තරුවකට පෙම් බැඳ…

 

ආදරය හරියට අහසේ බැබළෙන තරුවක් වගේ. ඒ තරුවෙන් ජීවිතය එළිය කරන්න වගේම ඕනවට වඩා ළං උනොත් ඔයාව ගින්නකින් දවන්නත් පුළුවන්.. එක දවසක් මම ගෙදර එන අතරමගදී මං දැක්කා මගේ ළඟම මිතුරෙක්ට අන්න ඒ කියපු තරුවක් මුණගැහුණ හැටි.. මමත් එකඟයි ඒ තරුව නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බැබළෙන, දිදුලන තරුවක්.. ටිකක් වෙනස් තරුවක්.. මගේ මිතුරා මට කිව්වා මෙහෙම, “දැක්ක පලවෙනි වතාවෙ නම් ඒ තරුවක්ම ද කියලා හිතුනේ නෑ. ඒත් ඊට පස්සේ දවසින් දවස ඒ තරුව දකිද්දි ඒ නම් මගේ අඳුරු හදවත දිදුලවන්න ආපු තරුවම තමයි, කියලමයි දැනුනේ..’“මට ඒ තරුවට ළං වෙන්නම ඕනේ උනා, අඩුම තරමින් ඒ තරුවේ නමක්වත්, වයසක්වත් නොදැනම. ඒ වගේම මම දන්නෙත් නෑ ඉතින් ඒ තරුවටත් මට දැනෙන විදිහටම දැනෙනවද කියලා.. අනේ දෙවියනේ! මට බයයි, මං ඒ තරුවට ළං වෙන්න ගිහින් මං අතින් ඒ තරුවට රිදුනොත්, ඒ දුක නම් මට දරාගන්න බැරි වෙයි.. මං අතින් ඒ තරුවට රිදුනොත්,ඒ තරුව ඇඳුරු වෙලා යයි.. මං ප්‍රාර්ථනා කරන්නේම, ඒ තරුව හැමදාම බැබළෙන දිදුලන තරුවක් වෙන්න ඕන.. අන්න එතකොට මට පුළුවන් ඒ ලස්සන ආදරණීය තරුව දැකලා සතුටු වෙන්න”.ඉතින් ඔයා දන්නවද මගේ මිතුරා මගෙන් ඇහුවෙ මොකක්ද කියලා? එයා මගෙන් ඇහුවෙ “අනේ! මම මොකක්ද කරන්න ඕනේ?” ඉතින් හිතවත, ඔහු කුමක් කළ යුතු දැයි නොදන්නා කල, මම ඔහුට කෙසේ පිළිතරු දෙම්ද? මට වැටහුනු එකම දෙය නම්, ‘මෙය නොවේද සත්‍ය ප්‍රේමය?’

Written By: –

 

 

 

 

Amali Shashikala

Edited By:

 

 

 

 

Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Nawodi Thathsarani
(General Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments