ආදරය හරියට අහසේ බැබළෙන තරුවක් වගේ. ඒ තරුවෙන් ජීවිතය එළිය කරන්න වගේම ඕනවට වඩා ළං උනොත් ඔයාව ගින්නකින් දවන්නත් පුළුවන්.. එක දවසක් මම ගෙදර එන අතරමගදී මං දැක්කා මගේ ළඟම මිතුරෙක්ට අන්න ඒ කියපු තරුවක් මුණගැහුණ හැටි.. මමත් එකඟයි ඒ තරුව නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බැබළෙන, දිදුලන තරුවක්.. ටිකක් වෙනස් තරුවක්.. මගේ මිතුරා මට කිව්වා මෙහෙම, “දැක්ක පලවෙනි වතාවෙ නම් ඒ තරුවක්ම ද කියලා හිතුනේ නෑ. ඒත් ඊට පස්සේ දවසින් දවස ඒ තරුව දකිද්දි ඒ නම් මගේ අඳුරු හදවත දිදුලවන්න ආපු තරුවම තමයි, කියලමයි දැනුනේ..’



Written By: –
Amali Shashikala
Edited By:
Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)
Edited By:
Rtr. Nawodi Thathsarani
(General Member 2023-24)