාවන් සමත් විය. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පුහුණුකාරිනිය වන හයසින්ත් විජේසිංහ මහත්මියගේ ක්‍රීඩිකාවන් ආදේශ කිරීමේ හැකියාව මනා ලෙස කැපී පෙනුනි. එම නිසා තරගය සම්පූර්ණයෙන්ම වෙනස් විය. මෙහි ප්‍රතිඵලය වූයේ සත්කාරක සිංගප්පූරුව ඔවුන්ගේ රට තුලම ලකුනු 63/53ක් ලෙස පරාජය කර ආසියානු කිරුල ශ්‍රී ලංකා මාතාවට හිමිකර දීමය. ලෙහෙසිත් නොවන පහසුත් නොවන එම අභියෝගය ජය ගැනීමට අපේ කෙල්ලෝ සරලව කියනවනම් පට්ට ගේමක් දුන්නේය.

කණ්ඩායම් ක්‍රීඩාවක් ජයග්‍රහණය කිරීමට කන්ඩායම් හැගීම අවශ්‍යමය. එය අපේ කණ්ඩායම තුල ඉහලින්ම තිබෙන බව පසුගියදා මාධ්‍ය සාකජ්ජාවකදී අපේ කන්ඩායම් නියමුවරියගේ කතාවකින් ගම්‍ය විය. ඇය පැවසුවේ “මම යටතේ මගේ කණ්ඩායමේ සාමජිකාවන් විදිහට පෙර වර්ෂ වල ආසියානු කුසලාන සදහා නායකාත්වය දැක්වූ ක්‍රීඩිකාවනුත් හිටියා. ඔවුන් කවමදාකවත් මම දෙස ආධුනික විදිහට බැලුවේ නැහැ. ඔවුන්ගේ පෙර අත්දැකීම් බෙදාගනිමින් සෑම විටම මට අවශ්‍ය සහයෝගය ලබා දුන්නා” යනුවෙනි. ලංකාවේ පාලකයන් බලයට පොරකන විට ඔවුන් ක්‍රීඩාවෙන් ලැබෙන මහත්මා ගතිය මනාවට පසක් කළේය. කණ්ඩායම් වගකීම තම කර මතට ගෙන කණ්ඩායම මෙහෙයවූ කන්ඩායම් නායිකා ගයන්ජනී අමරවංශ, උපනායිකා දුලංගි වන්නිතිලක මෙහිලා මහත් වෙහෙසක් දැරීය. අපේ දැල්පන්දු පිලේ සම්පත ආසියාවේ උසම ක්‍රීඩිකාව සහ දක්ශතම දැල්පන්දු විදින්නිය වන තර්ජනී සිවලින්ගම් මතක් කළ යුතුමය. ඇයට ආදේශකයක් ආසියාව තුල තවම බිහිවී නොමැත. මේ සියල්ල පිටුපස යෝධ හස්ථය ලෙස ක්‍රීයාකළ හයසින්ත් විජේසිංහ මහත්මිය මනා මගපෙන්වීමේ හා ක්‍රීඩිකාවන් ආදේශ කිරීමේ සුවිශේෂීතාවය ජයග්‍රනයට රුකුලක් සැපයීය. අනෙකුත් ක්‍රීඩිකාවන්ද මෙම ජයග්‍රහනයේ නිසැක උරුම කරුවන් වන අතර පිටියේ තුල මෙන්ම පිටියෙන් බැහැර උපරිමය සිය කන්ඩායම වෙනුවෙන් ලබාදීමට නිසැක උත්සුක වූහ. කෙසේවෙතත් අපේ කණ්ඩායම 2019න් පසු කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමට නොහැකි වූ නිසා ඔවුනට ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් නොතිබූ අතර අපේ ශූරියන්ට සිදුවූයේ තරගාවලිය පුරාවටම ප්‍රතිවාදීන් ලෙස හමුවන එම එක් එක් කන්ඩායම් සමග තරග කිරීමෙන් අත්දැකීම් ලබාගැනීම මෙන්ම උපක්‍රමශීලී ලෙස සියුම් උපක්‍රම ග්‍රහනය කර ගැනීම පමණි.

කොවිඩ් වස්න්ගතය, තෙල් අර්බුධය, අරගලය, විදුලිය කැපීම සහ ආර්ථික අර්බුධය යන සියලු බාධක හමුවේ බලාපොරොත්තු වූ අයුරින් සිය පුහුණුවීම් නිමා කිරීමටද නොහැකි විය. නමුන් එම බාධක ඔවුන්ට බාධාවක් වූයේ නැත. ඔවුන් එය ලෝකයට ක්‍රියාවෙන්ම ඔප්පු කළේය. ලෝකයේ අනිත් රටවල් සියල්ලක්ම පාහේ ශ්‍රී ලංකාව ප්‍රතික්ශේප කරන මොහොතක ශ්‍රී ලංකා නාමය නැවතත් ලෝකයට මතක්කර දී අප පරාජිත රටක් නොවන බවට ලෝකයට විදහා පෑ ඔවුන්ට අප ජාතියත් ලෙස කෘතඥ විය යුතුය. එලෙසම මෙම ජයග්‍රහණය සලකා හෝ ඉදිරියේ සිටවත් දැල්පන්දු පරිපාලනය නිවැරදි මාවතට පැමිණෙන්නේ නම් එය අප ලබන තවත් ඉහල ජයග්‍රහනයකි. ශ්‍රී ලංකා පාලකයින්ගේ දෑස් දැන්වත් විවෘත වී දැල්පන්දු ක්‍රීඩාවේ අනාගතය යහපත් වනු දැකීම සියලු ලාංකිකයන්ගේ බලාපොරොත්තුවයි. ජයග්‍රහණයක සතුට භුක්තිවිදින අතරම ශ්‍රී ලංකාවේ අනාගත දැල්පන්දු ක්‍රීඩාවට වසන්තයේ මල් පිපේවා යැයි අපේක්ෂාවෙන් ඉහත ප්‍රශ්නය ප්‍රශ්ණාර්ථයක් ලෙස තබමි. ඉතින් ශ්‍රී ලංකා මාතාව රනින් බැබලවූ අපේ ශූරියන්ට නැවතත් සුභාශින්ෂන එක් කරමින් එළබෙන වසරේ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකිවේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමි.

Written By:-


Rtr. Patali Poornima
(General Member – 2022-23)

Edited By:-


Rtr. Indoopa Samarasinghe
(Blog Team Member 2022-23)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments