සම්බුද්ධාය 2020

“මල් සුව ආදීයෙන් මා පුදන්නෝ නිසි ලෙස පුදන්නෝ නොවෙති.
ධර්ම පිළිවෙත් පුරනන්නෝ ම මා පුදන්නෝ වෙති”

2564 වැනි උතුම් සම්බුද්ධත්ව ජයන්තිය සමරන මෙම වෙසක් සමයේ ශ්‍රී ලාංකීය ඔබත් මමත් ඇතුළු සමස්ථ ලෝක වාසී සැවොම COVID– 19 වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින මෙම අවස්ථාවේ තථාගතයානන් වහන්සේගේ අවසාන වදනක් වූ මෙම වදන සිතෙහි තැන්පත් කර ගැනීම උදෙසා වඩාත් කාලෝචිත අවස්ථාවක් අපට තවත් නොලැබෙනු ඇත.

එබැවින් කොළඹ විශ්වවිද්‍යාලීය කළමණාකරණ හා මූල්‍ය පීඨයේ රොටරැක්ට් සමාජය වන අප නුවර රොටරැක්ට් සමාජයත්ල නුවර උසස් බාලිකා විද්‍යාලීය ඉන්ටරැක්ට් සමාජයත් එක්ව තථාගතයන් වහන්සේගේ තෙමගුල සමරමින් සියළු දෙනා හටම උන්වහන්සේ දෙසූ ධර්මය සිතට කා වැද්දීම උදෙසා “සම්බුද්ධාය” 2020 ව්‍යාපෘතිය ප්‍රථම වරට ක්‍රියාත්මක කළෙමු.

මෙහිදී අප බුදුරජාණන් වහන්සේ දේශනා කල අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය අතුරින් වෙසක් සමයටත් ලෝකවාසී අප මුහුනපා සිටින මෙම අර්බුදකාරී තත්ත්වයටත් යෝග්‍යවූ ධර්මයන් සමාජ ජාලා ඔස්සේ දිනපතා සැමගේ සිත්හි බුද්ධාලම්බන ප‍්‍රීතිය ඇතිවන අයුරින් ප්‍රචාරය කළෙමු.

[smartslider3 slider=”174″]

 

එමෙන්ම වසන්ගත තත්වය තුල පීඩා විදින ඔබගේත් මගේත් සිතෙහි සහනයත්ල බුද්ධාලම්බන ප්‍රීතියත් ඇති කරනු වස් වෙසක් කූඩු තරගාවලියක් සංවිධානය කළෙමු. එහිදී ඉවතලන ද්‍රව්‍ය යොදා ගනිමින් ඉතාමත් අලංකෘත වෙසක් කූඩු 25ක් පමණ අප හට දැක ගැනීමට ලැබුණි. මෙම අර්බුධකාරී තත්වය නොසලකා හරිමින් ඉතාමත් උනන්දුවකිනුත් විශාල ආයාසයක් දරමිනුත් අප වෙත ඉතාම උසස් ගණයේ වෙසක් කූඩු නිර්මාණය කර එවූ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුදකරන්නෙමු. එමෙන්ම මෙම කූඩු අතරින් ජයග‍්‍රාහී කූඩු 4ක් තොරා ගැනීමට අපට හැකිවිය. එකී ජයග‍්‍රාහී කූඩුවල නිර්මාණකරුවන් වන්නේ;

[smartslider3 slider=”175″]


මෙම ජයග‍්‍රාහකයන් හට මූල්‍යමය ත්‍යාග ලබා දීමෙන් අනතුරුව වෙසක් කූඩු තරගාවලියට සාර්ථක අවසානයක් ලබාදීමට අපට හැකිවිය. එමෙන්ම මෙකී ජයග‍්‍රාහී කූඩු තෝරා දුන් DRR. Rtr. PP. ක‍්‍රිෂාන් බාලාජිටද ස්තූතිය පුදකරමු.

එමෙන්ම වෙසක් දින අපගේ රොටරැක්ට් සමාජයන්හි සාමාජිකයන් විවිධ ප‍්‍රදේශ වල සිටියත් එම භෞතීය දුරස්ථ භාවය අමතක කරමින් සියළු දෙනා එක්ව සිත්බැදගන්නා සුළු වූත් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන්නාවූත්, “දන්නෝ බුදුන්ගේ”, “මෙත් මල් පිබිදේවා”, “බුදුහාමුදුරුවො” යන බෞද්ධ ගීතයන් රොටරැක්ට් සමාජ තුනෙහිම සාමාජිකයන් එක්ව ඉතාමත් අලංකාරව ගායනා කරමින් සියළු දෙනාටම මෙම වෙසක් සමයේ මගහැරීමට බැති ගී ආශ්වාදය ලබා දීමට අපට හැකි විය. ඒ සදහා සහභාගී වූ රොටරැක්ට් සමාජ තුනෙහිම සාමාජිකයන් හට අප ස්තූතිවන්ත වෙමු.

වෙසක් සිතුවිලි සමගින් ඇරඹු සම්බුද්ධාය 2020 ව්‍යාපෘතිය අනගිභවනීය වූ වෙසක් කූඩු තරඟාවලියකින් අලංකෘත කර භක්ති ගීත මගින් සැමගේ සිත් තුල බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරමින් මෙසේ අවසාන වූයේ 2021 වසරේ නැවත ඔබ සැම මුනගැසෙන බලාපොරොත්තුව සමගිනි.

 

Written By:

Rtr. Lakindu Dias
( Member – 2019/20 )

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments