ආදරේ පාඩම

 

+අසේලි,
-හ්ම්ම්…
+දන්නවද දෙයක්?
-මොකක්ද?
+මිනිස්සු හිතන් ඉන්නේ ආදරේ විතරයි ලස්සන කියලා..
-ඔව් ඉතින් එකනේ හැමෝම ආදරේ හොයන්නේ.
+එත් එක වැරදි.
-ඇයි තුරුලි එහෙම කියන්නේ?
+විරහවත් හරි ලස්සනයි අසේලි. මනුස්සයෙක් තවත් මනුස්සයෙක් ගෙන් ඈත් වෙන එක කොහොමද තුරුලි ලස්සන දෙයක් වෙන්නේ. පිස්සු ද ඔයාට?
+අහන්න, හැම දෙකම හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියනවා. හිතන්න ආදරේ කරන කෙනා ආදරේ නැත්තම් බලෙන් තියාගෙන ඇති වැඩේ මොකක්ද?
-ඉතින් එහෙමයි කියලා එකේ හොද පැත්තක් නම් මං දකින්නේ නැ.
+අයියෝ මෝඩ අසේලි. ඇයි අපිට බැරි එකේ හොද පැත්ත හිතන්න. හිතන්නකෝ අපිට ඒ කියන්නේ ඔයාව හරි මාව හරි දාලා ගිය කෙනා ගතින් ඈත් උනාට අපිට හිතින් ඈත නැනේ.
-ඉතින් ? මතක ගොඩක් එක්ක අපි තනි වෙනවා නේ.
+අන්න හරි අසේලි. එතකොට අපිට පුළුවන් නේ අපි දෙන්නගේ මතක එක්ක තනි වෙන්න. තනියම හිනාවෙන්න. කොට්ටේ තෙමෙනකන් අඩන්න. ආයේ හිනා වෙන්න. වැඩ ගොඩක් වැඩි කරගෙන මහන්සි උනාම ආයේ එයා මොනව කරනවද ඇතිද කියලා අපිට හිතන්න පුළුවන් නේද අසේලි? -එත් එයා අපි ලග නැ තුරුලි. මට නම් එක ටිකක් දරාගන්න අමාරුයි.
+හරි දරාගන්න අමාරු නැ කිව්වොත් එක බොරුවක් නේ. එත් එහෙමයි කියලා අපිට හැමදාම අඩන්න බැනේ. ඒ මතක ටික පරිස්සමින් තියන් අපි අපේ ගමන කොහොම හරි යන්න ඕනේ. ආදරෙන් පරාද වෙනවා කියන්නේ ජීවිතේම නැති වෙන එක නෙමේ අසේලි. එක ජිවිතේ එක පැත්තක් විතරයි.
-එහෙම කරන්න පුළුවන් ද?
+ඔව් උත්සහ කලොත්. ගොඩක් අය එකට උත්සහ කරන්නේ නැ. එකයි මුළු ජීවිතේම අදුරු කරගන්නේ.
-එක හරි ශෝක් කතාවක් තුරුලි.
+ශෝක කතාවක් මං ශෝක් කලා අසේලි.

Written By: –

 

 

 

 

Rtr. Sanjana Hirushi
(General Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Ushanth Jayakumar
(Junior Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Nawodi Thathsarani
(General Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments