උගත්කම කියද්දි අපිට විවධ දේවල් මතක් වෙනව. හොඳ රැකියාවක්, හොඳ පෞර්ෂයක්, උපාධියක් වගේ. ඇත්තටම මොකක්ද මේ උගත්කම කියන්නෙ? උගත් මනුස්සයෙක් බිහි වෙන්නෙ පරිපූර්ණ අධ්‍යාපනය සහ අත්දැකීම් තුළින්.
මහත්මා ගාන්ධි ට අනුව, අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ හිස, හද සහ දෑත යන අංශ තුනෙහි සමතුලිත වර්ධනයකි.
වර්තමානයේ බොහෝව් විට සිදු වන්නේ හිස වර්ධනය කිරීමයි. පොත්පත්වල දැනුම ඒකරාශි කිරීමෙන් පමණක් උගත් මනුෂ්‍යයෙක් බිහි වෙන්නේ නැහැ. අපි ලබාගන්න දැනුම ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගැනීමයි වැදගත්.

මහත්මා ගාන්ධි තුමන්ගේ කියමන අනුව මෙහෙම සරල විදියට කියන්නත් පුලුවන්.
කිසියම් ක්ෂේත්‍රයක හෝ ක්ෂේත්‍ර කිහිපයක දැනුම ලබා තිබීමත්, යහපත් ආකල්පවලින් යුක්ත වීමත්, ජීවත් වීම සඳහා යමක් කළ හැකි දක්ෂතාවක් ප්‍රගුණ කර තිබීමත් අධ්‍යාපනය තුළින් අපේක්ෂා කරන්න පුළුවන්.
මේ වෙනකන් අපි මුහුණ දුන් කඩඉම් ගැන හිතුවොත් හිස පෝෂණය කිරීමක්ද, නැත්නම් පරිපූර්ණ අධ්‍යාපනයක්ද කියලා තීරණය වෙන්නේ කෙනෙක් අධ්‍යාපනය ලබපු විදියත් එක්ක.
ඉතින් කොහොමද උගත් මනුස්සයෙක් බිහි වෙන්නෙ?
උගත්කමේ මූලික අඩි තාලම තමයි දැනුමින් පෝෂනය වීම. ජීවත්වෙන්න දැනුම අපි හැමෝටම වැදගත් වෙනවා. දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, යහළුවන්, පොත්පත්වලින් විතරක් නෙවෙයි අවට සමාජයෙන් අපිට දැනුම ලැබෙනවා. ඒ වගේම සමාජයේ ජීවත් වෙද්දී යහපත් අන්තර් පුද්ගල කුසලතා, ආකල්ප වර්ධනය කර ගැනීම ගොඩක් වැදගත්. දැනුම් මූලාශ්‍රවලින් වගේම ආගමික පරිසරයෙනුත් ආකල්ප වර්ධනය සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, යමක් කළ හැකි දක්ෂතාවක් පුහුණුකිරීමත් ගොඩක් වැදගත්. අපේ රැකියා පරිසරය තීරණය කරන්නත් මේ දක්ශතා වැදගත් වෙනවා. විවිධ පුද්ගලයන් තුළ විවිධ දක්ෂතා තියනව. තමන්ගේ දක්ෂතා හඳුනගෙන, ප්‍රගුණ කිරීමයි වැදගත්.

මේ විදියට තමයි අධ්‍යාපනය තුළින් හිස, හද, දෑත කියන අංශ පෝෂණය වෙන්නේ.
ඊළඟට අත්දැකීම්. අපේ අත්දැකීම් එක්ක අපි පරිණත වෙනව. ඒ වගේම අත්දැකීම් තමයි අපි ඉගෙන ගත්ත දේවල් ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්න ලැබෙන අවස්ථා. පොත පතේ දැනුම, විෂය බාහිර කටයුතු, ක්‍රීඩා කටයුතු, සංස්ක්ෘතික කටයුතු, සමාජ ක්‍රියාකරකම් මේ හැම දේම වැදගත්.
එවිට නීරෝගී කයක් හා මනසක්, සාර්ථක පුද්ගලික ජීවිතයක්, සාර්ථක රැකියා ජීවිතයක්, යහපත් සමාජ ඇසුරක් වගේම ආධ්‍යාත්මික ජීවිතයක් උගත් පුද්ගලයෙක් විදියට ලබා ගන්න පුළුවන්.

Written By: –

Rtr. Chamodya Anushani
(Junior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Sawandi Thisarani
(Senior Blog Team Member 2025-26)

