වැහි බීරමට පය තියද්දිම මහ වැස්ස අත ළඟ කියන ප්‍රහර්ෂණයෙන් පිරීයාම කොහාමදැයි කියන්නට මට අවැසි ය. චිරි චිරි පොද වැස්සක්… මල් වැස්සක්…
හදිසියේ වැටෙන්න ගත්ත ආදර වැස්ස මැද, කතා පොත් දහසක් අතර සිරවෙන්නට, තනන සිතට තරවටු කොට හීලෑ කිරීමනම් අතිශය අසීරු ය. ගත කිළියපාළන, සිරුර වෙව්ළුම් කන සීතල මකන්නට උණුහුමක් අවැසි බැව් හැඟුණි. හරියටම කීවොත් ‘රන් මුදු’ හි ජීවත් වූ වර්ශ මන්දාරම් වගේ වැහි කුමාරයෙක්. වැහි අඳුර තවරගෙන වෙලාවක් අවේලාවක් නැතිව අඬා වැටෙන නුවර අහස යට ජීවත් වන පෙම්වතෙක්. වැස්සට ආදරේ කරන පෙම්වතෙක්. එයත් එක්ක සරසවියේ බංකුවක් මතට වෙලා අනාගතේ දවස් පාට කරන්න, ඒ සිත්තම රසවත් කරන්න සමිධ අයියායේ කරඳමුංගු, කරාබුනැටි දැමූ තේ කෝප්පයක රස බලන්න ආශාවක් ආවේ ය.හදිසියේම ගැසූ හෙණයකින් මා පියවි සිහිය ලද්දේ ය. ඉතින් මා මෙම තෙතබරිත මාවතට පය තැබිය යුතුම ය. ආරෝවක් පිරිමහන ගානට ඇදහැලෙන මේ වැස්ස හැම කෙනෙක්ටම මල් වැස්සක් නොවනු ඇත. මේ කොලාම්තොට ජීවිතේ ගැට ගහන්න වැස්ස සමඟ පොරබදන අය ඕනෑ තරම් ය.ඉදින්, මල් වැස්ස…
ජීවිතේ මහන්සි කියලා හිතුණාම දිය වෙලා වැක්කෙරෙන්න ඔයාට ඉඩ තියෙනවා. නමුත් අතිශය අදුරු තත්පරවල පවා මනසේ සියුම් එළි දල්වන්නට ඔබට ඇති හැකියාව ගැන මට කියන්නටම ඇවැසි වූවා..
Written By: –
Nimasha Udagama
University of Colombo – Faculty of Management and Finance
Edited By:
Rtr. Ushanth Jayakumar
(Junior Blog Team Member 2023-24)
Edited By:
Rtr. Sanjana Hirushi
(General Member 2023-24)