ඇත්ත වැලැන්ටයින්.

 

ආදරය කියන්නෙම ලස්සන හැගීමක්. ආදරය පුරුදු කරන්න ක්රමයක්

නැහැ. සෑම සම්බන්ධතාවයක්ම අද්වීතීයය්‍. එය කොන්දේසි විරහිත

හැගීමක්.ඉතින් පෙබරවාරී 14 කියන්නේ අපි හැමෝම දන්න වැලන්ටයින්

දවස එහෙම නැත්තන් ආදරවන්තයින්ගේ දවස‍යි. ඇත්තටම මේ

දවස හැදුනේ කොහොමද ?

මෙන්න මෙහෙමයි ආදරවන්තයින්ගේ දවස හැදිලා තියෙන්නේ, ක්‍රිස්තු

වර්ශ 3 වන සියවසේ රෝමයේ වැලැන්ටයින් නම් පූජකවරයෙක් ඉදලා

තියෙනවා. ඒ කාලේම තමයි දෙවන ක්ලෝඩියස් කියන රෝම

අදිරාජ්‍යා ඉදලා තියෙන්නෙත්. ඔහුට ලොකු උවමනාවක් තිබිලා

තියෙනවා තමන්ගේ අදිරාජ්‍ය විශාල කරගන්න. ඒ හින්ද ඔහු නියෝග

කලාලු රටේ හැම මිනිහෙක්ටම හමුදාවට බැදෙන්න කියලා. කසාද

බැන්ද මිනිස්සුන්ට වඩා පවුල් බරක් නැති තනිකඩයෝ බදවා ගත්තාම

හොදට වැඩ කරගන්න පුලුවන් නේද කියලා කල්පනා කරපු මේ

අදිරාජ්‍යා කසාද බදින එක තහනම් කරාලු.ඔන්න ඔය කාලෙමනේ

වැලැන්ටයින් පියතුමත් හිටියේ ඉතින් එයාට තේරිලා මේ නීතිය නිසා

පෙම්වතුන් විදින දුක.ඉතින් මේ වැලැන්ටයින් පියතුමා හොරෙන්ම

ආදරය කරන පෙම්වතුන්ව ගෙන්වලා කසාද බන්දවලා…මේ වැඩේ

ටික දවසක් යද්දී කොහොමහරි ක්ලෝඩියස් අදිරාජ්‍යාට ආරන්චිවෙලා.

ඔහු වැලැන්ටයින් සාමිතුමාව හිරකරලා පස්සේ කාලේක පෙබරවරී 14

වැනි දිනක හිස ගසා මරාදාලා තියෙනවා. ඊට පස්සේ කාලේක

කතෝලික සභාව තීරණය කරලා තියෙනවා වැලැන්ටයින් පියතුමාගේ

සේවය අගය කරලා එතුමාව ශුද්වරයට ඔසොවන්න. ඉතින් ක්‍රි.ව. 496

දී (1969) ග්ලාසියාස් කියන පාප්තුමා වැලැන්ටයින් තුමාව

"ආදරවන්තයින්ගේ සාන්තුවරයා" වශයෙන් නම් කරලා තියෙනවා.

ඔන්න ඔය විදිහට තමයි වැලැන්ටයින් දවස පටන් අරන් තියෙන්නේ.ඉතින් අද ආදරවන්තයින්ගේ දවස සමරනවා කියන්නේ ඇත්තටම

කාලෙකට කලින් හිටපු වැලැන්ටයින් සාමිතුමාව සිහිපත් කරන එකද

, එහෙමත් නැත්නම් තමන්ගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට

වැලැන්ටයින් ගිෆ්ට් තෑගී කරන එකද …….

සැබෑ ආදරය සැමරිය යුත්තේ මල්, චොකලට්, මිල අදික තෑගී ලබා

දීමේන් නොව එකිනෙකාට ගරුත්වය , විස්වාසය හා ලෙන්ගතුකම

තෑගී කීරීමෙනි.

ඉතින් ඔබම තීරනය කරන්න ඔබේ ආදරය ඔබ සමරන්නේ

කොහොමද කියලා.

ඉතින් ආදරය කරන, ආදරය වෙනුවෙන් බලාගෙන ඉන්න හැමෝටම

තමන්ගේ ආදරය ලැබෙන්න කියලා ප්‍රාර්තනා

Written By: –

 

 

 

 

Rtr. Shamila Junaid
(Junior Blog Team Member 2024-25)

Edited By:

 

 

 

 

Rtr. Thisara Kuruppuarachchi
(Senior Blog Team Member 2024-25)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments