එදායින් පස්සෙ මම කලු ශර්ට් ඇන්දේ නෑ

“ආ නගින්න ටවුන් හෝල් ඇව් ලට්ටු තුම්මුල්ල නුගේගොඩ කිරුළපන විජේරාම මහරගම”

ලගෙන් හෝල්ට් මීටර් 100 දුවනවත් වඩා වේගෙන් මම 138 බස් එකට නැග්ගෙ.

නැත්තම් ඉතින් අනිත් බස් එක ඇවිත් කොටුවේ ස්ටේෂන් එක ලගින් ලෝඩ් කරලා යනකොට
මට ගිහින් කැම්පස් එකේ ලෙක්චරර් ගෙන් එක්ස්ට්‍රා ලෙක්චර් එකක් ගන්න වෙනවා.

දුවලා ගිහින් එල්ලුනා වගේ නොවෙයි බස් එක ඇතුල නිකන් මල් සරසග මල් වත්ත වගේ.

මන් හිතන්නෙ මෙතනට අඩු රාමයි, සීතයි, රාධයි, ක්‍රිෂ්ණයි කෝහෙද.

හිටි කපල් වැහි වැහැලා හැම සීට් එකේම.

කොන්දොස්තරගේ කියවිල්ලට මැක පොල්ල අල්ලන් ඉස්සරහට ගිහින් ඉඩ ගත්ත ආසනේ
එහා පැත්තෙත් ලව් බර්ඩ්ස් හියුමන් මිනි වර්ෂන් ගොඩුවක්.

එක කනකට ඉයර් පොඩ් එකක් ගහගෙන සුපුරුදු මනෝපාරට මම සෙට් උනා.

හරිම ලොකු කාලයක් අපි ආදරේ කරේ නෑ.
ඒත් මම ලොකු කාලයක් එයාට ආදරේ කරා. තාමත් කරනවා.

එයා කියන්නේ අමනුස්සයෙක් වගේ මනුස්සයෙක්ට, කවියෙක්ට වගේ ආදරේ කරලා
දෙවල් උකස් නිසා පැට කෑව ලස්සන ගෑනු ලමයෙක්.

ක්ෂණික ගොඩක් තිබ්බත් ඒ කිසිම දෙකින් ඉස්සරහට යන්න එයාට උනේ නෑ.
මොකද එයාගේ පෙම්වතා ඒවාට හරස් උනා.

එයාල මට අහම්බෙන් හමුවනකොට එයා බිඳුණු හරි ආකර්ෂණීය ලස්සන හදවතක අයිතිකාරියක්.

මම එයාට පොරොන්දු උනා එයාට ජීවිතයක් අරන් දෙන්න කියලා.
මම එයාල බලාගත්තා, එයාට ජීවිතයක් දුන්නා,
එයාගේ හැකියාවන් එයාට පෙන්ලා දුන්නා.
කෙටියෙන්ම කියවොත් එයාල මනුස්සයෙක් කරා.

එයයි මමයි මුලින්ම හමුවුන කාලේ මම ඇඳන් හිටියේ සුදු ශර්ට් එකක්.
ඒත් එයා කැමතිම උනේ මම කළු අත් දිග ශර්ට් එක අදිනවට.

මම කොච්චර ඇඳුම් අරන් ඇඳලා පෙන්වුනත් එයා මට කිව්වේ,

“ලස්සනයි ඒත් කළු ශර්ට් එක වගේ නම් නෑ කියලා.”

අන්තිමට මම කළු අත් දිග ශර්ට් විතරක්ම 5ක් ගත්තා.

කාලයක් ගෙවිලා එහෙමම ගියා.
එයාට එයා ගැන දුක හිතුන එක නැති වෙලාම ගියා.

ආ තව එකක් එයාට මම එයාට දුන්නා කියලා කියවන්න පොතකුයි
මාල මතක් වෙන්න කළු ශර්ට් එකකුයි.

“නුගේගොඩ හින්න අය කිට්ටුවට එන්න”

කොන්දොස්තර මහත්තයා කනට පොඩ්ඩක් උඩින් කෑගහනකොට
මම මනෝ ලෝකයෙන් පියවි සිහියට ආවා.

ආව ගමන් මගේ කනට වැටුන හරි හුරු වචන ටිකක්:

“කළු ශර්ට් එකක් අදින්න මාල ආයෙ හමුවෙන්න එනකොට.”

මාල ආයෙ අතීතයට ඇදලා ගියා.

කාලයක් ගෙවිලා යනකොට මම ගොඩාක් ආදරෙන් පරිස්සම් කරපු ආදරේ ලගට
එයාගේ පරණ පෙම්වතා ඇවිත් තිබුනා.

මන් එයාලම බලාපොරොත්තු වෙලා ඉන්නකොට එයා අරයත් එක්කම හිටියා.

හිත ගල් කරන් එයාගේ කැමත්තට ඉඩ දෙන්න කියලා හිතලා
එයාල අන්තිම පාරට බලන්න හොරු හේතුවක් හදාගෙන එයාල හමුවෙන්න ගියා.

එකදා ගියේත් එයා ආසම කළු ශර්ට් එක ඇඳගෙන.
අවාසනාවට මහා කෝල් 12ක් ගත්තා.
එයා ඇන්සර් කරේ නෑ.
එයාගේ ලයින් එක බිසි උනා, මගේ හිත බිඳිලා ගියා.

ඒත් එයා නොකියන එක දෙයක් තිබුනා.
එකයින් පස්සේ මම කළු ශර්ට් අඳින්නේ නෑ.

“කැම්පස් එක ලග හින්න”

අපි දෙන්නම කළු ඇඳන් ගහපු ෆොටෝ එක බලලා
මම හිනාවක් මතු කරගෙන බස් එකෙන් බැස්සා.

Written By: –

 

 

 

 

Yuki Udayanga
Sri Lanka Institute of Information Technology

Design By: –

 

 

 

 

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top