තේරීම ඔයා සතුයි

 

ආදරය; ආදරේ කියන්නේ මොකක්ද? ආදරේ කියලා සම්මත නිර්වචනයක් අපි අහලවත් තියෙනවද? ලෝක ආදරවන්තයන්ගේ දිනය කියලා ඇයි එක දවසක් විතරක් අපි සමරන්නේ? මෙහෙම ඕන තරම් මට හිතිලා තියෙනවා. අවුරුද්දේ දවස් 364 ක්ම රණ්ඩු කරලා ආදරවන්තයන්ගේ දවසට රෝස මල් පොකුරු එක්ක චොක්ලට් ගෙනල්ල දීලා ෆේස් බුක්, ඉන්ස්ට්‍රග්‍රේම් ස්ටෝරී දාන කාලයක් මේක. මට නම් හිතෙන්නේ ආදරය කියන්නේ දෙන්නෙක් අතර තියෙන තේරුම් ගැනීම. එහෙම තේරුම් ගැනීම ශක්තිමත් වෙන්න සන්නිවේදනය බලවත් වෙන්න ඕන. ඒකෙ තේරුම පැය විසි හතරම කතා කරන්න ඕන කියල නෙවෙයි.ආදරය කියන්නේ ගනුදෙනුවක් වගේ අපි කෙනෙක්ගෙන් ආදරය ගන්නවනම් ඒ වගේම අනිත් කෙනාට ඒක පෙරලා දෙන්න දැන ගන්නත් ඕන. ඒක 50:50 වෙන්නම ඕනෙ නෑ සමහර වෙලාවට ඒක 20:80 වගේ 100:0 වෙන්නත් පුළුවන්. ආදරය කියන කඹ ඇදිල්ලේ එක්කෙනෙක් වෙර දාලා අදිද්දි අනිත් කෙනා නිකන් හිටියොත් අර වෙර දාලා අදින කෙනා බිමට වැටෙනවා. එතකොට එයාට තුවාල වෙනවා.ඊට පස්සේ එයා වෙනස් වෙනවා අන්තිමේට ඔක්කොම වැරැද්ද වැටෙන්නේ සම්බන්ධතාව රැකගන්න මහන්සි වුන බිම වැටිලා තුවාල වුණු කෙනාට.මේ ලෝකෙ මොනතරම් අසාධාරණයි ද නේද? ඒත් ඇත්ත අර තුවාල වුණු කෙනා තුවාල කරපු කෙනාට ඇරෙන්න අනිත් හැමෝටම රිද්දනවා. ඒක නිසා තමන්ට ආදරේ දෙන්න බැරි නම් කාලය දෙන්න බැරි නම් ඒක තමන්ගෙ ආදරවන්තයා/ආදරවන්තියට කියලා අයින් වෙන්න අන්තිමට අර ආදරේ ගොඩක් පිරිලා තිබුණු තුවාල වුණු කෙනා අවසානෙට අසරණ වෙනවා. මනුස්සයෙක්ට දැනෙන්න පුළුවන් අමාරුම හැඟීම “අනේ මං පව්” කියල හිතෙන හැඟීම. දැන් ඔයාලා හිතන්න ඔයා වෙර දාලා කඹේ අදින කෙනාද නැත්නම් අනිත් කෙනාද කියලා. එතකොට තුවාල වුණු මිනිස්සු අඩු වේවි.වැඩිපුරම ආදරේ හොයන්නේ ගෑණු ළමයි කියලා කියනවා නේද. ඒත් එහෙම නෑ කියලා මට හිතෙනවා. ගෑණු ළමයි වගේම පිරිමි ළමයින්ත් ආදරේ හොයනවා ඒ හා සමානව. කොච්චර අමාරු උනත් මිනිස්සු රැදෙනවා කියලා කියෙනවා නේද, ඒක හැම ප්‍රශ්නෙකටම ගැලපෙන්නෙ නෑ. තමන්ට ආදරේ දෙන්නේ නැති, ගරුකරන්නේ නැති, හරියට කතාකරන්න සලකන්න දන්නේ නැති මිනිස්සු එක්ක අමාරු උනත් රැදෙන්න ඕනේනම් රැදෙනවා කියලා කවුරුහරි කියනවානම් එයාගෙන් අහන්න එයා එහෙම රැදෙන්න කැමතිද කියලා. අමාරු හැමතැනදිම මිනිස්සුන්ට රැදිලා තදින් අල්ලගෙන ඉන්න අමාරුයි. එහෙම ඉන්න පුලුවන් තමන්ට තමන් නැති කරගෙන. ඉතින්, ආදරේ හරිම ලස්සනයි හරිම කෙනා හමුවුණොත්. ඇත්ත ආදරයක් ලැබුනොත් ඔයා ඔයාටම ආදරේ කරන්න ගනිවී දවසක. තේරීම ඔයා සතුයි.

Written By: –

 

 

 

 

Rtr. Fathima Azma
(Junior Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Ushanth Jayakumar
(Junior Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Sanjana Hirushi
(General Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments