දැනෙන හිත් – 04

 

එදා බ්‍රහස්පතින්දා දවසක්. මට නිවාඩු දවසක්. Lectures ඔක්කොම cancel උන නිසා කලින් දවසේ lab එකේ ඉද්දීම මම හිතුවේ හෙට මොකද කරන්නේ කියල. හොඳ අදහසක් මොලේට පහල උනේ නැති නිසා දිගටම දිගටම කල්පනා කරන එකත් එපා උනා. Lectures ඉවර වෙලා ගෙදරට යන්න මට පැය 2 ක් විතර යනවා. බස් එකේ මම යන්නේ මනෝ පාරක් දාගෙන. දන්නෙම නැ. ගොඩක් දවස් වලට නින්ද යනවා. බස් එකේ යන ගොඩක් දවස් වලට මගේ window සීට් එකේ ඉර දිහා බලාගෙන ගොඩක් දේවල් කල්පනා කරනවා.“ඉර?” ඒ ගැන හිතන කොට ගොඩක් කාලෙක ඉදන් හීන දැකපු දෙයක් මතක් උනා. මට ලොකු ආසාවක් තිබුන හවසක මුහුදු වෙරළට වෙලා ඉර බැහැගෙන යනවා බලාගෙන ඉන්න. කිසිම දෙයක් කතා නොකර, මුහුද දිහා, ඉර බහින විදිහ, රළ ඇවිත් වදින විදිහ, බලාගෙන ඉන්න, ඇස් වහගෙන මුහුදු රළ වලට ඇහුම්කන් දෙන්න…. ඔන්න තිබුන ආසාව. හෙට තමයි ඒකට හොදම දවස වෙන්නේ. උදේ මට කරගන්න තිබුන වැඩ ටික ඉවර කරගෙන train එකට නැග්ගේ කොටුවෙන් බහින්න. කොටුවේ ඉදන් මීට කලින් Galle face ගිහින් තිබුන මම කොහොමහරි මගේ හීනෙ ඇත්ත කර ගත්තා. මේ වෙනකොට වෙලාව හවස 3 ට විතර. පුරුද්දක් විදිහට මතක එකතු කරන පිස්සුවක් මටත් තිබුනා. ඒක හැදුනේ දැන් අවුරුද්දකට විතර කලින්. කෙනෙක් මගේ ජීවිතේට ආවට පස්සේ. මමත් දැන් පිස්සෙක් වගේ මම කරන දේවල්, මම ඉන්න තැන් මගේම phone එකෙන් capture කරන්න අමතක කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒවා late posting විදිහට social media update කරන්නත් අමතක කරන්නේ නැහැ. ඔන්න අදත් ඉතින් ලස්සන photos ටිකක් අරගෙන එකම එකක් ඒ මොහොතේ fb story වල පල කළා. විනාඩි 5ක් නැත්නම් 10ක් යන්න ඇති උපරිම. Phone එකට call එකක්. “ආයු?” මෙයා මොකද මේ වෙලාවේ ගන්නේ? (ඔව්. ඔව්. ඔයාලට තියෙන ප්‍රශ්නෙට ඒක තමයි උත්තරේ. කාලෙකට කලින් මගේ ජීවිතේට ආපු කෙනා. දැන් නම් වැඩි කතාවක් නැහැ.) පලවෙනි call එක හිමිට ignore කරලා වටපිට බල බල ඉද්දි ආයිමත් phone එක ring වෙන්නේ “මේක ඉක්මනට ගන්ඩෝ…… කියනවා වගේ.” දෙසැරයක් නෙමෙයි. හතර සැරයක් විතර හිතලා call එක ගත්තට ඇත්තටම මටත් එයත් එක්ක කතා කරන්න ඕන වෙලා තමයි තිබුනේ.
– හලෝ!
+ හලෝ! ඔයා කොහෙද ඉන්නේ මේ වෙලාවේ?
– මමද?
+ ඔව්. ඔයා තමයි.
– මම…… මම නම් මේ වෙලාවේ ඉන්න ලස්සන තැනක.
+ ආආආආ……හරි.
– හලෝ! හලෝ! හලෝ!!!!
ඒ ගමන මුකුත් නොකියා cut කලේ ඇයි? සමහර වෙලාවට සමහර මිනිස්සුන්ව තේරුම් ගන්න පුදුම විදිහට අමාරුයි. මම හිතන විදිහට තව පැය බාගයක් විතර ගියා. ආයිමත් පරණ ඇමතුම මයි.– හලෝ!
+ කොහෙද ඉන්නේ දැන්?
– හිටපු තැනම තමයි.
+ හරී. වම් පැත්ත බලන්න.
– මොකක්ද?
+ වම් පැත්ත බලන්නෝ…
– මේ…. පොඩ්ඩක් ඉන්න. ඔයා කොහෙද ඉන්නේ?
+ ඔයා බලන්නකෝ පොඩ්ඩක්.
+ දැන් දකුණු පැත්ත බලන්න පොඩ්ඩක්. මොකක්ද ඔයා ඇදන් ඉන්නේ?
– මන් ඇදන් ඉන්නේ මගේ නිල් පාට blouse එක.
+ හරී……
– හලෝ! හලෝ! හලෝ!!!!
මෙයාට මොකක්ද වෙලා තියෙන්නේ?
තත්පර දෙක තුනකින් මගේ දකුණු උරහිසට තට්ටුවක්. ගැස්සිලා බැලුවට කිසි කෙනෙක් නැහැ. එත් මම ඉදගෙන හිටපු බංකුව උඩ කොලයක්. “ඉතින්, ඔයාට කල්පනා කරන කොට ඔලුවේ බර නිදහස් කරන්න උරහිසක් ඕනේ නැද්ද?” මට ක්ෂණයෙන් අනිත් පැත්ත බැලුනා. දෙවියනේ? ඒ පුදුම කිරීම ජිවිත කාලෙටම ඇති වෙයි සමහරවිට.
– “ඔව්. විශ්වාසවන්ත උරහිසක් ඕනේ. ඔලුව තියාගෙන ඇස් දෙක වහගෙන ඉන්න. එතකොට මට දැනෙනවා මම ආරක්ෂිතයි කියලා.”
+ ඇයි මට කිව්වේ නැත්තේ මෙතනට එනවා කියලා?
– කිව්වා කියල මට මොනවද ලැබෙන්නේ?
+ මේ ලැබුන දේ මදි ද?
– කලින් නොකිව්වේ ඔයා එන් නැති වෙයි කියලා හිතල.
+ ඇයි මන් එන්නේ නැත්තේ?
– ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක්. අරමුණු, හීන ගොඩක් හිතේ පුරව ගෙන ඒ දේවල් වලට වැඩ කරන කෙනෙක්. ඇයි මම ඔයාට කරදර කරන්නේ?
+ ඒක කරදරයක් නෙමෙයි ඉන්දු. මගේ ජිවිතේ ගොඩක් දේවල් ඔයත් එක්ක බෙදාගෙන තියෙනවා. ඒ නිසා ඒක මට නම් කවදාවත් කරදරයක් වෙලා නැහැ. මන් ඔයාට කලිනුත් දවසක කිව්ව දෙයක් ආයිමත් කියන්නම්.
+ “වැඩ කරන්න කලින් ජිවත් වෙලා ඉන්න ඕනනේ.”
(ඒ සමහර ආදරණිය වචන පස්සේ කාලෙක මට උදවු වෙයි. ගොඩක් දේවල් මතක් කර ගන්න.)

-නිමි-

Written By:

 

 

 

 

Vonara Weerakoon
University of Colombo – Faculty of Technology

Edited By:

 

 

 

 

Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Sanjana Hirushi
(General Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments