විරහව

 

ඔයා දෙයක් දන්නවද හිරු……

හිරු: මොකද්ද…. කියන්න බලන්න……

සමහර මිනිස්සු කියනව නේද…. හිත හදාගත්ත කියලා…… විරහව වගේ දේවල් වලදී… එ මිනිස්සු තමයි… මේ ලෝකේ හිතක් හදාගන්නම බැරි අය….

හිරු: ඇයි ඔයා එහෙම කියන්නේ….

මොකද දන්නවද…. එ මිනිස්සු.. එයාලවම රවට්ටගන්න උත්සහ කරන නිසා….

හිරු: ඇයි ඔයා එහෙම කියන්නේ….දෙන්නෙක් ආදරේ කරලා… එක්කෙනෙක්ට යන්න ඕනි උනා කියන්නේ… එතන ඇත්තටම ආදරයක් තිබිලද…. පොඩ්ඩක් හිතන්න… එහෙම උනාම අනිත් කෙනා…. යන්න හදන ආදරේට, ආදරෙන් ම සමුදීලා හිත හදාගන්න පුළුවන් නම්…. එ කෙනත් අරයට ඇත්තටම ආදරේ කරලද… ගොඩක් තැන් වලදී… කියනව…. ආදරේ කියන්නේ…. යන්න ඕනි නම් යන්න දෙන එක කියලා… ඒත් පොඩ්ඩක් නැවතිලා හිතන්න…. ඇත්තටම ආදරේ නම්.. යන්න සිතුවිල්ලක්වත් එයිද.

ගිය කෙනා ගියා… කියලා කඳුළු බින්දුවක් වත් වට්ටන්නේ නැතුව… ඉන්න පුළුවන් නම්…. දැනගන්න…. ඔයා ආදරේ කරලා නෑ…. හැබැයි…. පිටට අවුලක් නෑ වගේ පෙන්නලා…. එ මතක වල ගිලි, ගිලි හොරෙන් අඬන්න, දුක්වෙන්න… පුළුවන් නම්… ඇයි… බොරුවට එලියට පෙන්නන්නේ…. හොඳින් කියලා…. එ මිනිස්සු කවදාවත්… හිත හදාගත්තේ නෑ හිරු…. හිත හංගගත්ත විතරයි…. එ හංගපු හිත සැරින් සැරේ එලියට එනවා… ආවාම කාත් එක්කවත් කතා කරන්න බැරි වෙයි…. ඇඳට වෙලා ඉන්න ඕනි වෙයි, තනියම ඉන්න ඕනි වෙයි…. කොටින්ම කිව්වොත්… හේතුවක් දන්නේ නැතුවම හිතට දුකක් දැනෙයි….තව දෙයක් හිරු, ආදරේට සමු දෙනවා නම්… ඒක හරියට ඉවර කරන්න ඕනි නේද….ඈත් වෙනවා කියන්නේ…. සැරින් සැරේ ඇවිල්ල මතක් කරනවා කියන ඒක නෙමෙයි නේද…. ඒක දැන් ගෙවන මොනයම් හෝ ජීවිතේකට ත් ප්‍රශ්න ගේන්න පුළුවන්…. ආදරේ කරන ඒක වැරැද්දක්‌ නෙමෙයි හිරු…. එක පාරක් එපා කියලා ගිය කෙනෙක්ට ආයේ කතා කරන්න… නැත්තම්… එයා එක්ක මතකවල ඔයා තාම තනි වෙනවා නම්… ඔයා හිත හදාගෙන නෑ….

මේ ලෝකේ පුදුමාකාරායි.. මිනිස්සු විවිධාකරයි…. මට හිතෙන්නෙම හිරු…. ආදරේ කියන දේ ඇත්තටම කරනවා නම්… කවදාවත් විරහාව එන්නේ නෑ… කල් යද්දී වෙනස් වෙන්නෙත් නෑ…. සමාජේ දිහා බලලා…. හැම කෙනාම මෙහෙම වෙනවා කියලා… හිතන්න හිතන්න…. ඔයා හොඳ කෙනෙක්ව වැරදියට විනිශ්චය කරනව…ඉතිං දැන් ඔයාට මොකද හිතෙන්නේ…. හිරු… උත්තරයක් නැතුව ගොළු උනා නම්…. ඔයත් තවම හිතහදාගෙන නැති කෙනෙක් …

Written By: –

 

 

 

 

Sujan Sanjana

Edited By:

 

 

 

 

Rtr. Ushanth Jayakumar
(Junior Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Sanjana Hirushi
(General Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments