කොළඹින් එහා ගමක්

අද මම මෙහෙම අපේ කතාව පටන් ගන්නද? ඔයාගෙ විනෝදාංශය මොකක්ද? ඔයා නිකන් ඉන්න වෙලාවට මොනවගෙ දේවල්ද කරන්න කැමති? පොත් කියවනවද? සින්දු අහනවද? නටනවද? නැත්නම් ලියනවද?
හරි හරී… මමත් ඔය එක එක විදිහේ වැඩ කරනවා නිකන් ඉන්න ගමන්. මම මොනවද කරන්නේ කියන එක තීරණය වෙන්නේ ඒ වෙලාවේ මම ඉන්න mood එකයි, මට තියෙන වෙලාවයි අනුව තමයි. ඉතින් ඒවා බලලා මාත් එක එක වැඩ කරනවා.

ඉතින් ඇත්තටම අපි මේ නිකන් ඉන්න ගමන් මේ කරන විනෝදාංශ වලින් තමයි ඇත්තටම අපිට මානසික නිදහස කියන දේ ලැබෙන්නේ. දවස පුරාවටම නැහිලා නැහිලා හවස ගෙදර ඇවිත් wash එකක් දාගෙන guitar එකත් play කරන ගමන් පොඩි තාලයක් අල්ලලා සින්දුවක් කිව්වම ඔලුවටයි හිතටයි එන්නේ මාරම හැඟීමක්.සමහර වෙලාවට film එකක් බලනවා කියන්නෙත් ඒ වගේම දෙයක්. සමහර වෙලාවට ප්‍රියතම මිනිස්සු එක්ක කරන සංවාද තරම් මානසික නිදහසක් නැහැ කියලා හොදම යාලුවා එක්ක හරී නැත්නම් පෙම්වතා පෙම්වතිය එක්ක හරි පොඩි කතාවක් දාන්න මිනිස්සු ඇත්තටම පුරුදු වෙන්න ඕනේ. මොකද නැත්නම් ඒ පීඩනය තමන්ට විතරක් භාර දුන්නොත් වෙන්නේ අන්තිමට අපි අසරණ වෙන එක විතරයි. සත්තයි ඒක.
ඒක නිසා ඔයා ඔයාගෙ දේවල් අනික් අයත් එක්ක අනිවාර්යයෙන්ම බෙදාගන්න පුරුදු වෙන්න.ඒකෙන් ඔයාට කියා ගන්න බැරි ලොකු නිදහසක් දැනෙන්නේ. එහෙම විශ්වාසවන්ත කෙනෙක් නැත්නම් ඔයා පොතක ඒවා ලියන්න. දවසක ඔයා ඒ දවස් කඳුළු අස්සේ හිනාව විතරක්ම හොයපු දවස් කියලා නම් කරයි.

ඉතින් කොහොමහරී සමහර දවස් වලිදි මම රෑ වෙලාවට ගෙදර යන්න campus ඉවර වෙලා බොරැල්ල bus hault එකේ ඉද්දී යන staff bus වල ඉන්නේ ඇත්තටම මිනිස්සුද? කියලා මට හිතෙනවා.
එයාලා මැරිලා වළ දාන්න එක්කන් යනවා වගෙ මාරම හෙම්බත් වෙලා ඉන්නේ. සමහර අය ජනේලය දිහා එළිය බලන් ඉන්නේ හෙට ඉර පායන්න එපා කියලා ආයාචනා කරනවා වගෙ.

හැබැයි මෙහෙමයි. office එකේ pending වැඩ කන්දයි, සැමදා නොවරදින බොස්ගෙ බැණුම් මල්ලයි, රෑට ඉන්නම ඕනේ meeting එකයි ටිකක් pause කරලා ඔය ඔක්කොම දේවල් වෙච්චි දෙන් කියලා සින්දුවක් කියාගෙන ‍රෑට පොඩ්ඩක් ඉන්න ඕනේ.
ඇත්තටම සල්ලි ඕනේ තමයි ජීවත් වෙන්න ඒත් අපේ මුළු ජීවිතයම සල්ලි වලට භාර දෙන්න බැහැ නේ. අපි කවුරුත් ඉන්න ආපු මිනිස්සු නෙමෙයි නේ අපි අපේ වෙලාව ආවම සදහටම ලෝකෙන් යන්නම යන මිනිස්සු. ඉතින් ඉන්න ටික කාලේ ජීවිතය තුළ ජීවත් වෙන්න ඕනේ.

ඉතින් ඇත්තටම මිනිස්සු මේ විදිහට දවස තිස්සෙම තිබ්බ අඳුරු ගතිය නැති වෙලා යන්න කියලම මේ විනෝදාංශ අස්සේ හොයන්නේ එයාලගෙ මානසික නිදහස නෙමෙයිද ?

සමහර අය trip දාගෙන යනවා ඒ නිදහසම හොයාගෙන. ගොඩක් වෙලාවට එහෙම යද්දී ඒ මානසික නිදහස බැඳිලා තියෙන්නේ කොළ පාට, නිල් පාට පරිසරය එක්ක. ඇත්තටම සොබාදහමට පුළුවන් අපේ විඩාබර ඇස් එක්ක බැඳුණු විඩාබර හිත් නිවන්න. ඉතින් කවුද අකමැති ඒ නිදහස හොයාගෙන යන්න.දැන් ඔයාට දිය ඇළි , කදු, ගංගා වලින් විතරක්ම පිරුණු ඔයාගෙ ලස්සනම ලස්සන ගම මතක් වෙනවා නේද?
මට නම් එහෙම දෙයක් ඇත්තටම මතක් වෙන්නේ නැහැ. මොකද ආච්චි, සීයා, අත්තා කාලේ ඉදලා මම ඉපදිලා හැදුණේ වැඩුණේ දූවිලි වලින් පිරුණු කොළොම්පුරේ.
ඒත් ඇත්තටම මුළු ලංකාව වටේ ඉන්න හතර දිග් භාගෙ තියෙන ලස්සනම ලස්සන පුංචි පුංචි ගම් වල ඉදලා campus එකට එන යාළුවන්ගෙ ගමේ රසබර කතා ඇහුණත් ඇහුණේ නැහැ වගෙ ඉන්න මට දැන් පුරුද්දක් වෙලා. මටත් එහෙම ගමක් තිබුණා නම් කියලා හිතුණ වාර ගොඩයි දැන් නම්.
ඉතින් ඒ නිසා පොත් වලින් , films වලින් , චිත්‍ර වලින් , යාලුවොත් එක්ක trip දාගෙන මම ඒ feeling එක මෙහෙ ඉදගෙනම ගන්න උත්සහ කරනවා.
සමහර වෙලාවට මිනිස්සු ටිකක් අඩු පාරක තනියම මනෝපාරක් ගහගෙන යනවා කියන්නෙත් වෙනම සතුටක්.
ඉතින් ඇත්තටම සොබාදහමටම විතරක් භාර දුන්නු ගමක ඉන්න මිනිස්සුත් හරිම සරලයි. ගමයි පන්සලයි සංකල්පයම පුබුදුවමින් පෝය දවසට මුළු පන්සලම බබළන්නේ සුදු පාටින්.
උදේ පාන්දරම ඇඟ හිරි වැටිලා යන්නම එන සුළගත් එක්ක හවස් වෙද්දි රැහැයියන්ගෙ හඬින් මුළු ගමම දෝංකාර දෙනවා.
ඉතින් ඒ ගම් වල තියෙන ඒ සුන්දර පරිසරය, ඒ මිනිස්සුන්ගෙ තියෙන මිල කරන්න බැරි මනුස්සකම හැමදාටම ඒ විදිහටම තියෙනවා නම් කොච්චර ලස්සනද ?

ඒත් අද වෙද්දි හැමෝම ගම අමතක කරලා නාගරික ජීවිත වලටම විතරක් කොටු වෙනවා.
අපිට ගම දාලා කොළඹට එන්න වෙනවා රැකියා හොයාගෙන. ඒත් ඒ ගම නම් අමතක කරන්න හිතන්නවත් එපා. ඒ ගම් වල තියෙන්නේ අපේ රටේ මනුස්සකම, අපේ සංස්කෘතිය, සහජීවනය.
ඇත්තටම රාජ්‍ය මට්ටමින් ප්‍රතිපත්ති හදලා ගමින් නගර බලා ඇදෙන පිරිස අඩු කරගන්න ගම් වලටත් දියුණු තාක්ෂණය , දියුණු යටිතල පහසුකම් , වෙළෙඳපොළ පහසුකම් , ව්‍යාපාර අවස්ථා හදලා දීලා ගම් මට්ටමින් රට සංවර්ධනයට යොමු කරනවා නම් කොළඹ නගරබද ප්‍රශ්නත් සෑහෙන්න අඩු කරගෙන අපිට ගමේ සුන්දරත්වය හැමදාටම රැක ගන්න පුළුවන්.

ඉතින් ඇත්තටම මිනිස්සු වුණ අපිට ජීවත් වෙන්න නම් මානසික නිදහස කියන දේ අනිවාර්යයෙන්ම ඕනේ. ඉතින් ඒකට ඔයා ගමක කෙනෙක් නම් සති අන්තයට හරි පොඩි නිවාඩුවකට හරි ගම පැත්තේ යනවා නම් ඒ යටගිය ගමේ සහජීවනය, මනුස්සකම ආයෙත් එළියට අරගෙන ගම ලස්සන කරන්න. හැඩ කරන්න.
ඔයා මෙහෙ වැඩත් එක්ක ටිකක් ගම අමතක වෙලා නම් ළඟ ළගම එන අවුරුද්දට නෑගම් ගිහින් හිතවතුන් බලලා එන්න. ඒ අයටත් ඔයාව තාම මතකයි.ඉතින් කොළඹ ඉන්න අපිත් ගමට හරි ආදරෙයි. ගමේ සුන්දරත්වය ඒ විදිහටම තිබුණොත් තමයි අපිටත් ඈත ඉදලම ඔයාලව බලන්න එන්න හිතෙන්නේ.
කොහොමහරී මේ තියෙන්නේ අපේ රට. ඒක කොහොමහරී රැක ගන්න ඕනේ. අලුත් අවුරුද්දට අවුරුදුත් අරන් ගමේ හිතවත්කම් අලුත් කරගන්න අපිත් එන්නම් ඔයාගෙ ගමට.
එතකන් පරිස්සමින් ඉන්න.

Written By: –

 

 

 

 

Rtr. Janali Uthpala
(Junior Blog Team Member 2024-25)

Edited By:

 

 

 

 

Rtr. Thisara Kuruppuarachchi
(Senior Blog Team Member 2024-25)

Spread the love
guest


0 Comments
Inline Feedbacks
View all comments