කැලයේ ම ඉපිද කැලයේ ම හැදී වැදී කැලයේ ම පරවෙන කැලෑ මල් ගැන අසා තිබේ ද? ගම්මානයක ඉපදී ගමේ ම පරව යන සුන්දර ලලනාවෝ කැලෑ මල්වලට සම කරන ඔබ කොතෙකුත් අසා ඇති. සමහරක් නාගරික තරුණයෝ මේ කැලෑ මල් රවටා විනාශ කරති. බොහෝ පින් ඇති කැලෑ මල් පමණක් පෙති විහිදා පිපෙන්නට වරම් ලබති.
කැලේ පිපෙන හැම කැලෑ මලක් ම ගැහැණියක් විය යුතු ද යුතුම ද? කඩ වසම් තරුණයෝ කැලෑ මලකට සම කළ නො හැකි ද?
තමාගේ ලස්සන ගැන අවබෝධයක් නැතුව, පෞරුෂය කොතරම් හිත් ඇදගන්නවාදැයි නො දැන තවත් කැලෑ මලක ස්වාමියෙකු වී අප්‍රකට ව මිය යන කැලෑ මල් මම අප්‍රමාණ දැක ඇත්තෙමි. ඔවුන්ගේ ජීවිත අභිප්‍රායන් ඉහළින් තබා නො ගත්තේ ඇයි දැයි මා සෑම විට කම ප්‍රශ්න කරමි.
ඉතින් නුඹ!

නුඹ තමයි මං දැකපු සුකෝමල ම කැලෑ මල. කාලයක් මධ්‍යම ප්‍රමාණයේ වැටුපකට රජයේ රැකියාවක් කළා ලු. දැන් විශ්‍රාමික දිවි ගෙවන තවමත් තරුණ නුඹ! නුඹට ආදර කතාවක් තිබුනාදැයි නො දනිමි. නුඹේ පතිනිය හා වැඩි කතාවක් නැති බව පෙනේ. මෙච්චර ලස්සන කැලෑ මලක් ආදරයවත් නො විද, ජනප්‍රිය වත් නොවී ඉහළ සමාජයට නො ගොස් සිටින්නේ කෙසේ ද තවමත් මට ප්‍රශ්නයක්.
තවමත් දියුණු වෙන්න වෙර දරන නුඹ නම් සුරඟන ලොවෙන් ආ කුමාරයකු දැයි මට සැකයි. මං මේ නුඹව පතනවා නොවෙයි. නුඹ ගැන හිතනවා නොවෙයි. නුඹට ආදරය කරනවා නොවෙයි. ඔබ සිටින්නේ කොතැන දැයි විමසා බලනවා පමණයි . සමහරක් විටෙක නුඹ තරුණ මදයෙන් මත් ව කටයුතු කරන් ඇති. දුරක් ගැන හිතන්නට ඒ නිසා ඉඩක් නැති වෙන් නැති.
ඉතින් මට අවසරයි නුඹේ වදන් අසන්නට. නුඹේ රුව බලන්නට. ආයෙමත් කියමි කැලෑ මල, මං මේ නුඹ පතනවා නොවෙයි. නිකමට නුඹ ගැන විමසිලිමත් වෙනවා පමණමයි.
Written By: –

Anonymous
Design By: –

Rtr. Mesandi Nikagoda
(Junior Blog Team Member 2025-26)

