කාර්තුමය සාරාංශය – තෙවන කාර්තුව 2019/20

වසරේ තෙවන කාර්තුව දිගහැරුනේ මෙසේය;

 විශේෂ ජයග්‍රහණ

 

– Speech Craft – රොටරැක්ට් දිස්ත්‍රික්ක 3220 ,  ටෝස්ට් මාස්ටර් ඉන්ටර්නැෂනල් සමඟ එක්ව එහි ප්‍රථම ඒකාබද්ධ කථන ශිල්ප වැඩසටහන සති 10ක් පුරාවට රොටරැක්ට්වරුන්/රොටරියන්ස් සාමාජිකයින් 50ක් සඳහා පවත්වන ලදි. Rtr. අර්ෂඩ් සුෆි ඉස්මයිල්, Rtr.  දිල්හාරි ඩයස් සහ Rtr. ආමීනා ඉස්මයිල් RACUOCFMF යෙන් මෙම දුර්ලභ අවස්ථාවෙහි කොටස්කරුවන් බවට පත්වූහ.

රොටරැක්ට් චැම්පියන් ලීග් – සමස්ථ වශයෙන් 4 වන ස්ථානය – රොටරැක්ට් චැම්පියන් ලීග් 2020 හි හොඳම 5 ඇතුළත පැමිණි එකම පීඨ පදනම් කරගත් සමාජය RACUOCFMF  වේ. Rtr. පමුදි කාන්තා වෙඩි තැබීමේ ප්‍රථම ස්ථානය රැකගත් අතර Rtr. සජිනි 4 වන ස්ථානය දිනා ගන්නා ලදි. පිරිමි කඹ ඇඳීමේ කණ්ඩායම තෙවන ස්ථානය දිනා ගත් අතර කාන්තා කඹ ඇඳීමේ කණ්ඩායම දෙවන ස්ථානය දිනා ගන්නා ලදි, Rtr. සජිනි  චෙස් වලින් දෙවන ස්ථානයට පත්වූ අතර අපගේ කාන්තා ටැග් රග්බි කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත්විය.

-රොටරි තරුණ නායකත්ව සම්මාන 2020 – වඩාත් ජනප්‍රියව RYLA නමින් හැදින්වෙන මෙම වැඩසටහන, ජනවාරි මස 25 සහ 26 යන දෙදින පුරා Che Adventure Park හිදි පැවැත්විණි. අප රොටරැක්ට් සමාජයේ Rtr. ශෙහානි ලියෝ, මෙහි ජයග්‍රාහී කණ්ඩායම වු “Ketchup” කණ්ඩායමේ, ජයග්‍රාහණයට තුඩු දුන් සාමාජිකාවක් විය.

– අතථ්‍ය නිරෝධායන ප්‍රශ්නාවලි තරඟාවලිය (Virtual Quarantine Quiz Competition) – 2020 මාර්තු 31 දින නීති පීඨයේ රොටරැක්ට් සමාජය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියෙන්, Rtr. ආලෝකා වීරවර්ධන උද්‍යෝගිමත් තරඟකරුවන් 75 දෙනෙකු අතරින් ප්‍රථම ස්ථානය රැකගැනීමට සමත් විය.

 

සේවා ඛාන්ඩ

 

[smartslider3 slider=”162″]

 

WORLD DOWN SYNDROME DAY 2020

ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සැමරීම සඳහා සංවිධානය කරන ලද මෙම වාර්ෂික දිස්ත්‍රික් ව්‍යාපෘතිය, RACUOCFMF විසින් වසර ගණනාවක් අඛණ්ඩව සත්කාරක සමාජයක් ලෙස සම්බන්ධ වූ ව්‍යාපෘතියකි. 300ක් වූ ඩවුන් සින්ඩ්‍රෝම් සහිත ළමුන් සඳහා ප්‍රීතිමත් හා වටිනා දවසක් ලබාදීම සඳහා එක් දින වැඩසටහන අදියර තුනක් යටතේ පැවැත්විණි.

මෙම අදියර තුන, ළමුන් සඳහා නොමිලේ භෞතික චිකිස්සක සැසියක් ලබාදුන් වෛද්‍ය සායනයක්, ඔවුන්ගේ විශිෂ්ඨ හැකියාවන් විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පෙන්වීමට අවස්ථාව ලබාදුන් විවිධ සංදර්ශනයක් හා ඔවුන්ගේ හදවතට දැනෙන ලෙස සෙල්ලම් කිරීමට, නැටීමට සහ විනෝද වීමට සැණකෙලියකින් සමන්විත විය. සෑම ළමයෙකුටම දෛනික අවශ්‍යතාවයන් සදහා අවශ්‍යය දෑ ද ලබා දෙන ලදි.

 

[smartslider3 slider=”163″]

 

HIGH FIVE – PHASE 01

Project High Five 1.0 යනු RACUOCFMF දින දර්ශන වර්ෂයේ ඇති වඩාත් ප්‍රීතිමත්ම අවස්තාවක්. එය කිතුල්ගල ඇඩ්වෙන්චර් කෑම්ප් එකේ පැවැත්වූ නායකත්ව පුහුණු කඳවුරකි. පළමු දිනය සමන්විත වූයේ “Cobweb Odyssey”, “Balancing the Tube” සහ “Caterpillar Walk” වැනි විනෝද කටයුතු රශියකි. පසුව අප එකතුව ගංගා සනානයකින් ප්‍රබෝධමත් වී කැළණි ගගේ ගලා බසින ජලය මැද පිහිටි ගලක් මත ගිනිමැලයක් දල්වන ලදි. අපගේ දක්ශ ගායනශිල්පීන්, විශිෂ්ට සංගීතය සහ හොඳ ආහාර වලින් සමන්විත වූ රාත්‍රිය මීට වඩා හොඳ වීමට දෙයක් නොමැත.

දෙවනි දිනය එනම් අවසාන දිනය අපට ජීවිතයේ වඩාත්ම අමතක නොවන දිනයක් බවට හැරවීමට සමත් වූයේ අපි  මිතුරන් 8 දෙනෙකුගෙන් යුත් පහළට වේගයෙන් ගලාබසින ජලයේ ගමන් ගන්නා බෝට්ටු, සෑම වේලාවකම අපි පෙරළෙන්නෙ නැතිව සිටීමට උත්සහ කල අවස්ථාවන්ය. එය  ඇත්ත වශයෙන්ම විනෝදජනකයි!

ALOHA

Aloha 2020 හවායින් උත්සවය සාර්ථකව 2019 ජනවාරි 31 දින Beacon-Resolute හී සවස 6 සිට පැවැත්විණි. එය 2019/20 වර්ෂයේ රොටරැක්ට් දිස්ත්‍රික්ක 3220  යටතේ ඇති රොටරැක්ට් සමාජ 04ක එකතුවෙන් පවත්වන ලදි. කැපී පෙනෙන වර්ණවත් ඇඳුම් වලින් සැරසී, ඇතුලුවීමේ දොරටුවෙන් ලබාදුන් මල්මාලා ද පැළඳ, උත්සවයේ සංගීත තාලයට නටමින්, “Aloha” වෙත පැමිණි අමුත්තන් ඇත්තවශයෙන්ම වැඩිපුර වටිනාකමක්, දශකයක ආරම්භයේ පළමු වර්ශයේ අවසාන සිකුරාදා දිනයට එකතුකරන ලදි. තවද සාම්ප්‍රදායික උත්සව තරඟ ද සංවිධානය කර තිබුණි. ආකර්ශනීය හා තරඟකාරී බැලූන් නැටුමකින් පසුව පිළිවෙලින් ජා ඇල/කදාන රොටරැක්ට් සමාජය නියෝජනය කල Rtr. ලහිරු පෙරේරා සහ Rtr. ශෙලීශා මෙන්ඩිස් Aloha King and Queen ලෙස කිරුළු පැළදීය.

EPIPHANY

මෙය සංවිධානය කරන ලද්දේ “High Five” ව්‍යාතියේ දෙවන අදියර ලෙසය. Epophany සැසිය පවත්වන ලද්දේ සංස්කෘතික උපදේශක සහ මෘදු කුසලතා පුහුණුකරුවකු වන මිස්ටර් අට්ලෆ් අහමඩ් විසිනි. මෙම සැසියේ මූලික වශයෙන් අවදානය යොමු කලේ පුළුල් මාතෘකාවක් වන ස්වයං දැනුවත්භාවය පිළිබඳවය. එය ඔහු විසින් ඉතා දක්ෂ ලෙස සහභාගීවූවන් සියලු දෙනාටම තේරුම් ගැනීමට පහසු හා ඵලදායීලෙස ලෙස අනු මාතෘකාවලට බෙදා පැහැදිලි කරනලදි. ඉතාමත් වැදගත් සහ ණැනස පෑදෙන ජීවන පාඩම් කිහිපයක් විස්තර කිරීමට අමතරව සහභාගීවූවන් සැසිය තුල ඉගෙනගන්නා ලද සියලුම පාඩම් යොදාගනිමින් සිදුකිරීමට කණ්ඩායම් සැසි කිහිපයක් ද, ඔහු විසින් පවත්වන ලදි. අවසානයේ මිස්ටර් අහමඩ් බොලිවුඩ් නර්තන පුහුණුකරුවෙකු ලෙස සහභාගිවූවන් බොලිවුඩ් වේග රිද්ම ගීතයකට නටවමින් හා ඔවුන් දහඩියෙන් තෙත් කරමින් සැසිය අවසාන කරන ලදි.

BOARD TRIP

එක් රැයක් නැවතී සිටින මාණ්ඩලික චාරිකාව බොල්ගොඩ වෙරළට මදක් ඈතින් ඇති රස්කින් දූපතේ  පිහිටි බ්ලිස් විලාහි 2020 මාර්තු 12 සහ 13 යන දෙදින සිදුවිය. මෙහි ප්‍රධාන පරමාර්ථය වූයේ 2019/2020 විධායක කමිටු සාමාජිකයින්ට සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්ගේ ජීවිතයේ ඇති සංකීර්ණතා වලින් මානසික ආතතිය අඩු කිරීම වේ. සවස්‍ යාමය සතුටුසාමිච්චියේ යෙදෙමින් රාත්‍රිවනතුරු ගෙවූ අතර, සාමාජිකයින් පිහිණුම් තටාකය අසල සින්දු කියමින් කාලයගෙවූ අතර පසුව රාත්‍රි ආහාරය ගන්නා ලදි. පසුවදා උදෑසන ඔවුන් එකතුව පසුගිය රොටරැක්ට් වර්ෂය පිළිබඳ විනෝද ජනක සංවාදයක නිරතවූ අතර, සහභාගීවූ සියලුදෙනා විසින් ආදරයෙන් මෙම සංචාරය සිහිපත් කරන ලදි.

 

[smartslider3 slider=”164″]

 

R-EVOLUTION

R-Evolution යනු Dr. ඩී.වයි පටිල් විද්‍යා ප්‍රටිශ්තාන් , පූනේ ඉන්දියා -RID 3131 රොටරැක්ට් සමාජය සහ කොළඹ කළමනාකරණ හා මූල්‍ය පීඨය ඒකාබද්ධව වාර්ෂිකව පවත්වනු ලබන තාක්ෂණික නොවන ප්‍රශ්නාවලියකි. එය 2020 පෙබරවාරි 07 වන දින පස්වරු 1ට විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ පැවැත්වුණි. තරඟාවලිය කණ්ඩායම් වශයෙන් පැවැත්වූ අතර එක් කණ්ඩායමකට සාමාජිකයින් දෙදෙනෙකු බැගින් විය. ඔවුන්ට පැයක ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමට සිදුවූ අතර එය සාමාන්‍ය දැනීම ප්‍රශ්න  හා යෝග්‍යතා ප්‍රශ්න වලින් සමන්විත විය. ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 40කින් හා පිළිතුරු 4කින් සමන්විත වුණු අතර, එය වර්තමාන කටයුතුවලින් හා IQ ගැටලු වලින් පුළුල් පරාසයක් ආවරණය වන පරිදි නිර්මාණය කර තිබිණ.

තෙවන ස්ථානය ගයත්‍රි හත්තොටුව සහ ලහිරු මදුවන්ත විසින් දිනාගත් අතර අෂ්කාර් අජ්වාර්ඩ් සහ ජොඑල් මාර්ක් ගේ කණ්ඩායම දෙවන ස්ථානය ලබාගන්නා ලදි. අර්ෂඩ් සූෆි ඉස්මයිල් සහ ඕෂදී ඩයස් ප්‍රථම ස්ථානය දිනාගත් අතර ඔවුන්ට අත්පොළසන් මද්‍යයේ සහතිකපත් ප්‍රධානය කරන ලදි.

 

[smartslider3 slider=”165″]

 

CREATOR WITHIN YOU

මෙම වැඩමුලුව සංවිධානය කරන ලද්දේ සහභාගීවූවන්ගේ ඇඩෝබේ පොටෝශොප් හි දක්ෂතාවයන් හා හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණෙනි. මෙම සංවිධානය කරන ලද්දේ වෘත්තීය විශේෂඥයකු වන IKON හි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, චාමක රණසිංහ, අවශ්‍ය වූ විට එකිනෙක්කෙනා කෙරෙහි මග පෙන්වීමක් ලබා දෙමින් එක් එක් සහභාගිවන්නා විසින් කරනු ලබන කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් කරුණක් යන හැඟීමෙනි. මෙම සැසිය සහභාගිවූවන්ගේ ග්‍රැෆික් නිර්මාණකරනයට ඇති න්‍යායාත්මක දැනුම සහ තාක්ෂණික දැනුම වැඩි දියුණු කරගැනීමට උපකාර විය.

BRAND YOURSELF

මෙම සැසිය පවත්වන ලද්දේ සහභාගී වූවන්ට සන්නම් නාමයක් වශයෙන් ඔවුන් ගොඩනඟාගැනීම කෙතරම් වැදගත් ද යන්න දැනුවත් කිරීමටය. පුළුල්ව ගත් කළ මෙය පුද්ගල නාමය ලෙස හැඳින්විය හැක. Mr. චේතක ගුණවර්ධන විසින් පවත්වන ලද මෙම සැසිය ආකර්ශනීය සහ සෑම සහභාගීවන්නෙකුම නිරතවීම කෙරෙහි සහතික කරමින් සිදුකරන ලදි. ඔහු විසින් කෙනෙකුගේ අරමුණු සමඟ පුද්ගල වෙළඳ නාමය පෙළගැස්වෙන ආකාරය, අපගේ ජීවිතයේ අරමුණු සහ අරමුණු සාඳාගන්නා  ආකාරය,අපගේ අරමුණ සොයා ගන්නා ආකාරය සහ වර්ධනය කරගන්නා ආකාරය සැසිය පුරාවටම සාකච්ඡා කරන ලදි. ඔහු විසින් උදාහරණයන් සහිතව මෙම සංකල්ප පැහැදිලි කරන ලදි.

SKY IS THE LIMIT

මෙය ඉතාමත් උද්‍යෝගිමත් සැසියකි. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ හා ගෞරවනීය මහජන චරිතයක් එමෙන්ම ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු, ප්‍රබෝධමත් පෞර්ෂයක් ඇති මහේල ජයවර්ධන අපගේ කථිකයා ලෙස අපට සම්බන්ධ කරගත හැකි විය. ඔහු කුඩා කාලය ගැන එමෙන්ම වර්ධනය වෙත්ම සිදුවූ සමහර සිදුවීම් ඔහු අදසිටින පුද්ගලයා බවට පත්කිරීමට හේතුවී ඇති ඇත. ඔහු වයස අවුරුදු 22 දී සුප්‍රසිද්ධ පිළිකා සහය සඳහා පදනමක් ද පිළිකා සඳහා රෝහලක් සෑදීම සහ අප ජීවිතයේ දරාසිටින කුළුනු මෙන් අප ජීවිතයේ දී පෝෂණය කලයුතු සාරධර්ම පිළිබඳව ඔහු කළ කථාව ඉතාමත් උහ්‍යෝගිමත් ව ප්‍රේක්ෂකයින් ඇහුම්කම් දුන් අතර, ප්‍රශ්න විචාරයකින් සැසිය ඉවරකිරීමේදී ඔහු විසින් උද්‍යෝගිමත්ව සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන ලදි.

LIGHTS. CAMERA. ACTION

මෙය වීඩියෝ සංස්කරණය සඳහා බහුලව භාවිතා වන වෘත්තීය සම්මත මෘදුකාංගයක් වන DaVinci Resolve 16, භාවිතා කිරීමේ කුසලතා ඉගැන්වීම සහ සංවර්ධනය කිරීම අරමුණු කරගත් සංවිධානය කරන ලද වැඩමුළුවකි. නොමිලේ පවත්වන ලද මෙම වැඩමුළුව, උද්යෝගිමත් හා උත්සාහවන්ත සිසුන්ට මෙම මෘදුකාංගය ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා වේදිකාවක් නිර්මාණය කළ අතර, ආයතනික ලෝකයේ සහ වෙනත් වෘත්තීන්හි භාවිතා කළ හැකි වන පරිදි, ඔවුන්ගේ වීඩියෝ සංස්කරණ කුසලතා වර්ධනය කිරීමට සහාය විය. වැඩමුළුවේ සම්බන්දීකාරක රුස්නි ෆයික් මහතා මෘදුකාංගය පිළිබඳ අංශක සංවෘත්ත දර්ශනයක් ලබා දීමෙන් එය ඉතා ඵලදායී සැසියක් බවට වග බලා ගත්තේය.

 

මූල්‍ය ව්‍යාපෘති

 

YUMMILICIOUS

අරමුදල් රැස්කිරීමේ අරමුනින් ආහාර ප්‍රදර්ශන කුටියක් කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ දී පවත්වන ලදී. “ග්ලාස් අයිස් 5.0” හි මූලික වියදම් පියවා ගැනීම සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් එය සංවිධානය කර තිබුණද, කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් අපට “ග්ලාස් අයිස් 5.0” අවලංගු කිරීමට සිදු වූ හෙයින්, එම අරමුදල් “මිනිසත් පවුර” වැඩසටහන වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී. දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල අඩු වරප්‍රසාද හා අඩු ආදායම් ලාභී පවුල් 80 ත් 100 ත් අතර ප්‍රමාණයකට ආධාර කිරීම සඳහා ප්‍රජා සේවා ඛාන්ඩය යටතේ සංවිධානය කරන ලද ව්‍යාපෘතියකි. පැය 4 ක් වැනි කෙටි කාලයක් තුළ සියලුම ආහාර ද්‍රව්‍ය විකුණා දැමූ බැවින් මෙම ව්‍යාපෘතිය දැවැන්ත සාර්ථකත්වයක් ලැබීය.

“ඔබ කළ යුතු දේ හොඳ චේතනාවෙන් කරන්න. ඔබේ ක්‍රියාවන් සැමවිටම අරමුණක් සොයාගනු ඇත.”

 

මහජන සම්බන්ධතා ව්‍යාපෘති

 

COUNT YOUR BLESSINGS

මෙය ඉන්ස්ටග්‍රෑම් හරහා ධනාත්මක චින්තනය ව්‍යාප්ත කිරීමේ අරමුණින් COVID-19 ඇඳිරිනීතිය පනවන ලද මුල් කාලයේ සෘණාත්මක සහ අනවශ්‍ය සිතුවිලි මිනිසුන් අතර පැතිරෙන කාල සීමාවේ සිදු කරන ලද ව්‍යාපෘතියකි. සහභාගිවන්නන්ගේ ජීවිතය පිළිබිබු කිරීම නමින් ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස් සඳහා සුදුසු ආකෘතියක්  අපවිසින් සකස් කර අතර  ඒ තුළින් ඔවුන්ට ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට අවස්ථාව සලසා දෙන ලදි.

ඔවුන් මේ කාලවකවානුවේ ඉගෙන ගත් දෑ.ඔවුන්ට වටිනාකමක් ගෙනදෙන මතකයන් සහ ඔවුන් ස්තූති වන්ත වන දෑ හෝ පුද්ගලයින් පිලිබඳ පිලිතුරු සැපයීම සිදුකරන ලදි.150කට අධික ප්‍රතිචාරයන් නිසා අපට සතුට පැතිරවීමට හැකිවූවා සේම මෙම ප්‍රතිචාර සමාජ මාධ්‍ය ඔස්සේ කියවන ලද පිරිසටද සතුට ගෙන ඒමට මෙම ව්‍යාපෘතිය මගින් අපට හැකි විය.

EACH FOR EQUAL

මෙය 2019 වසරේ ලෝක කාන්තා දිනය නිමිත්තෙන්, “සෑම කෙනෙකුම එක සමානවේ” යන තේමාව සනිටුහන් කරමින්, සකස් කරන ලද වීඩියෝවකි. තෙමාවට අදාල කාලෝචිත සමාජ පණිවිඩයක් මින් ලබා දෙන ලදි. එනම්, ස්ත්‍රිරී පුරුෂ භාවය කුමක් වුවත් සමාජය තුළ ඉටු කරන සෑම කාර්යභාරයක්ම වැදගත් ය යන්නයි. පණිවුඩයට වඩාත් අර්ථයක් එක් කිරීම සඳහා සෑම පේළියකම “ඔහු” යන වචනය ගැහැණු ළමයෙකු විසින් ද සෑම පේළියකම “ඇය” යන වචනය පිරිමි ළමයෙකු විසින්ද ප්‍රකාශ කරන ලදි. එකට වැඩ කිරීමේ වැදගත්කම අප හඳුනාගත් අතර, මේ රටේ අනාගත නායකයින්ගෙන් සමන්විත මූලික වශයෙන් තරුණ නායකත්වයෙන් යුත් ව්‍යාපාරයක් ලෙස සාමාන්‍ය ජනතාවගේ මනසෙහි ධනාත්මක අවබෝධයක් ඇති කළෙමු.

 

SDG ආවරණය

RACUOCFMF විසින් සම්පුර්ණ කරන ලද ව්‍යාපෘති හරහා තෙවන කාර්තුව පුරා පහත සඳහන් SDGs (තිරසාර සංවර්ධන අරමුණු) ආවරණය කරන ලදී.

 

Rotary Focus Areas ආවරණය

RACUOCFMF විසින් සම්පුර්ණ කරන ලද ව්‍යාපෘති හරහා තෙවන කාර්තුව පුරා පහත සඳහන් Rotary Focus Areas ආවරණය කරන ලදී.

 

CLUB ACHIEVEMENTS

පහත දැක්වෙන්නේ රොටරැක්ට් සමාජයක් ලෙස අප කාර්තුව පුරා ළඟා වූ සන්ධිස්ථානවල සාරාංශයකි.

පොදු රැස්වීම් ගණන : 04
මණ්ඩල රැස්වීම් ගණන : 03
Rotaractor of the Months :
Rtr. දුලාන් ප්‍රභාෂණ & Rtr. දිලනි පෙරේරා  – ජනවාර

Rtr. නුස්හත් රස්වි – පෙබරවාරි
Rtr. ඔෂධි ඩයස් – මාර්තු
Rotaractor of the Quarter : Rtr. හරිත් ලොකුගමගේ

 

දිස්ත්රික් සහභාගීත්වය

පහත දැක්වෙන්නේ කාර්තුව තුළ අප සමාජය RACUOCFMF සහභාගී වූ දිස්ත්‍රික් සිදුවීම් ය.

රොටරැක්ට්-ටෝස්ට්මාස්ටර්ස් කථන ශිල්ප වැඩසටහන (Rotaract-Toastmasters Speech Craft Program) – මෙය රොටරැක්ට් සහ ටෝස්ට්මාස්ටර්ස්  ඉන්ටර්නැෂනල් විසින් ප්‍රථම වරට එක්ව සිදු කරන ලද නියමු ව්‍යාපෘතියකි. දින 10 ක වැඩසටහන රොටරැක්ටර්වරුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි සකස් කරන ලද කථන ශිල්පීය වැඩසටහනක ව්‍යුහය ගෙන ඇති අතර ප්‍රසිද්ධියේ කථා කිරීම, නායකත්වය, ව්‍යාපෘති සැලසුම් කිරීම යනාදිය කෙරෙහි අවධානය යොමු කරන ලදි.

රොටරැක්ට් ඉන්ටර්නැෂනල් .දිස්ත්‍රික් 3220 අන්තර් සම්බන්ධතා රැස්වීම –  මෙය 2020 පෙබරවාරි 17 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වූ අතර රොටරැක්ට් ඉන්ටර්නැෂනල් හි  සභාපති Rtn. මාර්ක් මැලෝනි සහ රොටරි ජනාධිපති ආර්යාව ගේ මැලෝනි සහභාගීත්වයෙන් පැවැත්විණි. ප්‍රේක්ෂකාගාරය උද්‍යෝගිමත් රොටරැක්ට්වරුන් , රොටරි වරියන් සහ අන්තර්ක්‍රියාකාරයන් ගෙන් සමන්විත විය. සාම්ප්‍රදායික විධිවිධාන හා සහයෝගීතාවයට අමතරව, සන්ධ්‍යාවේ විශේෂත්වය වූයේ රොටරි ඉන්ටර්නැෂනල් විසින් ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් සමඟ එක්ව ආරම්භ කරන ලද කථන ශිල්ප වැඩසටහන අගය කිරීමයි.

රොටරි තරුණ නායකත්ව සම්මාන 2020 – එලිමහන් නායකත්ව පුහුණුවක් වු මෙම වැඩසටහන, පුරා දෙදිනක්, තරුණ රොටරැක්ට් සාමාජිකයන් 90 දෙනෙකුගේ සහභාගිත්වයෙන් Che Adventure Park හිදි පැවැත්වුණි. මෙම වැඩසටහනට සත්කාරත්වය දැක්වූයේ Colombo Mid Town රොටරි සමාජය විසිනි. අප සමාජය නියෝජනය කරමින් Rtr. ශෙහානි ලියෝ සහ Rtr. පියුමි අබේවර්ධන සහභාගි වූ මෙම වැඩසටහනේ, Rtr. අෆ්‍රා මොහොමඩ් විශිෂ්ටතම RYLARIAN සම්මානය දිනාගත් අතර, Rtr. කීත් මෙහ්තා වඩාත් ජනප්‍රිය RYLARIAN සම්මානයෙන් පිදුම් ලැබුවේය.මෙම වැඩසටහන නායකත්ව කුසලතා ප්‍රගුණ කිරීමට මෙන්ම, දිගු කාලීන මිතුදම් පෝෂණය කිරීමටද අපූරු අවස්ථාවක් විය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන – මාර්ග ආරක්ෂාව පිළිබඳ උපදේශන ව්‍යාපාරයක කොටසක් ලෙස රොටරි දිස්ත්‍රික් 3220 විසින් “මාර්ග ආරක්ෂණ සතිය” සංවිධානය කරන ලද අතර එය 2020 ජනවාරි 18 සිට 25 දක්වා පැවැත්විණි. Rtr.   ශෙහානි ලියෝ, Rtr. කෙත්නි විජේසිංහ , Rtr. සසෙනි විජෙගුණවර්ධන , Rtr.නදීර රත්නායක සහ Rtr. නිඛිල් සෙනදීර ජනවාරි 21 වන දින ශ්‍රී ලංකා පදනමේ ශ්‍රවණාගාරයේ පැවති බුද්ධිමත් සැසිවාරයේ කොටසක් ලෙස සහභාගී විය.

 

අපගේ සහභාගීත්වය

  • 3×3 Championship 2020 – RACFOLUOC
  • Wella Pongal – RAC Wellawatte
  • Rangoli – RAC Centennial United
  • Future Proof – RAC Kelaniya
  • IR Bolah 2020 – RAC Colombo Midtown & RAC Colombo West
  • Hat Trick 2020 – RAC Colombo Fort
  • Hotdog Showdown – RAC IIT
  • Midtown Picnic – RAC Colombo Midtown
  • Cook Off – Cluster 05
  • Paduru Party – RAC USJ
  • Enigma 2020 – RAC KDU
  • Know Your SDGs – RAC Centennial United & RAC Colombo Midtown
  • My Rotaract Story – RAC USJ
  • Real Life Superheroes – RAC Colombo Midtown
  • Virtual Open Mic Night – RAC Colombo West
  • Quarantine and Chill Art Competition – Rotaract Clubs of Badulla, Colombo Fort, ICBT, MSI, Nallur, Kurunegela, University of Peradeniya
  • Hand Wash Challenge – RAC IIT

 

For the Tamil Article click on : https://rcuocfmf.com/2020/06/காலாண்டு-சாராம்சம்-மூன்.html

For the English Article click on : https://rcuocfmf.com/2020/06/quarterly-round-…-quarter-2019-20.html

 

Written By:

Rtr. Gayan Perera
( Co-Director Digital Communications – 2019/20 )

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments