ආදරණීය මතකය වෙත ලියමි,
හීනයක් නොවූ හීනයක් මැද, ඔය ඇස් අමුතුම කතාවක් කිව්වා,
පාද වලට නොහැලුණු පාද පේලියක් මේ හීන වල තිබුනා.
ඔය හිත නැතහොත් මේ හිත, ඔය ඇස් දෙකම හෙව්වා.
ඒ හැගීම් ලඟ තවමත්, මාගෙ හිත අතරමං.
අමාරු හීනයක්, නොමැකෙන පැතුමක්,
වාර ගණනක් බලාගෙන මැවූ සිහිනයක්,
සුන්දර මොහොතක නැගුණු කඳුලක්.
කියන්නෙම මේ හිතේ ඇති වූ තනි ආදරය,
දෑත් පැටැලෙන හීන මැවූ පාරවල්,
සිහින දකින්නට, තුරුලු වෙන්නට සිතුණු උරහිස,
මුමුණනට සිහින දුන් හවස් වරු
ඔබ දන්නේ නැහැ, ඒක fantasyයක්!
සිහිනයක් බව දැන දැනත්,
පෙරුම් පුරන්නේ ඔබටමයි,
ඒත් නුඹ දන්නේ නැහැ,
මගේ එළිය නුඹ බව.
ඉතින්,
ආදරණීය මතකයන් දුන් ආදරණීයම මතකය,
නුඹ මට මතකයක් නොව,
තවත් එක බලාපොරොත්තුවක්…
Written By: –

Anonymous
Design By: –

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

