මෙම වසරේ නිකිණි පොහෝ දිනය එළඹෙන්නේ අගෝස්තු මාසයේ අටවන දා ය. බෞද්ධාගමිකයන් වශයෙන් නිකිණි පොහෝ දිනය ශාසනික හා ඓතිහාසික වශයෙන් වටිනා සිදුවීම් රාශියක් සිදු වූ නිසා විශේෂ දිනයක් ලෙස සැලකිය හැකියි.
බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ආනන්ද, සැරියුත් හා මුගලන් ආදී මහරහත් හිමිවරුන්ගේ මූලිකත්වයෙන් හා අජාසත් රජුගේ අනුග්‍රහයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ඒ අතර වේ. මෙම සංගායනාව රජගහ නුවර සප්ත පණ්නී ගුහාව ආසන්නයේ පැවැත් වූ බව සඳහන් වන අතර ධර්ම විනය සංගායනා කිරීම හා ඒවා ආරක්ෂා කර පවත්වා ගැනීම සඳහා කොටස් කර බෙදා ගැනීම යනාදිය සංගායනාවේ ප්‍රතිඵල වෙයි.ආනන්ද හිමි අරහත්භාවයට පත් වූයේ ද මෙම පොහෝ දිනයේ ය.

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දාගැබ තැනීම ආරම්භ කිරීම ඓතිහාසික වශයෙන් වශයෙන් වැදගත් සිද්ධියකි.
පෙර වස් සමාදන් වීමට නො හැකි වූ භික්ෂූන් වහන්සේලා පසුවත් සමාදන් වන්නේ වන්නේද නිකිණි පුන් පොහෝ දිනයේදීය.
තවද මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේ ද නිකිණි පොහෝ දිනයක දීය.
මෙවැනි ශාසනික හා ඓතිහාසික වැදගත්කම රාශියක් ඇති නිකිණී පුන් පොහෝ දිනය අපි බෞද්ධයන් වශයෙන් සැද හෙන් සැමරිය යුතු ය.තවද වස් කාලය ආරම්භ වී ඇති බැවින් භික්ෂු සංඝයා වෙනුවෙන් වත් පිළිවෙත් ඉටු කරමින් වස් කාලය ගෙවා ගැනීමට සහාය වීම ද බෞද්ධයන්ගේ වගකීමකි.

Written By: –

Rtr. Hirushi Rajapaksha
(Senior Blog Team Member 2025-26)
Edited By: –

Rtr. Chamodi Sathsarani
(Senior Blog Team Member 2025-26)

