ජාත්‍යන්තර ළමා පිළිකා දිනය

 

International Childhood Cancer Day එහෙමත් නැත්නම් ICCD කියලා හඳුන්වන මේ දිනය ලෝක වාසී ඉන්න පුද්ගලයන්ට විශේෂී වූ දිනයක්.පුද්ගලයන්ට කෙසේ වෙතත් ළමයින්ට විශේෂ දිනයක්.මොකද ජාත්‍යන්තර ළමා පිළිකා වලට වෙන් කරලා තියෙන දිනය පෙබරවාරි 15 වෙනිදා.ඉතින් මේ දිනය ටිකක් දුක්බර හැඟීමක් ගෙනදෙනවා වුනත් අපි මේ ගැන කතාකරන්න ඕනේ.ලෝකේ පුරාම ඉන්න පිළිකා හැදුන ළමයින් වෙනුවෙන් උදව් කිරීමේ පරමාර්ථය පෙරදැරිකරගෙන තමා මේ දිනය වෙන් කරලා තියෙන්නේ.ඒ පුංචි ළමයින්ටත් අපි වගේම ජීවත් වෙන්න ආස ඇති.ඉතින් අන්න ඒ පුංචි හිත් අපිට පුලුවන් විදියට ලස්සන කරන්න පුලුවන් නම් ඒ තරම් සතුටු හිතෙන දෙයක් තවත් නැති තරම්.සෑම අවුරුද්දකට වරක්ම ළමා පිළිකා රෝගින් ලක්ෂ හතරක් මුලු ලෝකයෙන්ම වාර්තා වෙනවා.ඔබ දන්නවද මේ ගෙවෙන සෑම තත්පර තුනක් පාසා ළමා පිළිකා රෝගින් තුන්දෙනෙක් මේ ලෝකෙන් සමුගන්න බව.ඔබේ කාලයෙන් එක මොහොතක් ඒ ගැන වෙන් කරලා ටිකක් හිතන්න.පෙබරවාරි 15 ළමා පිළිකා රෝගී දිනයෙදී ඔවුන් වෙනුවෙන් ඔබේ පිරිසිදු ප්‍රාර්ථනාවත් මේ ලෝකයට එක් කරන්න.

Better access to care for children & adolescents with cancer everywhere!

Written By: –

 

 

 

 

Rtr. Kavindu Jayawardhana
(Junior Blog Team Member 2024-25)

Edited By: –

 

 

 

 

Rtr. Sawandi Thisarani
(Junior Blog Team Member 2024-25)

 

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *