විශ්ව විද්‍යාලයේ ජීවිතය කියන්නේ පාසල් ජීවිතයෙන් වගේම රැකියා ජීවිතයෙනුත් ගොඩක් වෙනස් ජීවිතයක්. ලංකාවෙදි නම් නිදහස් අධ්‍යාපනය යටතේ විශ්ව විද්‍යාල ජීවිතය විඳින්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑ. ඉතින් එහෙම දුර්ලභ අවස්ථාවක් ලබාගෙන මේ කොළඹ විශ්ව විද්‍යාලයට එන්න තරම් අපි මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. ඒක වාසනාව නෙවෙයි අපේ කැපවීම.
විශ්ව විද්‍යාල ජීවිතය අපි එකිනෙකාට වෙනස් අත්දැකීම් ලබා දෙනවා. සමහරු හැම සංගමයකම වැඩ කරගෙන ක්‍රීඩා කරගෙන සමබර ජීවිතයක් ගත කරන කොට, තවත් සමහරු අධ්‍යාපනික වැඩ විතරක් කරගෙන ඉන්නවා. සමහර වෘත්තිමය ජීවිතය වෙනුවෙන් අරමුණු හදා ගෙන වැඩ කරන කොට තවත් සමහරු විශ්ව විද්‍යාල ජීවිතයක් විඳිමින් වර්තමානයේ ජීවත් වෙනවා. හැමෝම එක වගේ වෙන්න ඕනි නෑනේ. ඉතින් මේ විවිධත්වය විශ්ව විද්‍යාලයකට වටිනාකමක් එකතු කරනවා.
මෙහෙම ගෙවන වසර හතරක කාලය අපේ තරුණ ජීවිතවල ආරම්භයෙන් ලොකු කොටසක් අයිති කරගෙන ඉවරයි. ඒ ගෙවුණු වසරවල් වලට අපි වටිනාකමක් දුන්නේ නැත්නම් ඒක අපිටම කරන ලොකු අසාධාරණයක් වෙනවා. ඒ නිසා විශ්ව විද්‍යාලයෙන් අපේ චරිතය වර්ධනය කරගන්න තියෙන අවස්ථාවලින් උපරිමය ප්‍රයෝජන අර ගෙන අපිව අනාගතය සඳහා සූදානම් කරගන්න එක අපේම වගකීමක්.
අවුරුදු හතරක් කියන්නේ ලේසි පහසු කාලයක් නෙමෙයි. සෙමෙස්ටර් අටක් මේ අතර තියෙන ලෙක්චරස්, ඇගයීම් හා විභාග එක්ක අපට දරා ගන්න බැරි අවස්ථාවල් එන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් අපි කොච්චර හොඳට පාලනය කරගන්නවද කියන එක අපේ යහපැවැත්මට හේතු වෙනවා.
ඉතින් සෙමෙස්ටරයක අවසානය කියන්නේ එහෙම අලුතෙන් පටන් ගන්න ලැබෙන අවස්ථාවක්. සාමාන්‍යයෙන් එක දිගට ලෙක්චරස් ,ඇගයීම් හා විභාග වලට පස්සේ ලැබෙන දිග නිවාඩුව අපිට ඊළඟ සෙමෙස්ටරයට සූදානම් වෙන්නෙ ලොකු ඉඩක් ලබා දෙනවා. හැමෝම කියනවා වගේ ඊළඟට සෙමෙස්ටර් එකේ ඉඳන් වැඩ කරනවා කියන සම්ප්‍රදායික වචනයෙන් වෙනස් වීමට වඩා වැඩි දෙයක් අප තුළ සිදු විය යුතුයි යන්න මගේ මතයයි. ගිය සෙමෙස්ටරයේ දී වුණ අතපසුවීම්, හිත් රිදීම් නැවත ඇති නොකර ගන්නේ කෙසේ ද කියලා අපි සිතිය යුතුයි. කලින් සිටියාට වඩා හොඳ අධ්‍යාපනික හා සමාජීය වශයෙන් දියුණු වෙන්නේ කොහොමද කියලා සිතිය යුතුයි. ඒ අතරේ අපේ ගතට වගේම හිතටත් විවේකයක් ලබා දිය යුතුයි.
ඔව්, ටිකක් නවතින්න! ජීවිතය තියෙන්නේ කාලය යන වේගයට දුවන්න. ඒත් ඉඳලා හිටලා ටිකක් නතර වෙලා ආ පස්සට හැරිලා බලන්න අමතක කරන්න හොඳ නැහැ. ඒක නාස්තියක් නොවේ ජීවිතයට කරන ලොකු ආයෝජනයක්. ආදරණීය කතාබස්, තරු යට නගන සුසුම්, ගස් අතරේ පියනගන පාද, සිතුවම් අතර තනි වුන අතැඟිලි, තාලයට මුසු වූ නර්තනය මේ ඒකාකාරී ජීවිතයෙන් නවතින්න තියෙන අවස්ථාවලින් කිහිපයක් පමණයි. අපි එදිනෙදා ජීවිතයේ දීත් මේ දේවල් කරනවා තමයි. ඒත් ගෙවී ගිය ජීවිතය ගැන ආයෙමත් හිතා බැලීම හැමවෙලේම වෙන්නේ නෑ. සාර්ථක වෙන්න නම් අනිවාර්යයෙන් ම අපි යන පාර හරි ද වැරදි ද කියලා නැවතිලා බලන්න ම ඕනි.
Written By: –
Rtr. Hirushi Rajapaksha
(Junior Blog Team Member 2024-25)
Edited By: –
Rtr. Shehan Sandeepa
(Junior Team Member 2024-25)