කාර්තුමය සාරාංශය – පළමුවන කාර්තුව 2019/20

 

වසරේ පළමු කාර්තුව හැරුනේ මෙසේ ය:

විශේෂ ජයග්‍රහණ

 

  • සැප්තැම්බර් මාසයේ සභාපති – Rotaract දිස්ත්‍රික්කය 3220

3220 Rotaract දිස්ත්‍රික්කයේ, සැප්තැම්බර් මාසයේ සභාපති ලෙස අප Rotaract සමාජයේ (RACUOCFMF), වර්තමාන සභාපති Rtr. ශෙහානි ලියෝ මෙනවිය පිළිගැනීමට ලක්වීම.

  • ලෝක සාම දින චිත්‍ර තරඟය ජය ගැනීම

අප Rotaract සමාජයේ සමාජික Rtr. හේශානි ඕශධී සොහොයුරිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ Rotaract සමාජය විසින් සංවිධානය කරන ලද ලෝක සාමය තේමාකොටගත්  චිත්‍ර තරඟයේදී, ප්‍රථම සථානය දිනාගන්නා ලදි.

  • Rotaract Future Leaders ( Rotaract අනාගත නායකත්වය )

3220 Rotaract දිස්ත්‍රික්කය විසින්, වෘත්තීය සංවර්ධනය පදනම් කරගෙන සංවිධානය කරණ ලද,  අනාගත නායකයින්ගේ වැඩමුළු මාලාවට සහභාගි වීම සදහා අප සමාජයේ වෘත්තීය සංවර්ධන අධ්‍යක්ෂ Rtr. ඩිල්ශා පෙරේරා මෙනවිය සුදුසුකම් ලැබීය.

  • Blog ( බ්ලොග් )

අප Rotaract සමාජය (RACUOCFMF) විසින් පවත්වා ගෙන යන බ්ලොග් අඩවිය අප සමාජයට ඉතා වැදගත් හා ඉතා ක්‍රියාකාරී අංගයකි. පළමුවන කාර්තුවේදී අප බ්ලොග් අඩවියේ පහත සඳහන් විශේෂ සන්ධිස්ථාන කරා ළඟා විය.

-අප බ්ලොග් අඩවිය නැවත ප්‍රතිනිර්මාණය කොට එළි දැක්වීම.
-350 වන බ්ලොග් ලිපිය ප්‍රකාශයට පත් කිරීම.
-බ්ලොග් දර්ශන 350,000ක් කරා ළඟා වීම.

 

සෙවා ඛාන්ඩ

 

[smartslider3 slider=65]

ආරම්භයක් ‘19 ( ARAMBAYAK ‘19 )

අප රොටරැක්ට් සමාජයේ (RACUOCFMF) සෑම රොටරැක්ට් වර්ෂයකම සංවිධානය කරනු ලබන පළමු ව්‍යාපෘතිය මෙයයි. අඛණ්ඩව, තුන්වන වරටත් සංවිධානය වුනු මෙම වැඩසටහන පන්සල, කතෝලික දේවස්ථානය, මුස්ලිම් පල්ලිය හා හින්දු කෝවිල යන ආගමික සිද්ධස්ථාන පෙරටුකරගෙන උදෑසන භාගයේදි පැවැත්විනි. මේ සෑම ආගමික ස්ථානයකින්ම දේව ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව දහවල් කාලයේදී අප සමාජිකයන් විසින් තම නිවෙස් වල සැකසූ බත් පැකට් දිනපාතා මහමග ජීවිතය ජය ගැනීමට සටන් කරන අසරණ මිනිසුන් අතරේ බෙදා දීමට කටයුතු කරන ළදි. මෙම ව්‍යාපෘතිය තුළින් සාමාජිකයන් අතර බැදීම ශක්තිමත් වූ අතර සාමය හා සමගිය සඳහා අඩිතාලම දැමීය.

HERO IN YOU  ව්‍යාපෘතිය

මහරගම අපේක්ෂා පිළිකා රෝහලේදී දෙවනි වතාවටත් අඛණ්ඩව සංවිධානය වුනු මෙම වැඩසටහන මෙවර  කුඩා දරුවන් සදහා වූ මෙහෙවර හා දයානුකම්පාව යන තේමාව මුලික කොටගෙන පැවැත්විනි. අප සමාජයේ සාමාජිකයන් විවිධ කාටූන් චරිත වලට ජීවය දෙමින් රංගනයේ නිරත වූ අතර ඒ කුඩා දරුවන්ගේ මුහුනෙහි සිනහවක් ඇති කිරීමට ඔවුන් ගත් ඒ සුන්දර උත්සහයට මෙයින් ඔවුන්ට ස්තූතිය පිරිනමමු. තවද වැඩසටහන අතරතුර ගායන, නර්තන, චිත්‍ර තරග සංවිධානය වූ අතර අවසානයේ දී ඒ කුඩා ළමුන් වෙනුවන් සූදානම් කර තිබූ ත්‍යාග  ඔවුන් අතරේ බෙදා දෙන ලදි. මෙම වැඩසටහනේ විශේෂ සංධිස්ථානයක් වූයේ ප්‍රවීණ රංගන ශිල්පී ශනුද්‍රි ප්‍රියසාද් මෙනෙවිය අප හා මෙම වැඩසටහන සදහා සහභාගී වීමයි. Hero in you වැඩසටහන මගින් එම කුඩා ළමුන් හට ලොකු සිහින දකින්නත් ඔවුන් තුල සැඟව සිටින වීරයා ඉස්මතු කිරීමටත් දායක වූ බව එහි පැමිණි සිටි අයගේ අදහස වුනා.

 

[smartslider3 slider=66]

ප්‍රේරණ හා අනුස්ථාපන වැඩසටහන 2019

මෙම වැඩසටනේ මුලික අරමුණ වූයේ නව සාමාජිකයන්ට අප රොටරැක්ට් සමාජය (RACUOCFMF)  පිලිබදව මූලික හදුන්වාදීමක් සිදුකිරීම හා ඔවුනොවුන් අතරත් සමාජයෙ පැරණි සාමාජිකයන් අතරත් සුහදතාවය වර්ධනය කිරීමයි. මේ සදහා කණ්ඩායම් ක්‍රියාකාරකම් කිහිපයක් සූදානම් කර තිබූ අතර ඒවා සදහා සමාජිකයන් ඉතා උවමනාවෙන් හා විනෝදයෙන්  සහභාගී විය.

10 වන පදවි පිහිටුවීම් සැමරුම් උලෙළ

මෙම කාණ්ඩය යටතේ සිදුවූ පළමු වැඩසටහන වූයේ, 10 වන පදවි පිහිටුවීම් සැමරුම් උලෙළයි. මෙහිදී Rtr. ශෙහානි ලියෝ මෙනෙවිය අප සමාජයේ නව සභාපති ලෙසත් Rtr. පියුමි අබේවර්ධන මෙනවිය නව ලේකම් ලෙසත් 2019/20 වර්ශය සදහා අධ්‍යක්ෂ මණ්ඩලයත් නිල වශයෙන් තෝරා පත්කර ගැනුනි. තවද, පසුගිය වසරවල අප සමාජයේ යහපත වෙනුවෙන් කැපවිමෙන් කටයුතු කල සමාජීකයන් පිරිසක්ද ඇගයීමට ලක් කරන ලදි.

 

[smartslider3 slider=67]


R-DOSTI ව්‍යාපෘතිය

3131 රොටරැක්ට් දිස්ත්‍රික්කය ට අයත්, ඉන්දියාවේ තම ක්‍රියාකාරකම් පවත්වාගෙන යන Dr. Y. Patil Vidya Pratishthan රොටරැක්ට් සමාජය හා එක්ව අප සමාජය RACUOCFMF සංවිධානය කල මෙම ව්‍යාපෘතිය මෙවර සියලුම කාණ්ඩ යටතේ කුඩා කුඩා වයාපෘති ලෙස සංවිධානය විය.

  • Club Service කාණ්ඩය යටතේ – Game On
  • ජාත්‍යන්තර සේවා කාණ්ඩය යටතේ – Naach to the Groove
  • ප්‍රජා සේවා කාණ්ඩය යටතේ – “Kruthaguna” (කෘතගුණ)
  • වෘත්තීය සංවර්ධන කාණ්ඩය යටතේ – Be the Creator.

තවද අප සම්ප්‍රදායන් හුවමාරු කරගැනීමේ අරමුණින් අප සමාජයේ සමාජිකයන් එකට එකව, ඉන්දියානු ආහාර වේලක් සකස් කර ආහාරයට ගැනීමේ විනෝදය සඳහ වූ අභියෝගයක් ද පැවැත්විනි.


WORLD LITERACY DAY

මෙම ව්‍යාපෘතිය දකුණු බෙංගාල සහ අන්දමන් දූපත් වලට අයත් 3291 රොටරැක්ට් දිස්ත්‍රික්කය සමඟ ඒකාබද්ධව සිදු කරන ලදී. මෙහි සත්කාරක සමාජ ලෙස අප සමාජය (RACUOCFMF), Colombo West, APIIT, ACBT, Colombo Mid Town, Wattala සහ Kelaniya යන රොටරැක්ට් සමාජ කටයුතු කලහ. “ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන” වැඩසටහන් වල කතිකාචාර්ය වරයකු වන Zafar මහතා විසින් මෙයවූ අතර සැසිය “’හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය, ආරක්ෂක සම්බන්දතා” යන තේමාව යටතේ සංවිධානය විය.

 

[smartslider3 slider=68]


GREEN ISLE ව්‍යාපෘතිය

LG Abans සමාගම හා එකව, 3220 රොටරැක්ට් දිස්ත්‍රික්කය ට අයත් තවත් රොටරැක්ට් හා Interact සමාජ කිහිපයක්, රජයේ දෙපාර්තමේන්තු හා තවත් ශිෂ්‍ය සංවිධාන කිහිපයක් සමග එක්ව සංවිධානය වුනු මෙම ව්‍යාපෘතිය පරිසර තත්වය යතාතත්වයට පත් කිරීමේ අරමුණින් බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමියේදී සාර්තක ලෙස ක්‍රියාත්මක විය. මෙහිදී මෙම සමාජ විසින් එක්ව පලතුරු පැල 300ක් එම අභයභූමියේහි රෝපණය කිරීම විශේෂ කටයුත්තකි.

WE LOVE THE SEA ව්‍යාපෘතිය

අප රොටරැක්ට් සමාජය (RACUOCFMF),  Colombo Mid Town, Colombo West, Achievers Lanka Business School, ACBT සහ SLIIT ආයතන වල රොටරැක්ට් සමාජ හා එක්ව අප රොටරැක්ට් සමාජය (RACUOCFMF) එක්ව ගෝලීය ව්‍යාපෘතියක් වන we love sea වයාපෘතිය  ස්වේච්ඡාවෙන් මෙහෙය වීය. ගෝලීය සාගර පිරිසිදු කිරීමේ දිනයේ කොටසක් ලෙස යාපනය හා වැල්ලවත්ත ප්‍රදේශ වල මුහුදු වෙරළවල් සුද්ද පවිත්‍ර කිරීමට පියවර අප පියවර ගත්තෙමු.

 

SDG ආවරණය


RACUOCFMF විසින් සම්පුර්ණ කරන ලද ව්‍යාපෘති හරහා පළමුවන කාර්තුව පුරා පහත සඳහන් SDGs (තිරසාර සංවර්ධන අරමුණු) ආවරණය කරන ලදී.

 

Rotary Focus Areas ආවරණය


RACUOCFMF විසින් සම්පුර්ණ කරන ලද ව්‍යාපෘති හරහා පළමුවන කාර්තුව පුරා පහත සඳහන් Rotary Focus Areas ආවරණය කරන ලදී.

 

Club Achievements


පහත දැක්වෙන්නේ රොටරැක්ට් සමාජයක් ලෙස අප කාර්තුව පුරා ළඟා වූ සන්ධිස්ථානවල සාරාංශයකි.

  • සාමාජික සංඛ්‍යාව – 257 – 75% වල වර්ධනයක්
  • මහා සභා රැස්වීම් – 04
  • මණ්ඩල රැස්වීම් – 03
  • Rotaractors of the Months
    Rtr. නිපුන සඳරුවන් – ජුලි
    Rtr. තරුශි හතරසිංහ – අගෝස්තු
    Rtr. නතාශා සූරසිංහ – සැප්තැම්බර්
  • Rotaractor of the Quarter – Rtr. අමන්දා ටෙන්නකූන්

 

දිස්ත්‍රික් සහභාගීත්වය

 

 පහත දැක්වෙන්නේ කාර්තුව තුළ අප සමාජය RACUOCFMF සහභාගී වූ දිස්ත්‍රික් සිදුවීම් ය.

  • පුහුණු වැඩමුළු (ජූලි මාසයේදී)

 

  • දිස්ත්‍රික් සභා රැස්වීම් 3 ක්

 

  • Rotaract Road Trip ’19 – වයඹ පළාත  : විනෝද චාරිකාවකට සහභාගී වූ අතර එහිදී කුරුනෑගල , වයඹ විශ්වවිද්‍යාලයන් යන රොටරැක්ට් සමාජ වල සංස්ථාපන උත්සව වලට සහභාගී විය. තවද මෙහිදී ඇතුගල විහාරය නැරඹීමට ලක්විය.

 

  • Rotaract Road Trip ’19 – උතුරු පළාත : විනෝද චාරිකාවකට සහභාගී වූ අතර එහිදී Jaffna Peninsula, Chullipuram සහ Nallur Heritage සහ එකට එක්ව සංවිධානය කර තිබූ Jaffna and Jaffna Mid Town රොටරැක්ට් සමාජ වල සංස්ථාපන උත්සව වලට සභාගී වන ලදි.තවද  නාගදීප රජමහා විහාරය, නයිනතිව් කෝවිල සහ කන්කසන්තුරේ මුහුදු වෙරළ දැකබලා ගැනීමට අප සාමාජිකයන්ට අවස්තාව ලැබුනු අතර “Casuarina” වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට ද සම්බන්ද විය.

 

  • Rotaract අනාගත නායකත්ව වැඩමුළුව (Rotaract Future Leaders Workshop 1) : රටේ අනාගත නායකයන් සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය වුනු මෙම වැඩසටහන සදහා අප සමාජයේ (RACUOCFMF) සමාජිකා – වෘත්තීය සංවර්ධන අධ්‍යක්ෂ Rtr. ඩිල්ශා පෙරේරා හට සහභාගී වීමට අවස්ථාව ලැබීය.

 

අපගේ සහභාගීත්වය

 

  • Number of Installations attended : 44
  • West Skate Day – RAC Colombo West
  • Rotary Governors Visit
  • Digi Savage – RAC Colombo Mid Town
  • Bailatronic – RAC Colombo East
  • I – Genius – RAC Mid Town
  • Project Hope – RAC ACBT
  • She Decides – RAC UOC FOA
  • World Peace Day Art Competition – RAC University of Sri Jayawardenepura
  • Trash Hunt – RAC Pearl Island
  • World Clean Up Day – RAC ACBT
  • TRR Rajan Cricket Carnival – Rotary Club of Kandy
  • Colombo Mid Town Family meeting
  • Nairobi Summit
  • Lapel Pin Photo Contest – RAC Kelaniya
  • Hopper Night – RAC Colombo Mid Town
  • Let us all sing – RAC Pearl Island
  • Maestro– RAC Moratuwa
    (One representative of the team was from RACUOCFMF)

 

අපි තවත් අපූරු කාර්තුවක් බලාපොරොත්තු වෙමු!

For the English Article click on : https://rcuocfmf.com/2019/11/quarterly-round-up-1st-quarter-2019-20.html

For the Tamil Article click on : https://rcuocfmf.com/2019/11/காலாண்டு-சாராம்சம்-முதல.html

 

Written By:

Rtr. Gayan Perera
( Co-Director Digital Communications – 2019/20 )

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments