තවමත් ඒ හඳ දිහාම

ඒකපාර්ශ්වීය ආදර කතා හරි බොලදයි. නමුත් ඒ තුළ තියෙන්නේ හිත් උණුසුම් කරගන්න හදන මිනිස්සුන්ගේ ගැඹුරු සිතුවිලි ගොන්නක්..

හඳක් නිසා රිද්දගත්තු මිනිස්සු,

තරුවක් නිසා හරි දවසක නිවෙන්න ඕන උනත්

තාමත් කැමති රිද්දන හඳට නම්,

ඕනේ නෑ තරු, විදවයි බලාන හඳ දිහාම ”

තරමක් බොලද වුනත් ඒකපාර්ශ්වීය ආදර කතා වල ගැඹුර මේකයි. ඒකට හේතුව ඒක පාර්ශ්වික ආදරවන්තයින්ගේ ෆැන්ටසිය ප්‍රබලයි අපි කාගෙත් රියැලිටියට වඩා. බලාපොරොත්තු මහ ගොඩක් පොදි බැදගත්තම හිත් රිදවීම් ඇති වන බව දැන දැනත් තවත් බලාපොරොත්තු පස්සෙන් යන්න තරම් ඒ මිනිස්සු බොලද වෙනවා.

ඇයි ඒ..

ඒ හිත් වලට ඕන උණුසුම් පපුවක් සීතල මකා දාන්න.. ඒ නිසයි කොතරම් සිත් රිදවීම් වුණත් ඒ හඳ වෙනුවෙන් කවදත් බලන් ඉන්නේ. ඒ වගේම තමයි ඒකපාර්ශ්වීය ආදර කතා විරහවට පෙරලෙන්න හීයක වේගය ඇති. මගහැරීම්, අත්හැරීම්, ප්‍රතික්ෂේප වීම්, වෙන්වීම් වගේ එකී මෙකී නොකී සියලු විරහවන් දරා ගැනීමේ හැකියාව මත කෙනාගෙන් කෙනා ප්‍රතිචාර දක්වන විදි වෙනස්. එවන් සිදුවීමකට පස්සේ කෙනෙක් කිසිවක් නොවුන ගානට ඉදිරියට යන්නෙත්, තවත් කෙනෙක් ඒ ගැනම සිතමින් කාලය ගෙවන්නෙත් දරා ගැනීමේ ශක්තිය වගේම පරිණත බව කෙනාගෙන් කෙනාට වෙනස් නිසයි. කවුරු කොහොම මේ වගේ අර්ථකතන දුන්නත් අවසානයේ අපි හැමෝම හැඟීම් වලට යට වෙනවා. මොකද දැනුන ආදරයක් ඉස්සරහ හදවත හමුවේ මොලයත් එක අවයවයක් විතරක්ම නිසා.

හැරගිය ආලයට විරහ ගී ලීවට

අමතක ද ගග දියත් ගල් මුල් සිඹින බව…

කලු දුමාරෙන් වැසුනට හිරෝෂිමාව

පිපෙන්නට ගත වුනා කලක් සකුරාවට

මන්දයත් විරහවත් පරිචයකි සම්මතයට පිටින් ගිය

ඉතිං,     

එවන් දවසක එවන් හදවත් එකට යා වුණ කවිකාර  බැදීම  දිනක ” ප්‍රේමය  ” නමින් සම්මත වේවි අසම්මතයකට ඉඩ නොතිබ්බොත්

අවසාන වශයෙන් ඔයාගේ ෆැන්ටසිය ඇතුළේ ඔයා දිනුවත්, පරාජය වෙලා විරහවක් වුණත් ඔයා ඔයාවම පාට කර ගන්න. එතකොට ඔයා දවසක ලස්සන සිතුවමක් වේවි. මොකද ඔයාගේ හිරෝෂිමාවටත් සකුරා පිපෙන දවසක් එනවාමයි.

 

Written By: –

 

 

 

 

Rtr. Hirushi Nethma
(Junior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

 

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top