අභිනිෂ්ක්‍රමණය – Wordsville 6.0

 

කවර කිසිවෙත් නොසිටිහෙයින්
හිතදර චන්න මිතුරෙක්
තනිව යන්නට සිදුවුණි
පිටව මහා මාළිගයෙන්
මේ ගමන අසු පිටින් නොවේ
පියාපත් මුදාහළ
උකුසු රාජයෙකු පිටිනි
දුර කතර ගෙවා
අනෝමා ගංතෙර පැරදූ
මහා සාගර මතින් පැනිය යුතු
අභිනිෂ්ක්‍රමණයට

බොහෝ කලකට පෙර ම
බැහැර වූයෙන් නාටිකාංගනා ඇසුරින්
විකාර විච්චූරණ නොදැක්කෙමි
ඒ අවසන් රැයත්
සොර රහසේ නොයායුතුය මෙවර
රණ බෙර ගසා….. රට රාජ්‍ය පුරා….
මව්පිය පාර්ශ්ව උරුමය ද රැගෙන
කරුම රාජ්‍යයෙන් පිටවිය හැකිය
සිනාමුසු මුහුණු මවා පෙන්නවා…

අභිනිෂ්ක්‍රමණය කළෙමි
නැවත පැමිණෙන්නෙමියි, වැටෙමි
උභය කුල නෑසියන්

 

Written By: –

 

 

 

 

Rtr. Kaveesha Hansi
(Faculty of Arts)
(University Of Colombo)

 

Design By: –

 

 

 

 

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top