මැදින් පොහොය දිනයේ සිදු වූ විශේෂ සිදුවීම් අතර, බුද්ධත්වය ලැබිමෙන් පසු මුල්වරට තමා උපන් නුවර වූ කිබුල්වත් නුවරට වැඩම කිරීම සුවිශේෂී වේ.එහිදී ශාක්‍ය වංශික නෑදෑයන් ගේ මානය බිදවීම, සංසාර පාදපරිචාරිකාව වූ යශෝදරාවන්ට චන්න කින්නර ජාතකය දේශනා කිරීම, ගිහිකල පුතු වූ රාහුල කුමාරයා සහ ගිහිකල සොයුරු වූ නන්ද කුමාරයා පැවිදි කරවිම.
එමෙන්ම දහම් අවබෝධ ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වීම, මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්විම, සුද්ධෝදන රජුගේ ඉල්ලීම මත ප්‍රථම වතාවට දෙමාපිය අවසර නොමැතිව ශාසනය තුළට පුද්ගලයින් පැවිදි නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් ද පනවන ලද්දේය.
මෙලෙස සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවු මැදින් පුර පසළොස්වක පොහොය දිනයෙර් මෙවර අප සමරන්නේ 2568 වෙනි මැදින් පුර පසළොස්වක පොහොය දිනයි.
Written By:
Rtr. Harindi Senanayake
(Junior Blog Team Member 2024-25)
Edited By:
Rtr. Moksha Munasinghe
(Junior Blog Team Member 2024-25)