අන්තරේ වෙඩි

දස මසක් කුස බර නොදැරුවට – දරු සෙනෙහෙ ළය වෑහුනා
කවිච්චියකට කිරි නුදුන්නට – කල සතක දුක වෑහුනා
දරා දිවි ගිනි පොවා සිප් කිරි – මගේ සඳ නිති වැජබුනා
සොයා ලොව සිරි පතා රජ සිරි – සරසවියකට ඉගිලුනා

යොමා තේජස දරා කිතුගොස – සඳෙහි නම එහි බැබලුනා
මාර අඟනුන් දෙවෙනි අඟනුන් – පුතු අභිමුඛව පැරදුනා
පතා ලොව සිරි කරනු රට සිරි – දිවා රැයෙහම වෙහෙසුනා
සිංහ තේජස විහිදි සඳ වෙත – අන්තරේ නෙත යොමූ උනා

සති අගට නිති ගෙදර ආ සඳ  – මසට පායනු නොදුටුවා
රට රකින රිසි පෙළපාලි හැම – මොහුත් යන බව සැලවුනා
දිනක් හිත් පිත් නොදැරු උණ්ඩය – මගේ පුතු වෙත පියඹුවා
මගේ ලොව නිති අඳුරු කරමින් නොයෙන ගමනින් බැස ගියා

Written By:

[siteorigin_widget class=”WP_Widget_Media_Image”][/siteorigin_widget]

Janith Weerasooriya
(7th place – Descriptive Article Category)
WORDSVILLE’20

Leave a Comment

Your email address will not be published. Required fields are marked *