21 වන සියවස මැද භාගයේ සිටින පෘථිවියට ආපදා යනු එතරම් අරුම පුදුම දෙයක් නොවෙයි. ඒ අතරිනුත් ස්වාභාවික ආපදා යනු අපට නිතරම පාහේ අහන්නට දකින්නට ලැබෙන දෙයකි. ගංවතුර, නායයෑම්, සුනාමි වැනි ස්වාභාවික ආපදා යනු ඒ අතරින් අප සවනට වැකෙන වචන කිහිපයකි.ස්වාභාවික ආපදා අතරින් මෑතකදී සිදුවුන ඉතාම බැරෑරුම් සුළිකුණාටුවක් ලෙස “මිල්ටන්” හැඳින්විය හැකියි.
මේ පිළිබඳව වැඩිම කතාබහක් ඇතිවුනේ ජාත්‍යන්තර අභවකාශයේ සිට ලබාගත් පින්තූරය නිසාය. මෙක්සිකෝ බොක්කේ ඇතිවුන අත්ලාන්තික් සුළි කුණාටුවක් වන මිල්ටන් සුළි කුණාටුව දෙවැනි වන්නේ 2005 වසරේ ඇති වූ රීටා සුළි කුණාටුවට පමණයි. 2024 වසරේ ඇතිවුණ අතිශය ප්‍රභල සුළි කුණාටුව මෙය ලෙස හැඳින්විය හැක. බටහිර කැරබියන් මුහුදේ හටගත් කැළඹීමක් හේතුවෙන් ඇති වූ මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 285 ක සුළං වේගයක් සහිතව හමායයි. එය හඳුන්වන්නේ පස්වෙනි කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙසයි. ඒ කෙසේ වෙතත් ගොඩබිම දෙසට මෙය පැමිණෙන විට තුන්වන කාණ්ඩයේ සුළි සුළඟක් ලෙස පැමිණ ඇත. ෆ්ලෝරීඩාව, ජෝර්ජියාව, මෙක්සිකෝවේ ගල්ෆ් වෙරළ තීරයට මෙයින් බරපතළ බලපෑමක් එල්ල වී තිබෙනවා. මිනිස් ජීවිත කිහිපයක් අහිමි කිරීමට තරම් බලපත් වූ මෙම මිල්ටන් සුළි කුණාටුවෙන් වැඩිම හානිය සිදු වී තිබෙන්නේ ෆ්ලොරිඩාවටයි.
ඒ කෙසේ වෙතත් පෙර අනතුරු ඇඟවිම් සිදුකර තිබූ නිසා මිනිස් ජීවිත රැසක් බේරාගැනීමට සිදු වූ බව විදේශ මාධ්‍ය පවසනවා.ඩොලර් මිලියන 100කට එහා හානියක් මිල්ටන් සුළි කුණාටුව නිසා ඇති වී තිබෙයි.ගස් කඩාවැටීම්,දේපළ හානිවීම් නිසා එම ප්‍රදේශවලට විදුලි සැපයුමටද එයින් බාධා එල්ල වී තිබෙයි.මිල්ටන් සුළි කුණාටුවේ යන ගමන් මාර්ගයේ කිසිදු ජීවයක් ඉතිරි නොවන බවට ඇමරිකානු කාලගුණ බලදාරීන් පැවසූවා.මේ කරුණු පැවසූ කල ඔබට හිතාගත හැකිද මිල්ටන් යනු කෙතරම් සැර චන්ඩ මාරුතයක්ද බව ?
Written By: –
Rtr. Kavindu Jayawadena
(Junior Blog Team Member 2024-25)
Edited By: –
Rtr. Naduni Premathilaka
(Senior Blog Team Member 2024-25)