ආදරණීය සහස් ,
අපි දැන් සිව්වන වසරේ..මේ දවස් 365 ත් හරි ඉක්මනට ගෙවිලා යයි නේද? මම අද වැකේශන් එකට ගෙදර ආවා…බෝඩිමේ බඩුත් අස්කරපු නිසා හවස් වෙලා එන්න සිද්ද උණත් විජේරාමය පහු කරන් යද්දි මොහොතක් හුස්ම නතර වුණා වගේ දැනුණා…මට හැරිලා යන්න හිතුනෙම නෑ…
”සහස් ට මතකද අපි ජපුරට ඇවිත් හම්බුන මුල් කාලේ? අපෙ අම්මා කියන්නේ මම වෙනස් දේවල් වලටම කැමති කෙනෙක් කියලා.. ඉතින් ඒ වෙනස් මට ඔයාව පෙනුනෙත් මගෙ ලෝකේ වෙනස් කරන්න පුලුවන් අමුතුම මායාවක් විදියට…මට තවම මේ හුළගෙවත් වෙනසක් දැනෙන්නේ නෑ සහස්. ඉස්සර වගේමයි… ඔයාට තිබුණේ හරි වෙනස් කතා…6 පාරවල් 4 පාරවල් අස්සේ, සුදු ඇදගත් මහත්වරු වේදිකාවේ උඩ කියපු, පොත් අස්සේ thriller film අස්සේ කියපු හරි අමුතු කතා…තාමත් මතකයි සහස් මතක ඒ තරමටම ලස්සනයි…
විජේරාමෙන් 138 නැගලා, මාකුඹුරෙන් මන් බස් එකට නගිද්දි හවස 4.30 වගේ වෙලා.. මට මතක් උනා සහස් ඉස්සර ඔයා මාව බස් එකට ගෙනත් දාන්න එනහැටි. ඔයා ඒ හැමදවසකම මට බීම බෝතලයක් එක්ක වතුර බෝතලයක් අරන් මගෙ බෑග් එකේ කොනේ කවරෙට දානවා. ඔයා යන්නෙත් බස් එක එනකම්ම ඉදලා පරිස්සමෙන් ඉන්න කියලා මගෙ නළලට හාදුවකුත් දීලා..ආදරේ කියන්නේ මහම මහ පරිත්‍යාග ගොඩක එකතුවක් කියලා මට හිතෙන්න ගනිද්දි මහා කේදවාචක ගොඩකට පස්සේ අපි හොදින්ම අපිව හදුනන ආගන්තුකයෝ විතරක්ම වෙලා නේද සහස්? විජේරාමේ පන්සලේ අදටත් හවසට බෝ මලුවේ දකින ආදරනීයයන් මට අපිව මතක් කරලා දෙනවා සහස්…
”අපි මේ දේවල් වලට කොච්චර නම් ආදරෙයි ද? ජපුර කියන්නෙම ප්‍රේමයක් නිසා දැන් ඉන්න උනුත් මේව පරිස්සමට බලාගන්නවා මම දැකලා තියෙනවා සහස්…
“ඒ දවස් හරි ලස්සනයි නේද?” අපි හැමදාම හවසට වාඩි වෙලා උරහිසට ඔලුව තියාගෙන උන්න හදවිලේ අදටත් ප්‍රේමවන්තයෝ ආදරය කරනවා මම දකිනවා සහස්…අපේ හිත් වල තිබුනු ප්‍රේමය වචන වලට පෙරලුවාට පස්සේ ඇවිල්ල වාඩි උන ඕපන් එක. ඒ බංකුව මම දකින ගොඩක් වෙලාවට තාමත් හිස් සහස්.. ආදරවන්තයොන්ට ඒක කොහොම මගහැරුනද මන්දා..
අවුරුදු තුනක් කියන්නෙත් පොඩි කාලයක් නෙමෙයි නේද සහස්.. හැමදේම පුන්චියට පුන්චියට වෙනස් වෙනව කියලා මට තේරෙනවා.
හවසක මා ඔබ දැක මන් මුලාවී නිරුදක කතරේ තනි වූ දා… බස් එකේ ශීට් එකට හේත්තුවෙලා ඇස් පියන් ඉදපු මට ලාවට රේඩියෝ එකෙන් ඇහෙන්න ගත්තා.. ඒ ඔයා ආසම සින්දුව සහස්.. ඔයා මන් එක ඉන්න හුගක් තත්පර ඒ සින්දුව ඔයා මුමුනනවා.
ආදරේ හුස්ම තීන්නෙ ජපුරෙ ඇතුලෙමයි සහස්.. මොකද මහමෙරක් ප්‍රේමයේ රෝමාන්තික සුවද එකට විදපු අපි… තවමත් වෙන්වුනත් මේ ජපුර අහස යට හුස්ම ගන්නවා…පියරතනෙට යන පාර දෙපැත්තේ තාමත් ඒ කහ පාට මල් පිපෙනවා සහස්, ඒත් ලෙක්චර් හෝල් එකේ මගෙ එහා පැත්තේ පුටුවට කවුරුත් මම ගත්තේ නෑ…ඒ හවසින් පස්සේ බීච් එකේ මම ආයෙත් ඉර බහිනවා බැලුවේ නෑ සහස්.. මොකද ඒ අන්දකාරෙට මන් තාමත් හුගාක් බයයි… වෙලාව 5.45 යි ත් වෙලා තිබුනා.. ගෙදරට යන්න තව පැයක්ම තීන නිසා ෆෝන් එක අතට ගත්තේ එක් සිය දහස් වාරයකටත් වඩා කවි ලියපු ඔයාට තවත් කවියක් ලියන්න…
සහස්, ප්‍රේමණීය ජපුරෙ ප්‍රේමවන්තයො වෙන්න වාසනාව අපිට තිබ්බට ඒ ප්‍රේමේ අයිතිකර ගන්න තරම් අපි වාසනාවන්ත නැතුව ඇති සහස්…හිමි නොවුණත් අපි හමුවුණා සහස්.. මේ අවුරුද්දත් ගෙවිලා ගිහින් අපි නැවත හමු නොවෙන්නම ජපුරෙන් යන්න ගියත් අපෙ මතක හැමදාම මන් එක්ක මෙහෙම්ම තියේවී සහස්…පලමු වසරෙදිම ඔයා වෙනුවෙන් බැදුනු හිත ඒ ආදරෙන්ම එදා වගේම තාමත් ඔයා වෙනුවෙන් තියෙනවා…
මන් ඔයාට ආදරෙයි.. පරිස්සමෙන් ඉන්න…
Written By:
විද්‍යා රන්කිරණි
Edited By:
Rtr. Thisara Kuruppuarachchi
(Senior Blog Team Member 2024-25)